10. 4. 4. 7.
7. භාවෙතබ්බ ධම්ම සූත්රය
195. “මහණෙනි, තොපට භාවයිතව්ය ධර්ම හා නභාවයිතව්ය ධර්ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, නභාවයිතව්ය ධර්ම කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය නභාවයිතව්ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, භාවයිතව්ය ධර්ම කවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය භාවයිතව්ය ධර්මයයි කියනු ලැබේ.”
10. 4. 4. 8.
8. බහුලීකාතබ්බ ධම්ම සූත්රය
196. “මහණෙනි, තොපට බහුලීකර්තව්ය ධර්ම හා නබහුලීකර්තව්ය ධර්ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, නබහුලීකර්තව්ය ධර්ම කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය නබහුලීකර්තව්ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, බහුලීකර්තව්ය ධර්ම කවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය බහුලීකර්තව්ය ධර්මයයි කියනු ලැබේ.”
10. 4. 4. 9.
9. අනුස්සරිතබ්බ ධම්ම සූත්රය
197. “මහණෙනි, තොපට අනුස්මර්තව්ය ධර්ම හා නානුස්මර්තව්ය ධර්ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, නානුස්මර්තව්ය ධර්ම කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය නානුස්මර්තව්ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, අනුස්මර්තව්ය ධර්ම කවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය අනුස්මර්තව්ය ධර්මයයි කියනු ලැබේ.”
10. 4. 4. 10.
10. සච්ඡිකාතබ්බ ධම්ම සූත්රය
198. “මහණෙනි, තොපට සාක්ශාත්කර්ව්ය ධර්ම හා නසාක්ශාත්කර්ව්ය ධර්ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, නසාක්ශාත්කර්ව්ය ධර්ම කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය නසාක්ශාත්කර්ව්ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, සාක්ශාත්කර්ව්ය ධර්මකවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය සාක්ශාත්කර්ව්ය ධර්මයයි කියනු ලැබේ.”
අරියමග්ග වර්ඝය නිමි.