මාසෙ මාසෙ සහස්සෙන යො යජෙථ සතං සමං
එකඤ්ච භාවිතත්තානං මුහුත්තමපි පූජයෙ
සා යෙව පූජනා සෙය්‍යා, යඤ්චෙ වස්සසතං හුතං.
මසක් මසක් පාසා දහසක් වියදම් කිරීමෙන් හවුරුදු සියයක් මුළුල්ලෙහි යමෙක් ලොවී මහාජනයාට දන් දුන්නේ වේ ද, යමෙක් වනාහි ශීලාදිගුණ වශයෙන් වඩන ලද සිතැති එක ම ආර්‍ය්‍යයක්හු අසිල්ලකුදු (බත් කෙණෙස්සක් හඹු සරලුවක් පෙරන්කඩයක් පමණ වූ ද කඩ-පොල්ලක් දීමෙන් හෝ) පිදූයේ වේ ද, ඉදින් හවුරුදු සියයක් මුළුල්ලෙහි දෙන ලද යම් දානයෙක් ඇත් ද, එයට වඩා ඇසිල්ලෙක ද ආර්‍ය්‍යයනට කරණ ලද ප්‍රත්‍යයපූජාව ම උත්තම යි.
ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දිනෙක තම මාමා වෙතට වැඩි සේක. මාමා උන්වහන්සේ දැක, සතුටු ව අසුන් පනවා පිළිගත්තේ ය. නැවැත දැහැත් පිළිගන්වා කතාවට වැටුනේ ය.
ස්ථවිර තෙමේ |
:- |
මාමා කොහොම ද, දන් පින් කරහු? |
බ්‍රාහ්මණ තෙමේ |
:- |
ඔව් පින්දහම් කරණවා. |
ස්ථවිර |
:- |
මොකක් ද කරණ පින්කම? |
බ්‍රාහ්මණ |
:- |
මසක් පාසා දහසක් පමණ වියදම් කොට දන් දෙනවා. |
ස්ථවිර |
:- |
කාට ද දන් දෙන්නහු? |
බ්‍රාහමණ |
:- |
නිගණ්ඨයන්ට. |
ස්ථවිර |
:- |
දන් දෙන විට කරණ ප්‍රාර්‍ත්‍ථනාව? |
බ්‍රාහ්මණ |
:- |
බඹලොව උපදින්නට පතනවා. |
ස්ථවිර |
:- |
දන් දීම බඹලොවට මග ද? |
බ්‍රාහ්මණ |
:- |
ඔව්! බඹලොවට මග. |
ස්ථවිර |
:- |
කවුද මාමාට කීයේ? |
බ්‍රාහ්මණ |
:- |
මාගේ ගුරුදේවයෝ. |
ස්ථවිර |
:- |
මාමේ! බඹලොවට යන මග මාමාත් නො දනී. මාමාගේ ඔය ගුරුදෙවයෝත් නො දනිත්. |
බ්‍රාහ්මණ |
:- |
කවුරු ද බෑනෝ! එහෙනම් දන්නෝ? |
ස්ථවිර |
:- |
මගේ ගුරුදේවයෝ. |
බ්‍රාහ්මණ |
:- |
කවුද බෑනාගේ ගුරුදෙව? |
ස්ථවිර |
:- |
තිලෝගුරු බුදුරජානන් වහන්සේ. එන්න යන්නට මාමේ! මම මාමාට බඹලොවට යන මග කියවා දෙන්නම්. |
මෙසේ කියා ස්ථවිරයන් වහන්සේ බමුණාත් කැටුව බුදුරජුන් වෙත ගොස් වැඳ “ස්වාමීනි! මේ මාගේ මාමා, මේ තෙමේ මෙසේ කියා” යි සියලු තොරතුරු දන්වා, “මොහුට බඹලොවට යන මග පහදා දෙනු මැනැවැ” යි කීහ.
බුදුරජානන් වහන්සේ “එසේ ද, බමුණ?” යි අසා, “එසේ ය” යි කී කල්හි “බමුණ! අවුරුදු සියයක්, දහස දහස බැගින් වියදම් කොට, මෙසේ දුන් දනට, මොවුනට දෙන දනට, වඩා මොහොතක් පහන් සිතින් මාගේ ශ්‍රාවකයකු දැකීම, මාගේ ශ්‍රාවකයෙක්හට බත් සැන්දක් දීම මහත් ඵලැ” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-
මාසෙ මාසෙ සහස්සෙන යා යජෙථ සතං සමං,
එකං ව භාවිතත්තානං මුහුත්තම්පි පූජයෙ,
සායෙව පූජනා සෙය්‍යො යං චෙ වස්සසතං හුතන්තී.
මසක් පාසා දහස බැගින් වියදම් කොට, අවුරුදු සියයක් මුළුල්ලෙහි, යමෙක් ලෞකික මහාජනයාහට දන් දුන්නේ වේ ද, වැඩූ සිත් ඇති එක් ආර්‍ය්‍ය පුද්ගලයකු ඇසිල්ලකුදු පුදන්නේ වේ ද, අවුරුදු සියයක් මුළුල්ලෙහි දුන් යම් දානයෙක් වේ නම්, (ඒ දානයට වඩා) ඒ ආර්‍ය්‍යයාහට කළ පූජාව ම උතුම් වේ.
මාසෙ මාසෙ සහස්සෙන = මසක් මසක් පසා දහසක් වියදම් කිරීමෙන් [1]
යො යජෙථ සතං සමං = යමෙක් අවුරුදු සියයක් මුළුල්ලෙහි දන් දෙන්නේ ද.
සමං යන මෙහි ප්‍රකෘති ය ‘සමා’ යනු යි. ‘සමා’ යනු නිත්‍යබහු වචනාන්ත ය. සත්‍රී ලිංගික ය, යි වාමනාදීන් කියතත්, ‘සමං සමං විඥායතෙ’ යන යෙදුම් බලා එකත්‍වයෙහි ද වේ ය, යි ස්වාමී යෝගේශ්වරයෝ කියත්. අවුරුද්දට නමෙකි. සංවච්ඡර - වච්ඡර - භායන - සරද - විස්ස යනාදිය එයට පර්‍ය්‍යා ය.
එකං එව භාවිතත්තානං = වැඩූ සිත් ඇති එක් ම ආර්‍ය්‍යයකු.
ශිල-සමාධි-ප්‍රඥා ගුණයන්ගෙන් වැඩුනු ආර්‍ය්‍යයන් වහන්සේ භාවිතත්ත නම්. මේ කියු ගුණධර්‍මයන් වැඩීම හේතුවෙන් කය-වචන-සිත යන තුන් තැන, සියලු වක්ගති, ඇදගති පහව ගොස් ඒ තෙ තැන ඍජු වන්නේ ය. පිරිසිදු වන්නේ ය. එසේ පිරිසිදු වූ කායාදීද්වාරත්‍රය ඇත්තෝ භාවිතත්තයෝ ය. ඔවුන් කෙරෙහි ම දුන් දෙය මහත්ඵල වන්නේ ය. මෙහි ලා සෝතාපන්නයාගේ පටන් ක්‍ෂීණාස්‍රවයන් වහන්සේ තෙක් සිටි ආර්‍ය්‍යගණය ගැණේ.
එක ශබ්දය සඞ්ඛ්‍යා - අතුල්‍ය - අන්‍ය - අසහායාර්‍ත්‍ථයන්හි වැටේ. සඞ්ඛ්‍යාර්‍ත්‍ථවාචීකල ඒකවචන වේ. අන් තෙතැන එකවචන - බහුවචන ගන්නේ වේ. මිශ්‍රාර්‍ත්‍ථයෙහි ද එක ශබ්දය ආයේ, යි සමහරු කියත්. මිශ්‍රාර්‍ත්‍ථවාචීකල සර්‍වනාම නො වේ ය, යි ද පිළිගණිත්. ‘එකො ව ඛො භික්ඛවෙ, ඛණො ච සමයො ච බ්‍රහ්මචරිය වාසාය’ යනාදී තැන සඞ්ඛායෙහි ද, ‘චෙතසො එකාදීභාවං’ යනාදී තැන අතුල්‍යාර්‍ත්‍ථයෙහි ද, ‘එකො වූපකට්ඨො’ යනාදී තැන අසහායාර්‍ත්‍ථයෙහි ද, ‘සසස්තො අත්තා ච ලොකො ච ඉදමෙම සච්චං මොඝමඤ්ඤන්ති ඉච්චෙකෙ අභිවදන්ති’ යනාදී තැන අන්‍යාර්‍ත්‍ථයෙහි ද ආයේ ය. මෙහි සඞ්ඛ්‍යාවාචක ය.
මුහුත්තං අපි පූජයෙ = මොහොතකුත් පුදන්නේ ද. [2]
සා එව පූජනා සෙය්‍යො = ඒ පූජාව ම ශ්‍රේෂ්ඨ වේ.
පූජා නම්, මෙලොව පරලොව අදහා ගෙණ පූජාබුද්ධියෙන් දියයුත්තන්ට යමක් දීම ය. විස්තර මතු එන්නේ ය.
යං චෙ වස්සසතං හුතං = ඉදින් අවුරුදු සියයක් මුළුල්ලෙහි දුන් දනෙක් වේ ද (එයට වඩා)
හුත නම්, දානය ය. වේදාදියෙහි ගින්නෙහි ලූ ගිතෙල හුත, යි කියන ලදී. වහ්නිදෙවතාවන් සඳහා කෙරෙණ පිදිවිල්ලක් සේ ය ඒ ගැණෙනේ. ‘අගෙනෟ ප්‍රක්‍ෂිප්තං ඝාතාදිහුතම්’ යනු විවෘති යි.
“යො ච සීලාදිගුණවසෙන වඩ්ඪිතත්තානං හෙට්ඨිමකොටියා සොතාපන්නං, උපරිමකොටියා බීණාසවං ඝරද්වාර සම්පත්තං කටච්ඡුභික්ඛාදානවසෙන වා යාපනමත්තආහාරදානවසෙන වා ථූලසාටකදානමත්තෙන වා පූජෙය්‍ය, යං ඉතරෙන වස්සසතං හුතං, තතො සායෙව පූජනා සෙය්‍යො” යමෙක් ශීලාදිගුණධර්‍මයන්ගේ වසයෙන් වැඩුනු සිතැත්තවුන් අතුරෙහි යටත් පිරිසෙයින් ගෙදොරට පැමිණි සෝතාපන්නයෙකු, උඩත් පිරිසෙයින් ක්‍ෂීණාස්‍රවයකු බත්හැන්දක් පමණ දීමෙන්, යැපෙන පමණට අහරටිකක් දීමෙන්, දළ රෙදිකඩක් දීමෙන් පුදන්නේ නම්, ඒ පිදීම අනෙකකු විසින් අවුරුදු සියයක් මුළුල්ලෙහි නො සුදුසු තැන දුන් ප්‍රණීතදානයට වඩා, කළ පූජාවට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ය. උතුම් වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බ්‍රාහ්මණ තෙමේ සෝවන් පලයට පැමිණියේ ය. අනික් බොහෝ දෙනා ද සෝවන් වූහ.
ශාරීපුත්‍රස්ථවිර මාතුල බ්‍රාහ්මණ වස්තුව නිමි.