1. 10. 14. කල්යාණමිත්ත සූත්රය
මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ කල්යාණ මිත්රතාව (යහපත් මිතුරන් ඇති බව) මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳු අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, කල්යාණමිත්රතාව මහත්වූ අර්ථය පිණිස පවතී.
1. 10. 15. අකුශලානුයොග සූත්රය
මහණෙනි, අද්ධ්යාත්මික වූ කරුණු වශයෙන් සලකනවිට යම්සේ අකුශලයන්හි යෙදීම හා කුසලයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, එබඳුවූ අන් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතී.
1. 10. 16. කුසලානුයොග සූත්රය
මහණෙනි, අද්ධ්යාත්මික වූ කරුණු වසයෙන් සලකනවිට යම්සේ කුසලයන්හි යෙදීම හා අකුසලයන්හි නොයෙදීම මහත් අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එක කාරණයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීමද අකුශලධර්මයන්හි නොයෙදීමද මහත්වූ අර්ථය පිණිස පවතී.
1. 10. 17. සද්ධම්මන්තරධාන පමාද සූත්රය
මහණෙනි, යම්සේ ප්රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද, ඒ බඳු අනික් එක කාරණයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, ප්රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසද අතුරුදන්වීම පිණිසද පවතී.
1. 10. 18. සද්ධම්මට්ඨිති අප්පමාද සූත්රය
මහණෙනි, යම්සේ අප්රමාද බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසත් නොවිනාසය පිණිසත් අතුරුදන් නොවීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්රමාදබව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද නොවිනාසය පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.
1. 10. 19. සද්ධම්මන්තරධාන කොසජ්ජ සූත්රය
මහණෙනි, යම්සේ කුසීතභාවය, සද්ධර්මයාගේ විනාසය පිණිසත්, අතුරුදන්වීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී.
1. 10. 20. සද්ධම්මට්ඨිති විරියාරම්භ සූත්රය
මහණෙනි, යම්සේ සම්යක් ප්රධාන වීර්ය්යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්යක් ප්රධානවීර්ය්යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.
1. 10. 21-30. සද්ධම්මන්තරධාන මහිච්ඡතා සූත්ර ආදිය
මහණෙනි, මම අන් එක ධර්මයක් හෝ නොදකිමි, යමක් මේ සද්ධර්මයාගේ සම්මෝහය පිණිස අතුරුදහන් වීම පිණිස පවතී ද, යම් මේ මහිච්ඡතාව (දැඩි ලෝභී බව) -පෙ- අප්පිච්ඡතාව (අලෝභී බව) -පෙ- අසන්තුට්ඨිතාව (ලද දෙයින් සතුටු නොවන බව) -පෙ- සන්තුට්ඨිතාව (ලද දෙයින් සතුටු වන බව) -පෙ- අයෝනිසොමනසිකාරය (අනුවණින් මෙනෙහි කිරීම) -පෙ- යෝනිසොමනසිකාරය (නුවණින් මෙනෙහි කිරීම) -පෙ- අසම්පජඤ්ඤය (මුළාබව) -පෙ- සම්පජඤ්ඤය (මනා ප්රඥා ඇති බව) -පෙ- පාපමිත්තතාව (පාපමිත්රතාව) -පෙ- කල්යාණමිත්තතාව (කල්යාණ මිත්රතාව) ය. මහණෙනි, කල්යාණමිත්තතාව සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, අසම්මෝහය පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතී.
1. 10. 31. සද්ධම්මන්තරධාන අකුසලානුයොග සූත්රය
මහණෙනි, එසේම අකුශලධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ විනාශය පිණිසද අතුරුදන්වීම පිණිසද පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශලධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී.
1. 10. 32. සද්ධම්මට්ඨිති කුසලානුයෝග සූත්රය
මහණෙනි, එසේම කුශලධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.
චතුක්කොටිකය නිමියේය.
1. 10. 33. සද්ධම්මන්රධාපන සූත්රය
මහණෙනි, යම් භික්ෂු කෙනෙක් අධර්මය ධර්මයයි ප්රකාශ කෙරෙත්ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස්කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය අතුරුදහන් කෙරෙත්.