10. 1. 5. 7.
7. මහාලිපාපකිරිය සූත්රය
47. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ විසාලාමහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක. ඉක්බිති මහාලීලිච්ඡවි තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි මහාලීලිච්ඡවි තෙමේ භාග්යවතුන් වහන්සේට මෙසේ කීය:
“ස්වාමීනි, පව්කම් කිරීමෙහි, පව්කම් පැවැත්මෙහි, හේතු කවරේද, ප්රත්යය කවරේදැ” යි ඇසීය.
“මහාලිය, පව්කම් කිරීමෙහි, පව්කම් පැවැත්මෙහි, ලෝභය හේතුවය, ලෝභය ප්රත්යය. මහාලිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි ද්වේෂය හේතුවය, ද්වේෂය ප්රත්යය. පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි මෝහය හේතුවය, මෝහය ප්රත්යය. මහාළිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි නුනුවණින් මෙනෙහි කිරීම හේතුවය, නුනුවණින් මෙනෙහි කිරීම ප්රත්යයය. මහාළිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි වරදවා පිහිටවූ සිත හේතුවය, වරදවා පිහිටවූ සිත ප්රත්යයය. මහාළිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි මේ හේතුවය, මේ ප්රත්යය යයි වදාළ සේක.
“ස්වාමීනි, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි හේතු කවරේද, ප්රත්යය කවරේද?”
“මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි, අලෝභය හේතුව වෙයි, අලෝභය ප්රත්යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි අෙවෂය හේතුව වෙයි, අෙවෂය ප්රත්යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි අමෝහය හේතුව වෙයි, අමෝහය ප්රත්යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි නුවණින් මෙනෙහි කිරීම හේතුව වෙයි, නුවණින් මෙනෙහි කිරීම ප්රත්යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි මනාකොට තබන ලද සිත හේතුව වෙයි, මනාකොට තබන ලද සිත ප්රත්යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි, මහාලිය, මේ හේතුවය, මේ ප්රත්යයයි වදාළ සේක.
“මහාලිය, මේ ධර්ම දසය ලෝකයෙහි විද්යමාන නොවන්නාහු නම්, අධර්මයෙහි හැසිරීමය, විෂම හැසිරීමය, ධර්මයෙහි හැසිරීමය, සමව හැසිරීමය යයි කියා මෙය නොවේ. මහාලිය, යම් හෙයකින් මේ ධර්ම දහය ලෝකයෙහි විද්යමාන වෙත්ද, එහෙයින් අධර්මචර්ය්යාවය, විෂම චර්ය්යාවය, ධර්ම චර්ය්යාවය, සමර්ච්යාවයයි කියා ඇත්තේ වේ.”
10. 1. 5. 8.
8. දසධම්ම සූත්රය
[සැවැත් නුවර නිදානයි]
48. “මහණෙනි, මේ ධර්ම දසයක් පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළ යුත්තාහ. කවර දසයක්ද යත්.
1. “වෙනස් වර්ණයකට පැමිණෙන ලද්දෙමි” යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කටයුතුයි,
2. ‘මාගේ ජීවිකාව අනුන් පිළිබඳය’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි.
3. ‘මා විසින් අන්ය (ගිහියන්ගෙන් වෙනස්වූ) හැසිරීමක් කටයුතුය’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි.