හනන්ති භොගා දුම්මෙධං නො වෙ පාරගවෙසිනො
භොගතණ්හාය දුම්මෙධො හන්ති අඤ්ඤෙ’ව අත්තනා.
(වස්ත්‍රාදි උපභෝග වස්තුහු ද දාසිදාසාදි පරිභෝග වස්තුහු ද යන) සියලු භෝගයෝ අනුවණයා නසන්නාහ. නිවන් නැමැති පරතෙර සොයන සුලු නුවණැත්තවුන් නො නසන්නාහ. අඥාන පුද්ගල තෙමේ භෝගයන්හි උපන් තෘෂ්ණාවෙන් (පව් කොට) අනුන් නසන්නක්හු මෙන් තමා නසන්නේ ය. (තමා අපායෙහි හෙළන්නේ ය).
"හනන්ති භෝගා” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී අපුත්තක සිටුවරයා නිමිති කරගෙන දේශනා කළහ. සැවැත් නුවර සිටි දූ දරුවන් නැති සිටුවරයා කළුරිය කළ බව අසා පසේනදී කොසොල් රජු අපුත්තකගේ ධනය කොටස ලැබේදැයි විමසා රජුට බව දැනගෙන දින හතකින් ඔහුගේ නිවසින් ධනය රාජමන්දිරයට ගෙන්වා ගෙන බුදුවෙත එළඹ සිටිවිට, බුදුහු ඇයි මහරජ මේ මහදවල් කොහි සිට ආවේදැයි විමසුවිට ස්වාමීනි සැවැත් නුවර සිටුගෘහපතියා කළුරිය කළේය. දරුවන් නොමැති ඔහුගේ වස්තුව රාජ මන්දිරයට ගෙනවුත් මම මෙහි ආවෙමියි පැවසීය. සියල්ල සුත්‍රයේ සඳහන් පරිදි දැනගත යුතුය.
මේ සිටුවරයා වනාහි රන් තැටියක ඉතා රස ආහාර භෝජන ගෙනදුන්විටමේවා මිනිසුන් අනුභව කරන්නේ? ඇයි ඔබ මා සමග මේ ගෙයි ක්‍රීඩා කරන්නේ භෝජන දුන් විට ගල්කටු දඩු ආදියෙන් පහරදී පළවාහැර මේ මිනිසුන්ගේ ආහාරයයි සුන්සහල් බත් අනුභව කරයි. ඒ ඇඹුල් කාඩි හොදි සමගය. වත්‍ර - යාන - කුඩ ආදිය ද වටිනා මනවඩන ද දුන්විට දී එම මිනිසුන්ට ගල්කැට - දඩුමුගුරුවලින් පහර දී පළවාහැර හණවැහැරි දරයි. දිරාගිය යානයක ගමන් කරයි. කොළවලින් තැනු කුඩයක් දරයි. මෙලෙස රජු දන්වා සිටියාට පසු බුදුහු ඔහුගේ පූර්ව කර්මය දේශනා කළහ.
මහරජ ඔහු පෙරදී තගරසිබී පසේ බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වැඩි වේලේ මේ ශ්‍රමණයාට. පිණ්ඩපාතය දෙන්නැයි බිරිඳට කියා, වාඩිවී සිටි අසුනෙන් නැගිට ගියේය. ශ්‍රද්ධා නැති බාලයා මෙසේ කියා ගියවිට ඔහුගේ බිරිය ශ්‍රද්ධාවත් වූයේ බොහෝ කලකින් ඔහුගේ මුවෙන් දෙන්න යයි වචනය ඇසු නිසා අද මගේ මනදොළ පිරෙන සේ පිණ්ඩපාතය දෙමියි පස්සේ බුදුන්ගේ පාත්‍රය ගෙන ප්‍රණිත භෝජන පුරවා දුනි. සිටුවරයා නැවත ගෙදර එනවිට පසේ බුදුන් දැක, ශ්‍රමණය ඔබ කිසිවක් ලැබුවේදැයි විමසුවේය. ඔහු පාත්‍රය ගෙන ප්‍රණීත ආහාර දැක විපිලිසර මෙලෙසට සිතුවේය. මේ පිණ්ඩපාතය උතුම්ය. මේ ආහාර මගේ දාසයන් හෝ කම්කරුවන් කෑවේ නම්. ඔහු මගේ කර්මාන්ත කරන්නාහුය. මේ තැනැත්තා ගොස් මේවා අනුභව කර නිදාගන්නේය. මගේ ආහාරය නිර්ථක ලෙස නැතිවුණි.
