[17. සත්තරසම වර්ගය]
1. අකුසලපෙය්‍යාලං
1-50.
“මහණෙනි, මේ අකුසල ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ක්‍රෝධයද, බද්ධ වෛරයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ අකුසල ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ගුණමකුවීමද, යුගග්‍රාහයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ අකුසල ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ඊර්‍ෂ්‍යාවද, මසුරු බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ අකුසල ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ අකුසල ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “පාපයට ලජ්ජා නැති බවද, පාපයට භය නැති බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්‍මයෝ වෙත්” “මහණෙනි, මේ කුසල ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “අක්‍රෝධයද, බද්ධ වෛර නොකිරීමද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ කුසල ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ගුණමකු නොවීමද, අයුගග්‍රාහයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ කුසල ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ඊර්‍ෂ්‍යයා නොකිරීමද, නොමසුරු බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ කුසල ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “මායා රහිත බවද, අකෛරාටික බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ කුසල ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “(පාපයට) ලජ්ජාවද, (පාපයට) භයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ වැරදි සහිත ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ක්‍රෝධයද, බද්ධ වෛරයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ වැරදි සහිත ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ගුණමකුවීමද, තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ වැරදි සහිත ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ඊර්‍ෂ්‍යයාවද, මසුරු බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ වැරදි සහිත ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ වැරදි සහිත ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “(පාපයට) ලජ්ජා නැති බවද, (පාපයට) භය නැති බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ නිවැරදි ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “අක්‍රෝධයද, බද්ධ වෛර නොකිරීමද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්‍ය ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ නිවැරදි ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ගුණමකු නොවීමද, තමන් උතුම්කොට නොසිතන බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්‍ය ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ නිවැරදි ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ඊර්‍ෂ්‍යා නොකිරීමද, නොමසුරු බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්‍ය ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ නිවැරදි ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “මායා රහිත බවද, අකෛරාටික බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්‍ය ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ නිවැරදි ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “(පාපයට) ලජ්ජාවද, (පාපයට) භයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්‍ය ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ක්‍රෝධයද, බද්ධ වෛරයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ගුණමකුවීමද, තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ඊර්‍ෂ්‍යයාවද, මසුරු බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “(පාපයට) ලජ්ජා නැති බවද, (පාපයට) භය නැති බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්‍මයෝ වෙත්.” “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “අක්‍රෝධයද, බද්ධ වෛර නොකිරීමද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ගුණමකු නොවීමද, තමන් උතුම් කොට නොසිතන බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඊර්‍ෂ්‍යයා නොකිරීමද, නොමසුරු බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මායා රහිත බවද, අකෛරාටික බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “(පාපයට) ලජ්ජාවද, (පාපයට) භයද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ක්‍රෝධයද, බද්ධ වෛරයද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ගුණමකු වීමද, තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඊර්‍ෂ්‍යයාවද, මසුරු බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “(පාපයට) ලජ්ජා නැති බවද, (පාපයට) භය නැති බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “අක්‍රෝධයද, බද්ධ වෛරනොකිරීමද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ගුණමකු නොවීමද, තමන් උතුම්කොට නොසිතන බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඊර්‍ෂ්‍යයා නොකිරීමද, නොමසුරු බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මායා රහිත බවද, අකෛරාටික යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “(පාපයට) ලජ්ජාවද, (පාපයට) භයද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ක්‍රෝධයද, බද්ධ වෛරයද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ගුණමකු වීමද, තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඊර්‍ෂ්‍යයාවද, මසුරු බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “පාපයට ලජ්ජා නැති බවද, පාපයට භය නැති බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “අක්‍රෝධයද, බද්ධ වෛර නොකිරීමද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, ව්‍යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ගුණමකු නොවීමද, තමන් උතුම් කොට නොසිතන බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, ව්‍යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඊර්‍ෂ්‍යයා නොකිරීමද, නොමසුරු බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, ව්‍යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මායා රහිත බවද, අකෛරාටික බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, ව්‍යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “පාපයට ලජ්ජාවද, පාපයට භයද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, ව්‍යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.”
