10. 5. 2. 14.
මහණෙනි, විසි ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. මහණෙනි, විසි ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි.
10. 5. 2. 15.
මහණෙනි, තිස් ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. මහණෙනි, තිස් ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි.
10. 5. 2. 16.
මහණෙනි, සතලිස් ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. මහණෙනි, සතලිස් ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි. (මේ ධර්ම ඉහත සූත්‍රයේ මෙනි.)
සාමඤ්ඤවග්ගො දුතියො.
23. රාගාදි පෙයියාලය
10. 5. 3. 1.
මහණෙනි, රාගය හොඳට දැන ගැනීම පිණිස ධර්‍ම දහයක් වැඩිය යුතුය. කවර දසයක්ද යත්? අශුභය යන හැඟීම, මැරේය යන හැඟීම, අහරෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන හැඟීම, අනිත්‍ය හැඟීම, අනිත්‍යයෙහි දුක් යන හැඟීම, දුකෙහි අනාත්ම යන හැඟීම, දුරුකරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන හැඟීම, යන දසයයි. මහණෙනි, රාගය හොඳට දැන ගැනීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 2.
මහණෙනි, රාගයාගේ හොඳට දැනගැනීම පිණිස ධර්‍ම දහයක් වැඩිය යුත්තාහ. කවර දසයක්ද යත්? අනිත්‍යය යන හැඟීම, අනාත්මය යන හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන හැඟීම, ඇට යන හැඟීම, පණුවන් යන හැඟීම, නිල්ය යන හැඟීම, පූයාය යන හැඟීම, සිදුරු සහිතය යන හැඟීම, ඉදිමුණේය යන හැඟීම, යන දසයයි. මහණෙනි, රාගයාගේ හොඳට දැන ගැනීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 3.
මහණෙනි, රාගය හොඳට දැනගැනීම පිණිස ධර්‍ම දහයක් වැඩිය යුත්තාහ. කවර දහයක්ද යත්? නිවැරැදි දැකීම, නිවැරැදි සිතීම, නිවැරැදි වචන, නිවැරැදි ක්‍රියා, නිවැරැදි ජීවිකාව, නිවැරැදි වෑයම, නිවැරැදි සිහිය, නිවැරැදි සිතේ එකඟකම, නිවැරැදි නුවණ, නිවැරැදි මිදිම, යන දහයයි. මහණෙනි, රාගය හොඳට දැනගැනීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 4-6.
මහණෙනි, රාගය පිරිසිඳ දැනීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 7-9.
මහණෙනි, රාගය ක්‍ෂය කිරීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 10-12.
මහණෙනි, රාගය ප්‍රහාණය පිණිස... (පෙයියාලම)...