1. 9. 13. පාපමිත්ත සූත්‍රය
“මහණෙනි, යම්සේ පාප මිතුරන් ඇති බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පාපමිතුරන් ඇති බව මහත් අනර්ථය පිණිස පවතී.”
1. 9. 14. කල්‍යාණමිත්ත සූත්‍රය
“මහණෙනි, යම්සේ යහපත් මිතුරන් ඇති බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, යහපත් මිතුරන් ඇති බව මහත්වූ අර්ථය පිණිස පවතී.”
1. 9. 15. අකුසලානුයොග සූත්‍රය
“මහණෙනි, යම්සේ අකුශල ධර්මයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ අකුසල ධර්ම අනුයොගය හා කුශලධර්ම අනනු යොගය බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශල ධර්මයන්ගේ අනුයොගයද කුශල ධර්මයන්ගේ අනනුයොගයද, මහත් අනර්ථය පිණිස පවතී.”
1. 9. 16. කුසලානුයොග සූත්‍රය
“මහණෙනි, යම්සේ කුශලධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නොයෙදීම මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශල ධර්ම අනුයොගයද හා අකුශල ධර්මය අනනුයොගයද, මහත්වූ අර්ථය පිණිස පවතී.”
නවවෙනි වර්ගය නිමි.
10. චතුකොටික වර්ගය
[සැවැත් නුවර නිදානයයි]
1. 10. 1. පමාද සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ (ස්වකීය සන්තානයෙහි පිහිටි) කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ ප්‍රමාදය මහත් අනර්ථයට හේතුවේද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී.
1. 10. 2. අප්පමාද සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ අප්‍රමාදය මහත් අර්ථයට හේතුවේද, මහණෙනි, ඒ අප්‍රමාදය බඳුවූ අන් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී.
1. 10. 3. කොසජ්ජ සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ කුසීත භාවය මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, කුසීතභාවය මහත්වූ අනර්ථය පිණිස පවතී.
1. 10. 4. වීරියාරම්භ සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ වීර්‍ය්‍යාරම්භය මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය මහත්වූ අර්ථය පිණිස පවතී.
1. 10. 5. මහිච්ඡතා සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ දැඩි ලෝභී බව මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, දැඩිලෝභි බව මහත් අනර්ථය පිණිස පවතී.
1. 10. 6. අප්පිච්ඡතා සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ අලෝභී බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, අලෝභි බව මහත් අර්ථය පිණිස පවතී.
1. 10. 7. අසන්තුට්ඨිතා සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතී.
1. 10. 8. සන්තුට්ඨිතා සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වන බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටුවන බව මහත් අර්ථය පිණිස පවතී.
1. 10. 9. අයොනිසොමනසිකාර සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ අයෝනිසෝමනසිකාරය මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, ඇතිදේ ඇති සැටි නොදැකීම මහත් අනර්ථය පිණිස පවතී.
1. 10. 10. යොනිසොමනසිකාර සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ යෝනිසෝමනසිකාරය මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, ඇතිදේ ඇතිසැටි දැකීම මහත් අර්ථය පිණිස පවතී.
1. 10. 11. අසම්පජඤ්ඤ සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ මනාප්‍රඥා නැති බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, මනාප්‍රඥා නැතිබව මහත් අනර්ථය පිණිස පවතී.
1. 10. 12. සම්පජඤ්ඤ සූත්‍රය
මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ මනාප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, මනාප්‍රඥා ඇතිබව මහත් අර්ථය පිණිස පවතී.