25. අපාතුභූත සූත්රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළ නොවූයේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පහළ නොවන ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී.”
26. පාතුභූත සූත්රය.
“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”
27. අබහුලීකත සූත්රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ නැවත නැවත පුරුදු නොකරණ ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී.”
28. බහුලීකත සූත්රය.
“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිතවඩන ලද්දේ පුරුදු කරණ ලද්දේමහත් අර්ථය පිණිස පවතී.”
29. දුක්ඛාවහචිත්ත සූත්රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ පුරුදු නොකරණ ලද්දේ දුක් (පමුණුවන්නේ) වේද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පුරුදු නොකරණ ලද්දේ දුක් පමුණුවන්නේ වේ.”
30. සුඛාවහචිත්ත සූත්රය.
“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ සැප පමුණුවන්නේ වේද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ සැප පමුණුවන්නේ වේ.”
තුන්වන වර්ගය නිමි
4. අදන්ත නොහොත් දන්ත වර්ගය
1. 4. 1. අදන්තචිත්ත සූත්රය.
“මහණෙනි, යම්සේ සිත දමනය නොකරණ ලද්දේ මහත් අනර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත දමනය නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”
1. 4. 2. දන්තචිත්ත සූත්රය
“මහණෙනි, යම්සේ සිත දමනය කරණ ලද්දේ මහත් අර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිත දමනය කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”
1. 4. 3. අගුත්තචිත්ත සූත්රය.
“මහණෙනි, යම්සේ සිත ගොපනය නොකරණ ලද්දේ (සිහියෙන් රැක බලා නොගන්නා ලද්දේ) මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත ගොපනය නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”
1. 4. 4. ගුත්තචිත්ත සූත්රය.
“මහණෙනි, යම්සේ සිත ගොපනය කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත ගොපනය කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”