10. 5. 1. 4.
උපාසිකා සූත්රය
මහණෙනි, ධර්ම දශයකින් යුත් උපාසිකාව ගෙන එන ලද්දක් බහා තැබුවාසේ මෙසේ නිරයේ උපදී. කවර දශයකින්ද යත්:
සතුන් මරන්නේ වේ. සොරකම් කරන්නේ වේ. කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේ. බොරු කියන්නේ වේ. කේළාම් කියන්නේ වේ. ඵරුෂ වචන ඇත්තේ වේ. හිස් වචන දොඩන්නේ වේ. දැඩි ලෝබකම ඇත්තේ වේ. ක්රෝධ සිත් ඇත්තේ වේ. වැරදි දැකීම් ඇත්තේ වේ.
මහණෙනි, ධර්ම දශයකින් යුත් උපාසිකාව ගෙන එන ලද්දක් බහා තැබුවාසේ මෙසේ නිරයේ උපදී.
මහණෙනි, ධර්ම දශයකින් යුත් උපාසිකාව ගෙන එන ලද්දක් බහා තැබුවාසේ මෙසේ ස්වර්ගයෙහි උපදී. කවර දශයකින්ද යත්:
සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. සොරකමින් වෙන්වූයේ වේ. කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේ. බොරු කීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. තද ලෝබකම නැත්තේ වේ. ක්රෝධ සිත් නැත්තේ වේ. නිවැරදි දැකීම් ඇත්තේ වේ.
මහණෙනි, ධර්ම දශයකින් යුත් ස්ත්රිය ගෙන එන ලද්දක් බහා තබන්නාසේ මෙසේ ස්වර්ගයෙහි උපදී.
10. 5. 1. 5.
විසාරද සූත්රය
මහණෙනි, ධර්ම දශයකින් යුත් උපාසිකාව භය සහිතව (අවිසාරදා) ගිහිගෙයි වසයි. කවර දශයකින්ද යත්:
සතුන් මරන්නේ වේ. සොරකම් කරන්නේ වේ. කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේ. බොරු කියන්නේ වේ. කේළාම් කියන්නේ වේ. ඵරුෂ වචන ඇත්තේ වේ. හිස් වචන දොඩන්නේ වේ. දැඩි ලෝබකම ඇත්තේ වේ. ක්රෝධ සිත් ඇත්තේ වේ. වැරදි දැකීම් ඇත්තේ වේ.
මහණෙනි, මේ ධර්ම දශයෙන් යුත් උපාසිකාව භය සහිතව ගිහිගෙයි වසයි.
මහණෙනි, ධර්ම දශයකින් යුත් උපාසිකාව භය රහිතව (විසාරදා) ගිහිගෙයි වසයි. කවර දශයකින්ද යත්:
සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. සොරකමින් වෙන්වූයේ වේ. කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේ. බොරු කීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. තද ලෝබකම නැත්තේ වේ. ක්රෝධ සිත් නැත්තේ වේ. නිවැරදි දැකීම් ඇත්තේ වේ.
මහණෙනි, මේ ධර්ම දශයෙන් යුත් භය රහිතව ගිහිගෙයි වසයි.
10. 5. 1. 6.
සංසප්පනිය පරියාය සූත්රය
“මහණෙනි, තොපට (සර්පයෙකු මෙන්) බඩගා යාමේ පිළිවෙළ නම්වූ ධර්ම ක්රමයක් දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, බඩගා යන ක්රමයවූ ඒ ධර්ම ක්රමය කවරේද?
මහණෙනි, සත්ත්වයෝ කර්මය ස්වකීයකොට ඇත්තාහ. කර්මය දෑවැද්ද කොට ඇත්තාහ. කර්මය උත්පත්ති ස්ථාන කොට ඇත්තාහ. කර්මය නෑයන් කොට ඇත්තාහ. කර්මය පිළිසරණ කොට ඇත්තාහ. යහපතක්වූ හෝ, අයහපතක්වූ හෝ, යම් කර්මයක් කරත්ද, ඊට හිමිවූවෝ වෙත්ය” යි වදාළ සේක.