2. 16. 1-5.
181. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: ක්රෝධයද, බද්ධ වෛරයද; ගුණමකු බවද, යුගග්රාහය (අනුන් යටත්කොට ගැනීම)ද; ඊර්ෂ්යාවද, මසුරුබවද; මායාවද, කෛරාටික බවද; පාපයෙහි නිර්ලජ්ජිබවද, (පාපයෙහි) බය නැති බවද යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන ධර්මයෝ වෙති.”
2. 16. 6-10.
182. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: අක්රෝධයද, බද්ධ වෛර නොකිරීමද; ගුණමකු නොවීමද, අයුගග්රාහය (අනුන් යටත් නොකරන බව)ද; ඊර්ෂ්යා නොකිරීමද, නොමසුරු බවද; අමායාව (කළ වරද නොවැසීම)ද, අකෛරාටික බවද; (පාපයෙහි) ලජ්ජාවද, (පාපයෙහි) භයද යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන ධර්මයෝ වෙති.”
2. 16. 11-15.
183. “මහණෙනි, කරුණු දෙකකින් යුත් තැනැත්තේ දුකසේ වෙසෙයි. කවර දෙකකින්ද යත්: ක්රෝධයෙන් හා බද්ධ වෛරයෙන්ද; ගුණමකු බැවින්ද, යුගග්රාහයෙන්ද; ඊර්ෂ්යාවෙන් හා මාත්සර්ය්යයෙන්ද; මායාවෙන්ද, කෛරාටික කමින්ද; (පාපයට) නිර්ලජ්ජි බැවින් හා (පාපයෙහි) බය නැති බැවින්ද යන දෙකිනි. මහණෙනි, මේ ධර්මයන්ගෙන් යුක්තවූ තැනැත්තේ දුකසේ වාසය කෙරේ.”
2. 16. 16-20.
184. “මහණෙනි, කරුණු දෙකකින් යුත් තැනැත්තේ සැපසේ වෙසෙයි. කවර දෙකකින්ද යත්: අක්රෝධයෙන්ද, බද්ධ වෛර නොකිරීමෙන්ද; ගුණමකු නොවූමෙන්ද, අයුගග්රාහයෙන්ද; ඊර්ෂ්යා නොකිරීමෙන්ද, මසුරු නොවීමෙන්ද; කළ වරද නොවැසීමෙන්ද, කෛරාටික නොවීමෙන්ද; (පාපයට) ලජ්ජාවෙන්ද, (පාපයට) භයින්ද යන දෙකිනි. මහණෙනි, මේ ධර්ම දෙකින් යුත් තැනැත්තේ සැපසේ වාසය කෙරේ.”
2. 16. 21-25.
185. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන ශෛක්ෂ භික්ෂුවගේ (ගුණ) පිරිහීම පිණිස පවතිත්. කවර දෙදෙනද යත්: ක්රෝධයද, බද්ධ වෛරයද; ගුණමකු බවද, යුගග්රාහයද; ඊර්ෂ්යාවද, මාත්සර්ය්යයද; මායාවද, කෛරාටික බවද; නිර්ලජ්ජි බවද, (පාපයට) බය නැති බවද යන දෙදෙනයි. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි ශෛක්ෂ භික්ෂුවගේ (ගුණ) පිරිහීම සඳහා වෙත්.”
2. 16. 26-30.
186. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන ශෛක්ෂ භික්ෂුවගේ (ගුණ) නොපිරිහීම පිණිස පවතිත්. කවර දෙදෙනද යත්: අක්රෝධයද, බද්ධ වෛර නොකිරීමද; ගුණමකු නොවීමද, අයුගග්රාහයද; ඊර්ෂ්යයා නොකිරීමද, නොමසුරු බවද; අකෛරාටික බවද, නොකපටි බවද; (පාපයෙහි) ලජ්ජාවද, (පාපයෙහි) භයද යන මේ දෙදෙනයි. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි ශෛක්ෂ භික්ෂුවගේ (ගුණ) නොපිරිහීම සඳහා වෙත්.”
