10. 4. 4. 3.
3. සද්ධම්මාසද්ධම්ම සූත්රය
191. “මහණෙනි, තොපට සද්ධර්මය හා අසද්ධර්මය දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අසද්ධර්මය කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අසද්ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, සද්ධර්මය කවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය සද්ධර්මයයි කියනු ලැබේ.”
10. 4. 4. 4.
4. සප්පුරිසධම්ම සූත්රය
192. “මහණෙනි, තොපට සත්පුරුෂ ධර්ම හා අසත්පුරුෂ ධර්ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අසත්පුරුෂ ධර්ම කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අසත්පුරුෂ ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, සත්පුරුෂ ධර්ම කවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය සත්පුරුෂ ධර්මයයි කියනු ලැබේ.”
10. 4. 4. 5.
5. උප්පාදෙතබ්බ ධම්ම සූත්රය
193. “මහණෙනි, තොපට උත්පාදයිතව්ය ධර්ම හා අනුත්පාදයිතව්ය ධර්ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අනුත්පාදයිතව්ය ධර්ම කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අනුත්පාදයිතව්ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, උත්පාදයිතව්ය ධර්ම කවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය උත්පාදයිතව්ය ධර්මයයි කියනු ලැබේ.”
10. 4. 4. 6.
6. ආසෙවිතබ්බ ධම්ම සූත්රය
194. “මහණෙනි, තොපට ආසේවිතව්ය ධර්ම හා අනාසේවිතව්ය ධර්ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අනාසේවිතව්ය ධර්ම කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අනාසේවිතව්ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, ආසේවිතව්ය ධර්ම කවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය ආසේවිතව්ය ධර්මයයි කියනු ලැබේ.”