279. පුරිසසම්මාසම්බොධි සූත්රය.
“මහණෙනි, ස්ත්රියක් තොම අර්හත්වූ සම්යක් සම්බුදුවරයෙක් වේය යන මේ කාරණයක් වේද, ඒ හේතුරහිතයයි. ප්රත්යය රහිතයි ඒ කාරණය විද්යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්යමාන වේ (එනම්) යම්හෙයකින් පුරුෂයෙක් අර්හත්වූ සම්යක් සම්බුදුවරයෙක් වේද, මේ කාරණය නම් විද්යමානවේ.
280. පුරිස චක්කවත්ති සූත්රය.
“මහණෙනි, ස්ත්රියක් තොම සක්විති රජෙක් වේය යන මේ කාරණය හේතුරහිතයි. ප්රත්යය රහිතයි. ඒ කාරණය විද්යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම්හෙයකින් පුරුෂයෙක් සක්විතිරජ වේද මේ කාරණය නම් විද්යමානවේ.”
281-283. පුරිසසක්කත්ත සූත්රය
“මහණෙනි, ස්ත්රියක් තොම ශක්ර ආත්මය ලබන්නීය යන මේ කාරණය හේතු රහිතයි ප්රත්යය රහිතයි. ඒ කාරණය විද්යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් ශක්රආත්මය ලබන්නේය. මේ කාරණය නම් විද්යමාන වේ.” “මහණෙනි, ස්ත්රියක් තොම මාර ආත්මය ලබන්නීය යන මේ කාරණය හේතු රහිතයි. ප්රත්යය රහිතයි. ඒ කාරණය විද්යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම්හෙයකින් පුරුෂයෙක් මාර ආත්මය ලබන්නීය. මේ කාරණය නම් විද්යමාන වේ.” “මහණෙනි, ස්ත්රියක්තොම බ්රහ්ම ආත්මය ලබන්නීය. යන මේ කාරණය හේතු රහිතයි ප්රත්යය රහිතයි. ඒ කාරණය විද්යමාන නොවේ. “මහණෙනි, මේ කාරණය නම් දක්නටලැබේ (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් බ්රහ්ම ආත්මය ලබන්නීය, යන මේ කාරණය නම් විද්යමානවේ”
284. කායදුච්චරිතවිපාක සූත්රය
“මහණෙනි, කාය දුශ්චරිතයෙන් ප්රියවූ, සිත්කළුවූ, මනවඩන්නාවූ විපාකයක් උපදනේයයි නම් කරුණක් වේද ඒ හේතු රහිතයි. ප්රත්යය රහිතයි. එබඳු දෙයක් සිදුනොවන්නේය. මහණෙනි, මේ කාරණය නම් සිදුවේ (එනම්) යම්හෙයකින් කායදුශ්චරිතයාගේ අප්රිය වූ, අකාන්තවූ අමනාපවූ විපාකයක් උපදනේය. යන මේ කාරණය නම් සිදුවන්නේය.”
285-286. වචීදුච්චරිතවිපාක සූත්රය
“මහණෙනි, වචී (වචන) දුශ්චරිතයෙන් ප්රියවූ, සිත්කලුවූ, මනවඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක්වේද ඒ හේතු රහිතයි. ප්රත්යය රහිතයි. එබඳු දෙයක් සිදුනොවන්නේය. මහණෙනි මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම්හෙයකින් වචී (වචන) දුශ්චරිතයාගේ අප්රියවූ, අකාන්තවූ අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදුවන්නේය.” “මහණෙනි, මනෝ (හිතේ) දුශ්චරිතයෙන් ප්රියවූ, සිත්කලුවූ, මනවඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක් වේද ඒ හේතු රහිතයි. ප්රත්යය රහිතයි. එබඳු දෙයක් සිදුනොවන්නේය මහණෙනි, මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම්හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයාගේ අප්රියවූ, අකාන්තවූ අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදුවන්නේය.”
287. කායසුචරිතවිපාක සූත්රය.
“මහණෙනි යම්හෙයකින් කාය සුචරිතයාගේ අනිෂ්ටවූ, අප්රියවූ, අමනාපවූ, විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි ප්රත්යය රහිතයි. එවැනි කාරණයක් විද්යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්යමානවේ (එනම් යම්හෙයකින් කාය සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්යමානවේ.”
288-289. වචීසුචරිතවිපාක සූත්රය
“මහණෙනි, යම්හෙයකින් වචී (වචන) සුචරිතයාගේ අනිෂ්ටවූ අප්රියවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි ප්රත්යය රහිතයි. එවැනි කාරණයක් විද්යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්යමානවේ (එනම්) යම්හෙයකින් වචී (වචන) සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්යමානවේ” “මහණෙනි, යම් හෙයකින් මනෝ (හිතේ) සුචරිතයාගේ අනිෂ්ටවූ, අප්රියවූ අමනාපවූ විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි ප්රත්යය රහිතයි එවැනි කාරණයක් විද්යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්යමානවේ. (එනම්) යම්හෙයකින් මනෝ (හිතේ) සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්යමානවේ.”