10. 4. 4. 10.
10. සච්ඡිකාතබ්බ ධම්ම සූත්‍රය
198. “මහණෙනි, තොපට සාක්ශාත්කර්ව්‍ය ධර්‍ම හා නසාක්ශාත්කර්ව්‍ය ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, නසාක්ශාත්කර්ව්‍ය ධර්‍ම කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය නසාක්ශාත්කර්ව්‍ය ධර්‍මයයි කියනු ලැබේ.”
“මහණෙනි, සාක්ශාත්කර්ව්‍ය ධර්‍මකවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය සාක්ශාත්කර්ව්‍ය ධර්‍මයයි කියනු ලැබේ.”
අරියමග්ග වර්‍ඝය නිමි.
(20) 5. පුද්ගල වර්‍ගය
10. 4. 5. 1-12.
නසෙවිතබ්බාදිසුත්තානි
199. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ සේවනය නොකළ යුතුයි. “කවර දශයකින්ද යත්?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ සේවනය නොකළ යුතුයි.
“මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ සේවනය කළ යුතුයි. කවර දශයකින්ද යත්?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ සේවනය කළ යුතුයි.
2. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ නොබිජිය යුත්තේය. “කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ නොබිජිය යුත්තේය. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ බිජිය යුතුයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ බිජිය යුතුයි.
3. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ පයිරුපාසනා නොකළ යුතුයි. “කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ පයිරුපාසනා නොකළ යුතුයි. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ පයිරුපාසනා කළ යුතුයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ පයිරුපාසනා කළ යුතුයි.
4. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ පූජ්‍ය නොවේ. “කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ පූජ්‍ය නොවේ. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ පූජ්‍ය වේ. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ පූජ්‍ය වේ.
5. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රශංසාර්හ නොවේ. “කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රශංසාර්හ නොවේ. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රශංසාර්හ වේ. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රශංසාර්හ වේ.
6. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ගෞරව නැතියේ වෙයි. “කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ගෞරව නැතියේ වෙයි. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ගෞරව සහිත වෙයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ගෞරව සහිත වෙයි.
7. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රතිශ්‍රය නැතියේ වෙයි. “කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රතිශ්‍රය නැතියේ වෙයි. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රතිශ්‍රය සහිත වෙයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රතිශ්‍රය සහිත වෙයි.
8. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ආරාධක නොවේ. “කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ආරාධක නොවේ. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ආරාධක වේ. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ආරාධක වේ.
9. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ විශුද්ධ නොවේ. “කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ විශුද්ධ නොවේ. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ විශුද්ධ වේ. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ විශුද්ධ වේ.
10. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ මානය නොමඩනේය. “කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ මානය නොමඩනේය. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ මානය මඩනේය. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ මානය මඩනේය.
11. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රඥායෙන් නොවඩනේය. “කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රඥායෙන් නොවඩනේය. “මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රඥායෙන් වඩනේය. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රඥායෙන් වඩනේය.