2. 16. 31-35.
187. “මහණෙනි, ධර්මයන් දෙදෙනෙකුගෙන් යුක්තවූ තැනැත්තේ, ගෙණෙන ලද්දක් බහා තබනු ලබන්නේ යම් සේ නම්, එසේම නරකයෙහි වේ. (උපදී.) කවර දෙදෙනෙකුගෙන්ද යත්: ක්රෝධයෙන්ද, බද්ධ වෛරයෙන්ද; ගුණමකු බැවින්ද, යුගග්රාහයෙන්ද; ඊර්ෂ්යයාවෙන්ද, මාත්සර්ය්යයෙන්ද; මායාවෙන්ද, කෛරාටික බැවින්ද; (පාපයෙහි) නිර්ලජ්ජී බැවින්ද, (පාපයෙහි) භය නැති බැවින්ද. මහණෙනි, මේ ධර්ම දෙදෙනාගෙන් යුත් තැනැත්තේ ගෙණෙන ලද්දක් බහා තබනු ලබන්නේ යම් සේද, එසේම නරකයෙහි වේ.”
2. 16. 36-40.
188. “මහණෙනි, ධර්මයන් දෙදෙනෙකුගෙන් යුක්තවූ තැනැත්තේ, ගෙණෙන ලද්දක් බහා තබනු ලබන්නේ යම් සේ නම්, එසේම ස්වර්ගයෙහි වේ. (උපදී.) කවර දෙදෙනෙකුගෙන්ද යත්: අක්රෝධයෙන්ද, බද්ධ වෛර නොකිරීමෙන්ද; ගුණමකු නොවීමෙන්ද, අයුගග්රාහයෙන්ද; ඊර්ෂ්යයා නොකිරීමෙන්ද, නොමසුරු බැවින්ද; කෛරාටික නොවීමෙන්ද, නොකපටි බැවින්ද; (පාපයෙහි) ලජ්ජාවීමෙන්ද, (පාපයට) භය ඇති බැවින්ද. මහණෙනි, මේ ධර්ම දෙදෙනාගෙන් යුත් තැනැත්තේ ගෙණෙන ලද්දක් බහා තබනු ලබන්නේ යම් සේද, එසේම ස්වර්ගයෙහි වේ.”
2. 16. 41-45.
189. “මහණෙනි, මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් තෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විවසව පතිතවීම් ඇති, නරකයෙහි උපදී. කවර දෙකකින්ද යත්: ක්රෝධයෙන්ද, බද්ධ වෛරයෙන්ද; ගුණමකු බැවින්ද, යුගග්රාහයෙන්ද; ඊර්ෂ්යාවෙන්ද, මාත්සර්ය්යයෙන්ද; මායාවෙන්ද, කෛරාටික කමින්ද; (පාපයෙහි) නිර්ලජ්ජී බැවින්ද, (පාපයට) භය නැති බැවින්ද යන කරුණු වලිනි. මහණෙනි, මෙලොව මේ ධර්ම දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් තෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විවසව පතිතවීම් ඇති, නරකයෙහි උපදී.”
2. 16. 46-50.
190. “මහණෙනි, මෙලොව මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් තෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු, යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී. කවර දෙකකින්ද යත්: අක්රෝධයෙන්ද, අබද්ධ වෛරයෙන්ද; ගුණමකු නැති බැවින්ද, අයුගග්රාහයෙන්ද; ඊර්ෂ්යයා නොකිරීමෙන්ද, නොමසුරු බැවින්ද; කෛරාටිකකම් නැති බැවින්ද, නොකපටි බැවින්ද; (පාපයෙහි) ලජ්ජාවීමෙන්ද, (පාපයට) භයින්ද යන දෙකිනි. මහණෙනි, මෙලොව මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු, යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී.”
සවෙනි ක්රොධ වර්ගය නිමි.
[17. සත්තරසම වර්ගය]
1. අකුසලපෙය්යාලං
1-50.
