23. රාගාදි පෙයියාලය
10. 5. 3. 1.
මහණෙනි, රාගය හොඳට දැන ගැනීම පිණිස ධර්‍ම දහයක් වැඩිය යුතුය. කවර දසයක්ද යත්? අශුභය යන හැඟීම, මැරේය යන හැඟීම, අහරෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන හැඟීම, අනිත්‍ය හැඟීම, අනිත්‍යයෙහි දුක් යන හැඟීම, දුකෙහි අනාත්ම යන හැඟීම, දුරුකරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන හැඟීම, යන දසයයි. මහණෙනි, රාගය හොඳට දැන ගැනීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 2.
මහණෙනි, රාගයාගේ හොඳට දැනගැනීම පිණිස ධර්‍ම දහයක් වැඩිය යුත්තාහ. කවර දසයක්ද යත්? අනිත්‍යය යන හැඟීම, අනාත්මය යන හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන හැඟීම, ඇට යන හැඟීම, පණුවන් යන හැඟීම, නිල්ය යන හැඟීම, පූයාය යන හැඟීම, සිදුරු සහිතය යන හැඟීම, ඉදිමුණේය යන හැඟීම, යන දසයයි. මහණෙනි, රාගයාගේ හොඳට දැන ගැනීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 3.
මහණෙනි, රාගය හොඳට දැනගැනීම පිණිස ධර්‍ම දහයක් වැඩිය යුත්තාහ. කවර දහයක්ද යත්? නිවැරැදි දැකීම, නිවැරැදි සිතීම, නිවැරැදි වචන, නිවැරැදි ක්‍රියා, නිවැරැදි ජීවිකාව, නිවැරැදි වෑයම, නිවැරැදි සිහිය, නිවැරැදි සිතේ එකඟකම, නිවැරැදි නුවණ, නිවැරැදි මිදිම, යන දහයයි. මහණෙනි, රාගය හොඳට දැනගැනීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 4-6.
මහණෙනි, රාගය පිරිසිඳ දැනීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 7-9.
මහණෙනි, රාගය ක්‍ෂය කිරීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 10-12.
මහණෙනි, රාගය ප්‍රහාණය පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 13-15.
මහණෙනි, රාගය ක්‍ෂය වීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 16-18.
මහණෙනි, රාගය විනාශය පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 19-21.
මහණෙනි, රාගයෙහි නොඇලීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 22-24.
මහණෙනි, රාගයාගේ නිරුද්‍ධිය පිණිස... (පෙයියාලම)...
සංසිඳීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 25-27.
මහණෙනි, රාගය අත් හැරීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 28-30.
මහණෙනි, රාගය දුරු කිරීම පිණිස... (පෙයියාලම)... මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 31-60.
මහණෙනි, ද්වේෂය... (පෙයියාලම)...
10. 5. 3. 90.
මහණෙනි, මෝහය... (පෙයියාලම)...
10. 5. 3. 120.
මහණෙනි, ක්‍රෝධය... (පෙයියාලම)...
10. 5. 3. 150.
මහණෙනි, බද්‍ධ වෛරය... (පෙයියාලම)...
10. 5. 3. 180.
මහණෙනි, ගුණමකුකම... (පෙයියාලම)...