ගණයාට අනුග්‍රහ කරන බවගේ වේශයෙන් සමූහයෙහි ඇලෙන බව වඤ්චා කෙරේ.
අනුන්ට අනුග්‍රහ කිරීම බුද්ධාදීන් විසින් වර්ණිත ගුණයකි. එහෙත් ඒ පරානුග්‍රහය කළ යුත්තේ තමා නො පිරිහෙන ලෙසට ය. සමහර භික්ෂූහු පිරිස් පිරිවරාගෙන ඔවුන් හා සතුටුවෙමින් විසුමට ඉතා කැමැත්තෝ ය. ඔවුන් ගේ ඒ සඞ්ගණිකාරාමතාව සමහර විට ඔවුන් ගේ සන්තානවල අනුන්ට අනුග්‍රහ කරනු කැමති බැව්හි වේශයෙන් පහළ වේ. එයට රැවටුණ භික්ෂූහු අවවාදානුශාසනා කිරීම් වශයෙන් අනුන්ට අනුග්‍රහ කිරීමේ ආකාරයෙන් පිරිස පිරිවරා ගෙන ඔවුන් හා ප්‍රීති වෙමින් කාලය ගත කරන්නාහ. තමන් විසින් අවශ්‍යයෙන් ම කළයුතු ඉගෙනීම වත පිළිවෙත සමථ විදර්ශනා භාවනාව යනාදිය අතපසු කෙරෙති.