10. 4. 3. 11.
11. සුඛදුක්ඛවිපාක සූත්රය
188. “මහණෙනි, තොපට දුක්ඛ විපාක ධර්ම හා සුඛ විපාක ධර්ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, දුක්ඛ විපාක ධර්ම කෙසේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය දුක්ඛ විපාක ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, සුඛ විපාක ධර්ම කෙසේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය සුඛ විපාක ධර්ම යයි කියනු ලැබේ.”
සාධු වර්ගය නිමි.
(19) 4. අරියමග්ග වර්ගය
10. 4. 4. 1.
1. අරියානරියමග්ග සූත්රය
189. “මහණෙනි, තොපට ආර්ය්ය මාර්ගයද, අනාර්ය්ය මාර්ගයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අනාර්ය්ය මාර්ගය කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අනාර්ය්ය මාර්ගයයි කියනු ලැබේ.”
“මහණෙනි, ආර්ය්ය මාර්ගය කවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය ආර්ය්ය මාර්ගය කියනු ලැබේ.”
10. 4. 4. 2.
2. කණ්හසුක්කමග්ග සූත්රය
190. “මහණෙනි, තොපට කෘෂ්ණ මාර්ගයද, ශුක්ල මාර්ගයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, කෘෂ්ණ මාර්ගය කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය කෘෂ්ණ මාර්ගයයි කියනු ලැබේ.”
“මහණෙනි, ශුක්ල මාර්ගය කවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය ශුක්ල මාර්ගයයි කියනු ලැබේ.”
10. 4. 4. 3.
3. සද්ධම්මාසද්ධම්ම සූත්රය
191. “මහණෙනි, තොපට සද්ධර්මය හා අසද්ධර්මය දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අසද්ධර්මය කවරේද?
සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අසද්ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, සද්ධර්මය කවරේද?
සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්රෝධය නොවීම, නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය සද්ධර්මයයි කියනු ලැබේ.”