293. කායසුචරිතසමංගී සූත්රය
“මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය මූලකාරණා (හේතු) කොටගෙන, එය ප්රත්යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්රත්යය රහිතයි දක්නට නැත. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ (එනම්) මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය හේතුකොට ගෙන, එය ප්රත්ය කොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්යමානවේ”
294-295. වචීසුචරිතසමංගී සූත්රය
“මහණෙනි, යම්හෙයකින් වචී (වචන) සුචරිතයෙන් යුක්තවූ පුද්ගලතෙම එය මූලකාරණා (හේතු) කොටගෙන, එය ප්රත්යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්රත්යය රහිතයි. දක්නට නැත. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) මහණෙනි, යම්හෙයකින් වචී (වචන) සුචරිතයෙන් යුක්තවූ පුද්ගලතෙම එය හේතුකොටගෙන, එය ප්රත්යය කොට ගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්යමානවේ.” “මහණෙනි, යම් හෙයකින් මනො (හිතේ) සුචරිතයෙන් යුක්තවූ පුද්ගලතෙම එය හේතුකොටගෙන, එය ප්රත්යයකොට ගෙන ශරීරයාගේ භේදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය. යන මෙය හේතුරහිතයයි. ප්රත්යය රහිතයි. මේ කාරණය නම් විද්යමානවේ (එනම්) යම්හෙයකින් මනොසුචරිතයෙන් යුක්තවූ පුද්ගලතෙම එය හේතුකොටගෙන එය ප්රත්යයකොට ගෙන ශරීරයාගේ භෙදයෙන් පසු, මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්යමානවේ.”
[අට්ඨාන වර්ගය නිමි.]
16. එකධර්ම වර්ගය
1. ප්රථම වර්ගය
296. බුද්ධානුස්සති සූත්රය
සැවැත් නුවර නිදානයි.
“මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදුකරන ලද්දේ ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්ය්යසත්යය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී. කවර නම් එකම ධර්මයක්ද? බුද්ධානුස්මෘතිය (බුදුගුණ සිහිකිරීම) යි. මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්ය්යසත්ය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී”
1. 16. 1. 2-10.
“මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදුකරන ලද්දේ ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්ය්යසත්යය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී. කවර නම් එකම ධර්මයක්ද? ධර්මානුස්මෘතිය ය, සංඝානුස්මෘතිය ය, සීලානුස්මෘතිය (ශීලයෙහි ගුණ සිහිකිරීම) ය, දීමෙහි ගුණ සිහිකිරීම ය, දෙවියන් සාක්ෂිකොට ගුණධර්ම සිහිකිරීම ය, ආශ්වාස ප්රශ්වාස නිමිතිකොට ඇති සිහිය ය, මරණය ගැන සිහිකිරීම ය, ශරීරයේ පිළිකුල් බව ගැන සිහිකිරීම ය, දුක් සංසිඳීම අරමුණුකොට ඇති සිහිය යි. මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්ය්යසත්ය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී”
ප්රථම වර්ගයයි.
2. බීජ වර්ගය
298. පඨම මිච්ඡාදිට්ඨි සූත්රය
“මහණෙනි, යම් මිථ්යා දෘෂ්ටියක් (වැරදි දැකීමක්) කරණකොටගෙන නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිද්ද. උපන්නාවූ අකුශල ධර්මයන්ගේත් වැඩීම හා විශාලවීම ඇතිවේද, මහණෙනි, ඒ බඳුවූ අන්ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, මිථ්යාදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්.”
පඨමසම්මාදිට්ඨි සූත්රය
“මහණෙනි, යම් සම්යක් දෘෂ්ටියක් නිවැරදිසේ දැනීමක් කරනකොටගෙන නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිද්ද. උපන්නාවූ කුශලධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සම්යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්.”