10. 5. 1. 7.
සඤ්චෙතනික කම්ම සූත්රය
“මහණෙනි, මම කරණලද, රැස් කරණලද, දැන දැන කළ කර්මයන්ගේ විපාක නොවිඳ, අවසන් වීම නොකියමි. එයද මෙලොවද, පරලෙව්හී හෝ අතරින් පතර ආත්ම භාවයේ හෝ වේ. මහණෙනි, මම දැන දැන කරණලද රැස් කරණලද කර්මයන්ගේ නොවිඳ, දුක් කෙළවර කිරීමක් නොකියමි.
මහණෙනි, එහි කාය කර්ම නම් විපත්තිවූ, අකුසල් සිතිවිලිවූ දුක් උපදවන දුක් විපාකයෝ ත්රිවිධ වෙත්. වාක් කර්ම නම් විපත්තිවූ, අකුසල් සිතිවිලිවූ, දුක් උපදවන දුක් විපාකයෝ සතර වැදෑරුම් වෙත්. මනඃකර්ම නම් විපත්තිවූ, අකුසල් සිතිවිලිවූ, දුක් උපදවන දුක් විපාකයෝ ත්රිවිධ වෙත්.
“මහණෙනි, කෙසේ නම් කාය කර්ම නම් විපත්තිවූ, අකුසල් සිතිවිලිවූ, දුක් නොදෙන, දුක් විපාකයෝ ත්රිවිධ වෙත්ද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සතුන් මරන්නේ වේද, සියලු සතුන් කෙරෙහි රෞද්රවූයේ, ලේ වැකුණු අත්ල ඇත්තේ, ගැටීමෙහි, ගැලීමෙහි ඇළුනේ, දයාවට නොපැමුණුනේ, සතුන් මරන්නේ වෙයි.
ගමට අයත්වූද, වනයට අයත්වූද, අනුන්ගේ යම් වස්තුවක්, උපකරණයක් වේද, නොදෙනලද්දේ, එය සොර සිතින් ගනියිද, නුදුන් දෙය ගන්නේ වේ.
මව රක්නා, පියා රක්නා, සහෝදරයා රක්නා, සහෝදරිය රක්නා, ඤාතීන් රක්නා, ධර්මය රක්නා, ස්වාමියන් ඇති, දඬුවම් නියම කළ, යටත් පිරිසෙයින් මල් වැල නමුත් පළඳවන ලද, යම් ඒ තැනැත්තියක් වේද, එබඳුවූවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද,
මහණෙනි, මෙසේ වනාහි කාය කර්ම නම් විපත්තිවූ, අකුසල් සිතිවිලිවූ, දුක් උපදවන, දුක් විපාකයෝ ත්රිවිධ වෙයි.
“මහණෙනි, කෙසේ නම් වාක් කර්ම නම් විපත්තිවූ, අකුසල් සිතිවිලිවූ, දුක් උපදවන, දුක් විපාකයෝ සතර වැදෑරුම් වේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් බොරු කියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය” යි කියයි. හෙතෙම නොදන්නේ හෝ දනිමියි කියයි. දන්නේ හෝ නොදනිමියි කියයි. නොදක්නේ හෝ දකිමියි කියයි. දන්නේ හෝ නොදන්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු කීවා වේද,