2. 16. 31-35.
187. “මහණෙනි, ධර්මයන් දෙදෙනෙකුගෙන් යුක්තවූ තැනැත්තේ, ගෙණෙන ලද්දක් බහා තබනු ලබන්නේ යම් සේ නම්, එසේම නරකයෙහි වේ. (උපදී.) කවර දෙදෙනෙකුගෙන්ද යත්: ක්රෝධයෙන්ද, බද්ධ වෛරයෙන්ද; ගුණමකු බැවින්ද, යුගග්රාහයෙන්ද; ඊර්ෂ්යයාවෙන්ද, මාත්සර්ය්යයෙන්ද; මායාවෙන්ද, කෛරාටික බැවින්ද; (පාපයෙහි) නිර්ලජ්ජී බැවින්ද, (පාපයෙහි) භය නැති බැවින්ද. මහණෙනි, මේ ධර්ම දෙදෙනාගෙන් යුත් තැනැත්තේ ගෙණෙන ලද්දක් බහා තබනු ලබන්නේ යම් සේද, එසේම නරකයෙහි වේ.”
2. 16. 36-40.
188. “මහණෙනි, ධර්මයන් දෙදෙනෙකුගෙන් යුක්තවූ තැනැත්තේ, ගෙණෙන ලද්දක් බහා තබනු ලබන්නේ යම් සේ නම්, එසේම ස්වර්ගයෙහි වේ. (උපදී.) කවර දෙදෙනෙකුගෙන්ද යත්: අක්රෝධයෙන්ද, බද්ධ වෛර නොකිරීමෙන්ද; ගුණමකු නොවීමෙන්ද, අයුගග්රාහයෙන්ද; ඊර්ෂ්යයා නොකිරීමෙන්ද, නොමසුරු බැවින්ද; කෛරාටික නොවීමෙන්ද, නොකපටි බැවින්ද; (පාපයෙහි) ලජ්ජාවීමෙන්ද, (පාපයට) භය ඇති බැවින්ද. මහණෙනි, මේ ධර්ම දෙදෙනාගෙන් යුත් තැනැත්තේ ගෙණෙන ලද්දක් බහා තබනු ලබන්නේ යම් සේද, එසේම ස්වර්ගයෙහි වේ.”
2. 16. 41-45.
189. “මහණෙනි, මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් තෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විවසව පතිතවීම් ඇති, නරකයෙහි උපදී. කවර දෙකකින්ද යත්: ක්රෝධයෙන්ද, බද්ධ වෛරයෙන්ද; ගුණමකු බැවින්ද, යුගග්රාහයෙන්ද; ඊර්ෂ්යාවෙන්ද, මාත්සර්ය්යයෙන්ද; මායාවෙන්ද, කෛරාටික කමින්ද; (පාපයෙහි) නිර්ලජ්ජී බැවින්ද, (පාපයට) භය නැති බැවින්ද යන කරුණු වලිනි. මහණෙනි, මෙලොව මේ ධර්ම දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් තෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විවසව පතිතවීම් ඇති, නරකයෙහි උපදී.”
2. 16. 46-50.
190. “මහණෙනි, මෙලොව මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් තෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු, යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී. කවර දෙකකින්ද යත්: අක්රෝධයෙන්ද, අබද්ධ වෛරයෙන්ද; ගුණමකු නැති බැවින්ද, අයුගග්රාහයෙන්ද; ඊර්ෂ්යයා නොකිරීමෙන්ද, නොමසුරු බැවින්ද; කෛරාටිකකම් නැති බැවින්ද, නොකපටි බැවින්ද; (පාපයෙහි) ලජ්ජාවීමෙන්ද, (පාපයට) භයින්ද යන දෙකිනි. මහණෙනි, මෙලොව මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු, යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී.”
සවෙනි ක්රොධ වර්ගය නිමි.