ප්‍රියවාදිත්වයේ ආකාරයෙන් චාටුකම්‍යතාව වඤ්චා කෙරේ.
අන්‍යයන්ගේ සිත් නො රිදෙන ලෙසට ඒ ඒ තැනැත්තාගේ තත්ත්වයේ සැටියට යහපත් වචනවලින් කථා කරන ස්වභාවය ප්‍රිය වාදිතා නමි. භික්ෂූන් විසින් ද කථා කළ යුත්තේ ප්‍රිය වචනයෙනි. ප්‍රිය වචනයෙන් කථා කරන බව ශ්‍රමණ ගුණයකි. ගිහියා උසස් තන්හි තබා තමා පහත් තන්හි තබා ඔහුගේ සිත ගැනීම පිණිස කථා කරන ස්වභාවය “චාටුකම්‍යතා” නමි. මේ චාටුකම්‍යතාව ම සමහර විට සමහර භික්ෂුවකගේ සිත්හි ප්‍රියවාදිත්වයේ වේශයේ නැගී සිටින්නේ ය. එයට රැවටුණ භික්ෂු තෙමේ ප්‍රිය වචනයෙන් කථා කළ යුතු යැයි දායකයා උසස් කොට තමා පහත් තන්හි තබා ලාමක ලෙස කථා කරන්නෙක් වන්නේ ය.