10. 1. 3. 1.
1. දසබල සූත්රය
[සැවැත් නිදානයයි]
“මහණෙනි, මෘගරාජන්වූ සිංහයා සවස් කාලයෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කිලිපොලයි. කිලිපොලා හාත්පස සිවු දිග බලයි. හාත්පස සිවු දිග බලා තුන් වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කර ගොදුරු පිණිස පිටත් වෙයි. ඊට හේතු කවරේද? ‘මම විසම ස්ථාවල සිටින පොඩි සතුන් විනාශයට නොපමුණුවමිය’ යි සිතායි.
“මහණෙනි, සිංහ යනු අර්හත් සම්යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේට නමකි. මහණෙනි, තථාගතයන් වහන්සේ පිරිසෙහි යම් ධර්මයක් දේශනා කෙරේද, මෙය උන් වහන්සේගේ සිංහ නාදය වෙයි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගතයන් වහන්සේ උතුම් කරුණ දන්වයිද, පිරිසෙහි සිංහනාද කරයිද, ශ්රේෂ්ඨ ධර්මචක්රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් වේ. කවර දසයක්ද යත්?
1. “මහණෙනි, මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ ස්ථානය ස්ථානය වශයෙනුත්, අස්ථානය අස්ථානය වශයෙනුත්, තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ ස්ථාන අස්ථාන දෙක තත්වූ පරිද්දෙන් දනිද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
2. “මහණෙනි, තථාගත තෙමේ අතීත, අනාගත, වර්තමානවූ කර්මයන්ගේ කරුණු වශයෙන් හේතු වශයෙන් විපාකය තත්වූ පරිද්දෙන්ම දනීද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
3. “මහණෙනි, නැවතද තථාගත තෙමේ සියලු ගතිවලට යන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ සියලු ගතිවලට යන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මෙයද යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
4. “මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ නොයෙක් ධාතූන් ඇති ධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ නොයෙක් ධාතූන් ඇති ධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
5. “මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ සත්ත්වයන්ගේ නොයෙක් අධික ලෙස ඇලිම් තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, තථාගතයන් වහන්සේ සත්ත්වයන්ගේ නොයෙක් අධික ලෙස ඇලිම් තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
6. “මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ ප්රධාන සත්ත්වයන්ගේද, හීන සත්ත්වයන්ගේද, ශ්රද්ධාදී ඉන්ද්රියයන්ගේ වැඩිමද, හානියද, තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම්සේ ප්රධාන සත්ත්වයන්ගේද, හීන සත්ත්වයන්ගේද, ශ්රද්ධාදී ඉන්ද්රියයන්ගේ වැඩිමද, හානියද, තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
7. “මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ සතර ධ්යානයන්ගේද, අෂ්ට විමොක්ෂයන්ගේද, අෂ්ට සමාපත්තීන්ගේද, කෙලෙසීමද, පිරිසිදුවීමද, නැගිටීමද, තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් විධියකින් ධ්යාන විමොක්ෂ සම්පත්තීන්ගේ කෙලෙසීමද, පිරිසිදුවිමද, නැගිටීමද, තත්වූ පරිද්දෙන් දනීද, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
8. “මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ නානාප්රකාර පූර්වෙනිවාසය සිහිකරත්ද, ඒ මෙසේයි: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද ... ජාති දසයක්ද ... ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පද, නොයෙක් විවර්ත කල්පද, නොයෙක් සංවර්ත විවර්ත කල්පද; අසවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්, මෙගොත් ඇත්තෙම්, මෙවන් පැහැ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැපදුක් විඳින්නෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. හෙතෙම එතැනින් චුතව අසවල් තැන උපන්නෙමි,