10. 5. 2. 10.
“මහණෙනි, ධර්ම විස්සකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු කොට ඇද වැටෙන නරකයෙහි උපදී. කවර විස්සකින්ද යත්? තමාද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, තමාද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙහි සමාදන් කරවයිද, තමාද කාමයන්හි වරදවා හැසිරීමෙහි යෙදෙයිද, අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙහි යොදවයිද, තමන් බොරු කියයිද, අනුන්ද බොරු කීමෙහි යොදවයිද, තමන් කේලාම් කියයිද, අනුන්ද කේළාම් කීමෙහි යොදවයිද, තමන් ප්රලාප දොඩාද, අනුන්ද ප්රලාප දෙඩීමෙහි යොදවයිද, තමන් තෘෂ්ණා බහුලකොට ඇත්තේද, අනුන්ද තෘෂ්ණා බහුලබවෙහි යොදවයිද, තමන් ක්රෝධ සිත් ඇත්තේ වේද, අනුන්ද ක්රෝධයෙහි යොදවයිද, තමන් මිසදිටුවේද, අනුන්ද මිසදිටුයෙහි යොදවයිද, මහණෙනි, ධර්ම විස්සකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු කොට ඇද වැටෙන නරකයෙහි උපදියි. මහණෙනි, ධර්ම විස්සකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර විස්සකින්ද යත්? තමන් සතුන් මැරීමෙන් වලකින්නේ වේද, අනුන්ද සතුන් නොමැරීමෙහි සමාදන් කරවයිද, තමාද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ නොගැන්මෙහි සමාදන් කරවයිද, තමාද කාමයන්හි වරදවා හැසිරීමෙහි නොයෙදෙයිද, අනුන්ද කාමයන්හි වරදවා නොහැසිරීමෙහි සමාදන් කරවයිද, තමන් බොරු නොකියයිද, අනුන්ද බොරු නොකීමෙහි සමාදන් කරවයිද, තමන් කේලාම් නොකියයිද, අනුන්ද කේළාම් නොකීමෙහි සමාදන් කරවයිද තමන් ප්රලාප නොදොඩාද, අනුන්ද ප්රලාප නොකීමෙහි සමාදන් කරවයිද, තමන් තෘෂ්ණා බහුලකොට නැත්තේද, අනුන්ද තෘෂ්ණා බහුල නොවීමෙහි සමාදන් කරවයිද, තමන් ක්රෝධ සිත් ඇත්තේ නොවේද, අනුන්ද ක්රෝධ සිත් ඇති නොකිරීමේ සමාදන් කරවයිද, තමන් මිසදිටු නොවේද, අනුන්ද මිසදිටු නොවීමේ සමාදන් කරවයිද, මහණෙනි, මේ විසි ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ. මහණෙනි, ධර්ම විස්සකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි.
10. 5. 2. 11.
“මහණෙනි, ධර්ම තිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු කොට ඇද වැටෙන නරකයෙහි උපදියි. තමාද සතුන් නැසීමෙන් යුක්තවූයේ වේ. අනුන්ද සතුන් නැසීමෙහි සමාදන් කරවයි. සතුන් නැසීමෙහි එකඟවූයේ වෙයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්රෝධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වරදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, ධර්ම තිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු කොට ඇද වැටෙන නරකයෙහි උපදියි. මහණෙනි, ධර්ම තිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර තිසකින්ද යත්? තමාද සතුන් නැසීමෙන් වෙන්වූයේ වේ. අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමට සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟවූයේ වේ. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්රෝධයෙන් වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද නිවැරැදි දැකීම් ඇත්තේ වේද, නිවැරැදි දැකීමට සමාදන් කරවයිද, නිවැරැදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, ධර්ම තිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදියි.”
10. 5. 2. 12.
“මහණෙනි, ධර්ම සතළිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති නපුරුකොට ඇද වැටෙන නරකයෙහි උපදියි. කවර සතළිසකින්ද යත්? තමාද සතුන් මරන්නේ වේ. අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙහි එකඟ වෙයි. සතුන් මැරීමෙහි ගුණද කියයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්රෝධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණද කියාද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වැරදි දැකිමට එකඟ වූයේ වේද, අනුන්ටද වැරදි දැකීමෙහි ගුණ කියයිද, “මහණෙනි, ධර්ම සතළිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති නපුරුකොට ඇද වැටෙන නරකයෙහි උපදියි. මහණෙනි, ධර්ම සතළිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර සතළිසකින්ද යත්? තමාද සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. අන්යයන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟ වන්නේ වේ. සතුන් මැරීමෙන් වෙන්වීමෙහි ගුණ කියයි. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්රෝධයෙන් වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගැණ කියයිද, තමාද නිවැරැදි දැකීම් ඇත්තේ වේද, නිවැරැදි දැකීමට සමාදන් කරවයිද, නිවැරැදි දැකිමට එකඟ වූයේ වේද, නිවැරැදි දැකීමෙහි ගුණ කියයිද, මහණෙනි, ධර්ම සතළිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි.”
10. 5. 2. 13.
233-236. “මහණෙනි, දස ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. දස ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි.
10. 5. 2. 14.
මහණෙනි, විසි ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. මහණෙනි, විසි ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි.
10. 5. 2. 15.
මහණෙනි, තිස් ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. මහණෙනි, තිස් ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි.
10. 5. 2. 16.
මහණෙනි, සතලිස් ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. මහණෙනි, සතලිස් ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි. (මේ ධර්ම ඉහත සූත්රයේ මෙනි.)
සාමඤ්ඤවග්ගො දුතියො.
23. රාගාදි පෙයියාලය
10. 5. 3. 1.
මහණෙනි, රාගය හොඳට දැන ගැනීම පිණිස ධර්ම දහයක් වැඩිය යුතුය. කවර දසයක්ද යත්? අශුභය යන හැඟීම, මැරේය යන හැඟීම, අහරෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන හැඟීම, අනිත්ය හැඟීම, අනිත්යයෙහි දුක් යන හැඟීම, දුකෙහි අනාත්ම යන හැඟීම, දුරුකරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන හැඟීම, යන දසයයි. මහණෙනි, රාගය හොඳට දැන ගැනීම පිණිස මේ ධර්ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 2.
මහණෙනි, රාගයාගේ හොඳට දැනගැනීම පිණිස ධර්ම දහයක් වැඩිය යුත්තාහ. කවර දසයක්ද යත්? අනිත්යය යන හැඟීම, අනාත්මය යන හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන හැඟීම, ඇට යන හැඟීම, පණුවන් යන හැඟීම, නිල්ය යන හැඟීම, පූයාය යන හැඟීම, සිදුරු සහිතය යන හැඟීම, ඉදිමුණේය යන හැඟීම, යන දසයයි. මහණෙනි, රාගයාගේ හොඳට දැන ගැනීම පිණිස මේ ධර්ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 3.
මහණෙනි, රාගය හොඳට දැනගැනීම පිණිස ධර්ම දහයක් වැඩිය යුත්තාහ. කවර දහයක්ද යත්? නිවැරැදි දැකීම, නිවැරැදි සිතීම, නිවැරැදි වචන, නිවැරැදි ක්රියා, නිවැරැදි ජීවිකාව, නිවැරැදි වෑයම, නිවැරැදි සිහිය, නිවැරැදි සිතේ එකඟකම, නිවැරැදි නුවණ, නිවැරැදි මිදිම, යන දහයයි. මහණෙනි, රාගය හොඳට දැනගැනීම පිණිස මේ ධර්ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 4-6.
මහණෙනි, රාගය පිරිසිඳ දැනීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 7-9.
මහණෙනි, රාගය ක්ෂය කිරීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 10-12.
මහණෙනි, රාගය ප්රහාණය පිණිස... (පෙයියාලම)...