අකුසලපෙය්‍යාලං නිට්ඨිතං.
2. විනයපෙය්‍යාල හෙවත් ශික්‍ෂාපද වර්‍ගය
1-10.
මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ශික්‍ෂාපද පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්: ‘මැනව වහන්සැ’ යි සඞ්ඝයාගේ පිළිගැනීම පිනිසද, සඞ්ඝයාගේ පහසුබව පිණිසද, දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිසද, ප්‍රියශීලී භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිසද, මේ ආත්මයෙහි කෙලෙසුන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසද, මේ ආත්මයෙහි වෛරයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි වෛරයන්ගේ නැසීම පිණිසද, මේ ආත්මයෙහි දෝෂයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි දෝෂයන්ගේ වැලැක්ම පිණිසද, මේ ආත්මයෙහි භය හේතූන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි භය හේතූන්ගේ ප්‍රතිෂෙධය පිණිසද, මේ ආත්මයෙහි අකුසල ධර්මයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි අකුසල ධර්මයන්තේ වැලැක්ම පිණිසද, ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිසද, පවිටු භික්‍ෂූන්ගේ පක්‍ෂබල සිඳීම පිණිසද, නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිසද, පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසද, සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිසද, විනයට අනුග්‍රහය පිණිසද යන මේ දෙක අනුසස් සඳහායි. මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ශික්‍ෂාපද පනවන ලද්දේය.
11-300.
මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පාමොක් පනවන ලදී -පෙ- පාමොක් උදෙසීම් පනවන ලදී -පෙ- පාමොක් (උපොසථ) තැබීම පනවන ලදී -පෙ- පවුරුණු පනවන ලදී -පෙ- පවුරුණු තැබීම පනවන ලදී -පෙ- තර්ජනීය කර්‍මය පනවන ලදී -පෙ- නියස්ස කර්මය පනවන ලදී -පෙ- නෙරපීම නම් පබ්බාජනීය කර්මය පනවන ලදී -පෙ- පටිසාරණීය කර්මය පනවන ලදී -පෙ- උත්ක්‍ෂෙපනීය කර්මය පනවන ලදී -පෙ- (සෝදිසි පිට සිටීමට ඉඩදීම නම්) පිරිවෙස්දීමේ කර්‍මය පනවන ලදී -පෙ- (නැවත, නැවත ආරම්භ කිරීම නම්) මූලාය පටිකස්සන කර්‍මය පනවන ලදී -පෙ- (ප්‍රතිච්ඡන්නවූද, අප්‍රතිච්ඡන්නවූද සියලු ගරු ඇවැත්හි) මානත්දීම පනවන ලදී -පෙ- (පිරූ මානත් ඇති භික්‍ෂුව උදෙසා) අබ්භාහන කර්‍මය පනවන ලදී -පෙ- (මනාකොට පවත්නාවූ භික්‍ෂුවට කටයුතු) ඔසාරණීය කර්මය පනවන ලදී -පෙ- (මනාව නොපවත්නා භික්‍ෂුවට කටයුතු) නිස්සාරණීය කර්මය පනවන ලදී -පෙ- (අෂ්ටවිධ) උපසම්පදා කර්මය පනවන ලදී -පෙ- (නවස්ථානිකවූ) ඤත්ති කර්‍මය පනවන ලදී -පෙ- ඤත්ති දුතිය කර්මය පනවන ලදී -පෙ- ඤත්තිචතුත්‍ථ කර්මය පනවන ලදී -පෙ- ශික්‍ෂාපද නොපැනවූ කල්හි (ප්‍රථමපාරාජිකාදී ප්‍රථම) ප්‍රඥප්ති පනවන ලදී -පෙ- ශික්‍ෂාපද පැනවූ කල්හි අනුප්‍රඥප්ති පනවන ලදී -පෙ- සම්මුඛ විනය කර්මය පනවන ලදී -පෙ- (ක්‍ෂීණාශ්‍රවයාහට චෝදනා නොකිරීම පිණිස) සති විනය කර්මය පනවන ලදී -පෙ- (උමතු මහණහට සුදුසු) අමුළ්හ විනය කර්මය පනවන ලදී -පෙ- (අප්‍රතිඥාවෙන් චූදිතයාහට ඇවැත් කරණු පිණිස) ප්‍රතිඥාතකරණ කර්මය පනවන ලදී -පෙ- (අධිකරණ ව්‍යපසමණය පිණිස) යෙභුය්‍යසිකා කර්මය පනවන ලදී -පෙ- (පාපොත්සන්න පුද්ගලයන්ට නිග්‍රහ කරණ පිණිස) තස්සපාපිය්‍යසිකා කර්මය පනවන ලදී -පෙ- (ගුරු ඇවැත් හා ගිහියන් සම්බන්‍ධ ඇවැත් හැර සෙසු ඇවතින් පිරිසිදුවීම පිණිස) තීණවත්‍ථාරක කර්මය පනවන ලදී.
