2. ඉත්ථිසද්ද පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ ස්ත්රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී”
3. ඉත්ථිගන්ධ පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ ස්ත්රියගේ ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගන්ධයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්රි ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.
4. ඉත්ථිරස පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ ස්ත්රියගේ රසය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්රි රසය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.
5. ඉත්ථිපොට්ඨබ්බ පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ ස්ත්රියගේ ස්පර්ශය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්ශයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්රියගේ ස්පර්ශය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
6. පුරුෂ රූප පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ රූපය ස්ත්රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රූපයකුදු මම නො දකිමි. මහණෙනි, පුරුෂ රූපය ස්ත්රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
7. පුරිසසද්ද පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ හඬ ස්ත්රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ශබ්දය ස්ත්රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
8. පුරිසගන්ධ පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ ගන්ධය ස්ත්රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගඳකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ගන්ධය ස්ත්රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
9. පුරිස රස පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ රසය ස්ත්රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂරසය ස්ත්රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
10. පුරිසපොට්ඨබ්බ පරියාදාන සූත්රය.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ ස්පර්ශය ස්ත්රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්ශයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂයාගේ ස්පර්ශය ස්ත්රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
පළමුවන වර්ගය නිමි