2. 3. 11. 3.
3. “මහණෙනි, ලොව දුර්ලභවූ මේ පුද්ගලයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, (නිර්‍වාණ ධර්‍මයෙන්) තෘප්තවූ පුද්ගලයාද, අනුන් තෘප්තකරවන්නාවූ පුද්ගලයාද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි ලොව දුර්ලභ පුද්ගලයෝ වෙත්.”
2. 3. 11. 4.
4. “මහණෙනි, (තෘප්තියට පැමිණවීමට) දුෂ්කර මේ පුද්ගලයන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් ලුබුණු, ලැබුණු දේ බහා (සඟවා) තබයිද, යමෙක් ලැබුණු, ලැබුණු දේ වියදම් කරයිද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි සතුටු කිරීමට දුෂ්කර පුද්ගලයෝ වෙත්.”
2. 3. 11. 5.
5. “මහණෙනි, සැපසේ පිණවිය හැකි මේ පුද්ගලයන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් ලද, ලද දේ බහා (සඟවා) නොතබයිද, යමෙක් ලද, ලද දේ වියදම් නොකරයිද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි සැපසේ පිණවිය හැකි පුද්ගලයෝ වෙත්.”
2. 3. 11. 6.
6. “මහණෙනි, රාගය ඉපදීමට මේ හේතූන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, (ඉෂ්ටාරම්මණ නම්) සුභ නිමිත්තය, නුනුවණින් මෙනෙහි කිරීමය (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි රාගය ඉපදීමට ප්‍රත්‍යය වෙත්.”
2. 3. 11. 7.
7. “මහණෙනි, ද්වේෂය ඉපදීමට මේ හේතූන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, (අනිෂ්ටාරම්මණ සංඛ්‍යාත) ප්‍රතිඝ (ක්‍රොධ) නිමිත්තය, නුනුවණින් මෙනෙහි කිරීමය (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි ද්වේෂය ඉපදීමට ප්‍රත්‍යය වෙත්.”
2. 3. 11. 8.
8. “මහණෙනි, මිත්‍යාදෘෂ්ටිය ඉපදීමට මේ හේතූන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, අන්‍යයන් වෙතින් අසද්ධර්‍මශ්‍රවණය හා නුනුවණින් මෙනෙහි කිරීමය (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි මිත්‍යාදෘෂ්ටිය ඉපදීමට ප්‍රත්‍යය වෙත්.”
2. 3. 11. 9.
9. “මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය ඉපදීමට මේ හේතූන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, අන්‍යයන් වෙතින් සද්ධර්‍මශ්‍රවණය හා නුවණින් මෙනෙහි කිරීමය (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි සම්‍යග්දෘෂ්ටිය ඉපදීමට ප්‍රත්‍යය වෙත්.”
2. 3. 11. 10.
10. “මහණෙනි, මේ ආපත්තීහු (වරද) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ලහුක (සැහැල්ලු) ආපත්තියද, ගරුක (මහත්වූ) ආපත්තියද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ආපත්තීහු දෙදෙන වෙත්.”
2. 3. 11. 11.
11. “මහණෙනි, මේ ආපත්තීහු (වරද) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පාරාජිකාදී ආපත්තියද (පචිති ආදී) අදුට්ඨුල්ල ආපත්තියද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ආපත්තීහු දෙදෙන වෙත්.”
2. 3. 11. 12.
12. “මහණෙනි, මේ ආපත්තීහු (වරද) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සාවසෙස (සංඝාදිසෙස) ආපත්තියද, අනවසේස (පාරාජිකා) ආපත්තියද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ආපත්තී දෙදෙන වෙත්.”
පළමුවෙනි ආසා වර්‍ගය නිමි.
(12) 2. ආයාචන වර්‍ගය
[සැවැත් නිදානයි]
2. 3. 12. 1.
13. “මහණෙනි, මනාව ප්‍රාර්ත්‍ථනා කරන්නාවූ සැදැහැවත් භික්‍ෂුවක් වේ නම්, හෙතෙම මෙසේ ප්‍රාර්ත්‍ථනා කරයි. ‘ශාරීපුත්‍ර, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේලා යම්බඳු වෙත් නම් එබඳු වෙමියි (කියායි.) මහණෙනි, යම් මේ ශාරීපුත්‍ර, මොග්ගල්ලාන ස්ථවිර දෙනමක් වෙද්ද, මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ට මේ (දෙනම) තුලාව (තරාදිය) යි. මේ (දෙනම) ප්‍රමාණය (මැනීම) යි.”