තව ද ඔහු අපුත්තක වීමට හේතුව මෙසේ වදාළහ. ඔහුගේ සහෝදරයාගේ පුතෙකු ඔහු සමීපයේ වැඩුනි. එම සහෝදරයාගේ පුතා මොහුගේ ඇගිල්ල අල්ලාගෙන ඇවිදින කාලයේ, එසේ ඇවිදිමින් හැසිරෙමින් මෙය මගේ පියා සතු රථයයි. මේ ඔහුගේ ගොණායි. මේ ආදිය කීවේය. අනතුරුව මේ සිටුවරයා දැන්මම මොහු මේවා කියයි නම් මොහු වැඩුන පසු ගෙදර සම්පත් කවුරු හෝ දකින්නේය මේ පුතා අතර ද වස්තුව ඉඩකඩම් බෙදෙන්නේ යයි සිතා. ඔහු කැලයට ගෙනගොස් එක් ගසක් මුලදී බොටුව අඹරා මුල්කඳ සේ පලා මරා ගෙල සොලවා එහිම වළට විසි කළේය. මේ ඔහුගේ පුර්ව අකුශල කර්මයයි. ඒ පවින් ඔහු අපුත්තක විය. මහරජ ගෘහපති සිටුවරයා තගරසී බී පසේ බුදුන් පිණ්ඩපාතයෙන් පිදුවේද එම කුශල කර්මයේ විපාකයෙන් හත්වරක් දිව්‍ය ලෝකයේ ඉපිද එම කර්මයේම විපාක වශයෙන් මේ සැවැත් නුවර හත්වරක් සිටු තනතුර දැරුවේය. මහරජ මේ සිටුවරයා දන් දී පසුව විපිළිසර වී ද, දානයන් මගේ කම්කරුවන්ට
දුන්නේ නම් හොඳයයි සිතුවේද? එම විපාකය නිසා ඔහුට ප්‍රණිත ආහාර ගැනිමට සිත් නොදේ. වස්ත්‍ර - යාන හා පඤ්චකාමගුණ ලැබීමට සිත් ඇති නොවේ. එමෙන්ම වස්තුව නිසා සහෝදරයාගේ එකම පුතා ඝාතනය කළේද එම අකුශල විපාකය නිසා බොහෝ වර්ෂ සිය දහස් ගණනක් නරකයේ පැසී එම කර්මයට විපාක වශයෙන් මේ සත්වැනි ආත්මයේ ද ධනයට හිමි දරුවෙක් නොමැතිව සම්පත් රාජසන්තක විය.
මහරජ මේ සිටුවරයාගේ පැරණි පින ද අවසන් විය අළුත් පින් ද රැස් නොකළේය. මහරජ මේ සිටුවරයා අද මහා රෞරව නරකයේ පැසෙන්නේය. රජ බුද්ධ වචනය අසා අහෝ ස්වාමීනි බැරෑරුම් කර්මයෙකි. මෙපමණ සම්පත් ලබා තමන්ද පරිභෝග නොකළේය. ඔබ වහන්සේ වැනි බුදුන් වැඩසිටි විහාරයට ආසන්නයේ සිට පිංකමක්ද නොකළේය. එසේය මහරජ අනුවණ මිනිසුන් නම් භෝග ලැබ නිවන් යති. බොහෝ භෝග උපන් තෘෂ්ණාව නිසා බොහෝකලක් වැනසුවේයයි පවසා මේ ගාථාව වදාළහ.
සම්පතකාමි අනුවණයෝ අනුන් නසා
තමනුත් නසී වස්තුව ඉඩ කඩම් නිසා
සොයනා නිවන්මග උතුමෝ, දහම් අසා
සසරින් මිදෙති දස සංයෝජනම නසා
පරතෙර නොසයන අඥානයෝ භෝග වනසති. අනුවණයෝ සම්පත් කෙරෙහි ලෝභකමෙන් තමන්ද අන්අය ද විනාශ කරති. එහි නො චෙ - පාරග ගවෙ සිනො යම් පරතෙර හෝ අවසානය සොයන පුද්ගලයෙක් සම්පත් විනාශ නොකරයි. අඤ්ඤෙව අත්තානන්ති සම්පත් නිසා ඇතිවු තෘෂ්ණාවෙන් අනුවණයෝ අනුන් ද තමන් ද විනාශ කරති. යන අර්ථයි. දේශනාවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.