කවර දෙකක් සඳහාද යත්: ‘මැනව වහන්සැ’ යි සඞ්ඝයාගේ පිළිගැනීම පිනිසද, සඞ්ඝයාගේ පහසුබව පිණිසද, දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිසද, ප්‍රියශීලී භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිසද, මේ ආත්මයෙහි කෙලෙසුන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසද, මේ ආත්මයෙහි වෛරයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි වෛරයන්ගේ නැසීම පිණිසද, මේ ආත්මයෙහි දෝෂයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි දෝෂයන්ගේ වැලැක්ම පිණිසද, මේ ආත්මයෙහි භය හේතූන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි භය හේතූන්ගේ ප්‍රතිෂෙධය පිණිසද, මේ ආත්මයෙහි අකුසල ධර්මයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි අකුසල ධර්මයන්තේ වැලැක්ම පිණිසද, ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිසද, පවිටු භික්‍ෂූන්ගේ පක්‍ෂබල සිඳීම පිණිසද, නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිසද, පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසද, සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිසද, විනයට අනුග්‍රහය පිණිසද යන මේ දෙක අනුසස් සඳහායි. මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට තීණවත්‍ථාරක කර්මය පනවන ලද්දේය.
විනයපෙය්‍යාලං නිට්ඨිතං.
රාගපෙය්‍යාලං
1-10.
“මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද, (අනිත්‍ය, දුක්ඛ. අනාත්ම වශයෙන් විවිධාකාරයෙන් සංස්කාර ධර්මයන් දැකීම කොට ඇති) විදර්‍ශනාවද යන දෙකයි. “මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
“මහණෙනි, රාගයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ පිරිසිදුව දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
11-70.
“මහණෙනි, ද්වේෂයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ෙවශයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්‍රෝධයාගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්‍රෝධයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්‍රෝධයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්‍රෝධයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්‍රෝධයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්‍රෝධයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්‍රෝධයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්‍රෝධයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්‍රෝධයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්‍රෝධයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්‍රෝධයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්‍රෝධයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්‍රෝධයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්‍රෝධයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්‍රෝධයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්‍රෝධයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්‍රෝධයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්‍රෝධයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්‍රෝධයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්‍රෝධයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධියද), විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, යුගග්‍රාහයාගේ (එකට එක කිරීමේ) මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ පිරිසිදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ පිරිසිදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධියද), විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නැති ගුණ දක්වන) කෛරාටික භාවයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ පිරිසිදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ පිරිසිදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ මනා නැතිවීම මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ මනා නොඇල්ම මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ පිරිසිදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ පිරිසිදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ පිරිසිදුව දැනගැනීම පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ පරික්ඛය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්‍රමාදයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්‍රමාදයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්‍රමාදයාගේ පිරිසිදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්‍රමාදයාගේ පිරිසිදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්‍රමාදයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්‍රමාදයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්‍රමාදයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්‍රමාදයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්‍රමාදයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්‍රමාදයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්‍රමාදයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්‍රමාදයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්‍රමාදයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්‍රමාදයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්‍රමාදයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්‍රමාදයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්‍රමාදයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්‍රමාදයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්‍රමාදයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්‍ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්‍රමාදයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
රාගපෙය්‍යාලං නිට්ඨිතං.
සතළොස්වන වර්ගය නිමියේය.
දුක නිපාතය සමාප්තයි.