“මහණෙනි, මේ අකුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ක්රෝධයද, බද්ධ වෛරයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ අකුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ගුණමකුවීමද, යුගග්රාහයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ අකුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ඊර්ෂ්යාවද, මසුරු බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ අකුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ අකුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “පාපයට ලජ්ජා නැති බවද, පාපයට භය නැති බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි අකුසල ධර්මයෝ වෙත්” “මහණෙනි, මේ කුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “අක්රෝධයද, බද්ධ වෛර නොකිරීමද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ කුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ගුණමකු නොවීමද, අයුගග්රාහයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ කුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ඊර්ෂ්යයා නොකිරීමද, නොමසුරු බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ කුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “මායා රහිත බවද, අකෛරාටික බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ කුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “(පාපයට) ලජ්ජාවද, (පාපයට) භයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි කුසල ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ වැරදි සහිත ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ක්රෝධයද, බද්ධ වෛරයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ වැරදි සහිත ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ගුණමකුවීමද, තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ වැරදි සහිත ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ඊර්ෂ්යයාවද, මසුරු බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ වැරදි සහිත ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ වැරදි සහිත ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “(පාපයට) ලජ්ජා නැති බවද, (පාපයට) භය නැති බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි වැරදි සහිත ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ නිවැරදි ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “අක්රෝධයද, බද්ධ වෛර නොකිරීමද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්ය ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ නිවැරදි ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ගුණමකු නොවීමද, තමන් උතුම්කොට නොසිතන බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්ය ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ නිවැරදි ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ඊර්ෂ්යා නොකිරීමද, නොමසුරු බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්ය ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ නිවැරදි ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “මායා රහිත බවද, අකෛරාටික බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්ය ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ නිවැරදි ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “(පාපයට) ලජ්ජාවද, (පාපයට) භයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි නිරවද්ය ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ක්රෝධයද, බද්ධ වෛරයද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ගුණමකුවීමද, තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “ඊර්ෂ්යයාවද, මසුරු බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, මේ දුක් වඩන්නාවූ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: “(පාපයට) ලජ්ජා නැති බවද, (පාපයට) භය නැති බවද යන මේ දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “අක්රෝධයද, බද්ධ වෛර නොකිරීමද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ගුණමකු නොවීමද, තමන් උතුම් කොට නොසිතන බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඊර්ෂ්යයා නොකිරීමද, නොමසුරු බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මායා රහිත බවද, අකෛරාටික බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප වඩන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “(පාපයට) ලජ්ජාවද, (පාපයට) භයද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප වඩන්නාවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ක්රෝධයද, බද්ධ වෛරයද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ගුණමකු වීමද, තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඊර්ෂ්යයාවද, මසුරු බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “(පාපයට) ලජ්ජා නැති බවද, (පාපයට) භය නැති බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “අක්රෝධයද, බද්ධ වෛරනොකිරීමද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ගුණමකු නොවීමද, තමන් උතුම්කොට නොසිතන බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඊර්ෂ්යයා නොකිරීමද, නොමසුරු බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මායා රහිත බවද, අකෛරාටික යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, සැප විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “(පාපයට) ලජ්ජාවද, (පාපයට) භයද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, සැප විපාක ඇති ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ක්රෝධයද, බද්ධ වෛරයද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ගුණමකු වීමද, තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඊර්ෂ්යයාවද, මසුරු බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මායාවද, කෛරාටික බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් සහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “පාපයට ලජ්ජා නැති බවද, පාපයට භය නැති බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් සහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “අක්රෝධයද, බද්ධ වෛර නොකිරීමද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, ව්යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ගුණමකු නොවීමද, තමන් උතුම් කොට නොසිතන බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, ව්යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඊර්ෂ්යයා නොකිරීමද, නොමසුරු බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, ව්යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මායා රහිත බවද, අකෛරාටික බවද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, ව්යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.” “මහණෙනි, දුක් රහිතවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “පාපයට ලජ්ජාවද, පාපයට භයද යන මේ දෙදෙනයි.” “මහණෙනි, මේ දෙදෙන වනාහි, ව්යාපාධ (දුක්) රහිතවූ ධර්මයෝ වෙත්.”
අකුසලපෙය්යාලං නිට්ඨිතං.
2. විනයපෙය්යාල හෙවත් ශික්ෂාපද වර්ගය
1-10.
මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්රාවකයන්හට ශික්ෂාපද පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්: ‘මැනව වහන්සැ’ යි සඞ්ඝයාගේ පිළිගැනීම පිනිසද, සඞ්ඝයාගේ පහසුබව පිණිසද, දුසිල් පුද්ගලයන්ට නිග්රහ පිණිසද, ප්රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසද, මේ ආත්මයෙහි කෙලෙසුන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසද, මේ ආත්මයෙහි වෛරයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි වෛරයන්ගේ නැසීම පිණිසද, මේ ආත්මයෙහි දෝෂයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි දෝෂයන්ගේ වැලැක්ම පිණිසද, මේ ආත්මයෙහි භය හේතූන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි භය හේතූන්ගේ ප්රතිෂෙධය පිණිසද, මේ ආත්මයෙහි අකුසල ධර්මයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි අකුසල ධර්මයන්තේ වැලැක්ම පිණිසද, ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිසද, පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසද, නොපහන් පුද්ගලයන්ගේ ප්රසාදය පිණිසද, පහන් පුද්ගලයන්ගේ ප්රසාදය බොහෝ බව (වැඩීම) පිණිසද, සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිසද, විනයට අනුග්රහය පිණිසද යන මේ දෙක අනුසස් සඳහායි. මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්රාවකයන්හට ශික්ෂාපද පනවන ලද්දේය.
11-300.
මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්රාවකයන්හට පාමොක් පනවන ලදී -පෙ- පාමොක් උදෙසීම් පනවන ලදී -පෙ- පාමොක් (උපොසථ) තැබීම පනවන ලදී -පෙ- පවුරුණු පනවන ලදී -පෙ- පවුරුණු තැබීම පනවන ලදී -පෙ- තර්ජනීය කර්මය පනවන ලදී -පෙ- නියස්ස කර්මය පනවන ලදී -පෙ- නෙරපීම නම් පබ්බාජනීය කර්මය පනවන ලදී -පෙ- පටිසාරණීය කර්මය පනවන ලදී -පෙ- උත්ක්ෂෙපනීය කර්මය පනවන ලදී -පෙ- (සෝදිසි පිට සිටීමට ඉඩදීම නම්) පිරිවෙස්දීමේ කර්මය පනවන ලදී -පෙ- (නැවත, නැවත ආරම්භ කිරීම නම්) මූලාය පටිකස්සන කර්මය පනවන ලදී -පෙ- (ප්රතිච්ඡන්නවූද, අප්රතිච්ඡන්නවූද සියලු ගරු ඇවැත්හි) මානත්දීම පනවන ලදී -පෙ- (පිරූ මානත් ඇති භික්ෂුව උදෙසා) අබ්භාහන කර්මය පනවන ලදී -පෙ- (මනාකොට පවත්නාවූ භික්ෂුවට කටයුතු) ඔසාරණීය කර්මය පනවන ලදී -පෙ- (මනාව නොපවත්නා භික්ෂුවට කටයුතු) නිස්සාරණීය කර්මය පනවන ලදී -පෙ- (අෂ්ටවිධ) උපසම්පදා කර්මය පනවන ලදී -පෙ- (නවස්ථානිකවූ) ඤත්ති කර්මය පනවන ලදී -පෙ- ඤත්ති දුතිය කර්මය පනවන ලදී -පෙ- ඤත්තිචතුත්ථ කර්මය පනවන ලදී -පෙ- ශික්ෂාපද නොපැනවූ කල්හි (ප්රථමපාරාජිකාදී ප්රථම) ප්රඥප්ති පනවන ලදී -පෙ- ශික්ෂාපද පැනවූ කල්හි අනුප්රඥප්ති පනවන ලදී -පෙ- සම්මුඛ විනය කර්මය පනවන ලදී -පෙ- (ක්ෂීණාශ්රවයාහට චෝදනා නොකිරීම පිණිස) සති විනය කර්මය පනවන ලදී -පෙ- (උමතු මහණහට සුදුසු) අමුළ්හ විනය කර්මය පනවන ලදී -පෙ- (අප්රතිඥාවෙන් චූදිතයාහට ඇවැත් කරණු පිණිස) ප්රතිඥාතකරණ කර්මය පනවන ලදී -පෙ- (අධිකරණ ව්යපසමණය පිණිස) යෙභුය්යසිකා කර්මය පනවන ලදී -පෙ- (පාපොත්සන්න පුද්ගලයන්ට නිග්රහ කරණ පිණිස) තස්සපාපිය්යසිකා කර්මය පනවන ලදී -පෙ- (ගුරු ඇවැත් හා ගිහියන් සම්බන්ධ ඇවැත් හැර සෙසු ඇවතින් පිරිසිදුවීම පිණිස) තීණවත්ථාරක කර්මය පනවන ලදී.