සීලයෙහි ආනිසංස කිම

සීලයෙහි ආනිසංස නම් :- අවිප්පටිසාරාදි නොඑක් ගුණ ලැබීම ය. (අවිප්පටිසාර නම්, විපිළිසර නොවීම ය.)

වදාළේ මැ යි:- “අවිප්පටිසාරත්‍ථානි ඛො ආනන්‍ද කුසලානි සීලානී අවිප්පටි සාරානිසංසනි” යි.[1]

ආදි ශබ්දයෙන් මතු දක්වන ආනිසංස පංචකය ද ගන්න.

1. මහත් වූ භෝගස්කන්‍ධ ලැබීම,

2. කල්‍යාණ කීර්‍තතිශබද නැඟීම,

3. ක්‍ෂත්‍රියාදි පිරිස් කරා විසා වැ එළඹීම,

4. අසම්මූඪ වැ කාලක්‍රියා කිරීම,

5. මරණින් මතු දෙව් ලෝ උපදීම.

වදාළේ මැ යි.

“පඤ්චිමෙ ගහපතයො ආනිසංසා සිලවතො සීලසම්පදාය කත මේ පඤ්ච? ඉධ ගහපතයො සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්නං භොගක්ඛන්‍ධා අධිගච්ඡති අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

පුනචපරං ගහපතයො සීලවතො සීලසම්පන්නස්ස කල්‍යාණො කිත්ති සද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

පුනචපරං ගහපතයො සීලවා සම්පන්නො යං යදෙව පරිසං උපසද්ඞ්කමති. යදි ඛත්තිය පරිසං, යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං, යදි සමණ පරිසං විසාරදො උපසඞ්කමති අමංකුභුතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

පුනචපරං ගහපතයො සීලවා සීලසම්පන්නො අසමමූළෙහා කාලං කරොති. අයං චතුත්‍ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

පුනචපරං ගහපතයො සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. ඉමෙ ඛො ගහපතයො පඤ්චානිසංසා සීලවතො සීලසම්පදාය[2] යි.

මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේය:-

ගෘහපතිවරුනි සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි ලා මේ ආනිසංස පසෙකි. ඒ කවරේද, ගෘහපතිවරුනි සිල්වත් තෙමේ අප්‍ර‍මාදයෙන් මහත් වූ භෝගසකන්‍ධය ලැබ ගන්නේය. මේ පළමු වන ආනිසංසය යි. වැළිදු ගෘහපතිවරුනි සිල්වත්හුගේ කල්‍යාණ කීර්‍තති ඝෝෂයෙක් ලොව පැන නගින්නේය. මේ දෙවන ආනිසංසය යි. වැළිදු ගෘහපතිවරුනි සිල්වත් තෙමේ ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි, බ්‍රාහ්මණ පිරිසකට වේවයි, ගෘහපති පිරිසකට වේවයි ශ්‍ර‍මණ පිරිසකට වේවයි, විසාරද වැ නොමැකු වැ එළඹෙන්නේ ය. මේ තෙවන ආනිසංසය. වැළිදු ගෘහපතිවරුනි සිල්වත් තෙමේ අසම්මූඪ වැ කලුරිය කරන්නේ ය. මේ සිව්වන ආනිසංසය. වැළිදු ගෘහපතිවරුනි සිල්වත් තෙමේ මරණින් මතු සුගති සවර්‍ගලෝකයෙහි උපදනේ ය. මේ පස්වන ආනිසංසය යයි. ගෘහපතිවරුනි සිල්වත්හුගේ සීලසම්පත් හි ලා මේ ආනිසංස පස වන්නේය.

තවද, “ආකංඛෙය්‍ය චෙ භික්ඛවෙ භික්ඛු සබ්‍ර‍හ්මචාරීනා පියොචස්සං මනාපො ගරු භාවනීයො සීලෙස්වෙවස්ස පරිපූරකාරී”[3] යනාදීන් මැදුම්සඟි ආකංඛෙය්‍ය සූත්‍රයෙහි රහත් බැව් හිම්කොට සබ්රම්සරුන්ට ප්‍රියමනාප වන බැව් ආදි අනේක ආනිසංසයෝ දක්වන ලදහ. “මහණෙනි සබ්රම්සරුන්ට ප්‍රියමනාප-ගුරු-සම්භාවනීය යන්නට කැමති නම් සිල් මැ පුරන්නේ ය.” යනු ඒ දෙශනා පාළියේ භාවය යි.

සාසනෙ කුලපුත්තානං - පතිට්ඨා නත්‍ථි යං විනා,

ආනිසංස පරිච්ඡෙදං - තස්ස සිලස්ස කො වදෙ.

න ගඞ්ගා යමුනා චාපි - සරගුවා සරස්සති,

නි තත්ගා වා-විරවතී - මහී චාපි මහානදි.

සක්කුණන්ති විසොධෙතු - තං මලං ඉධ පාණිනං,

විසොධයති සත්තාන - යං වෙ සිලජලං මලං.

න තං සජලදා වාතා - න චාපි හරිචන්‍දනං,

නෙව හාරා න මණයො-න චන්‍දකිරණඞ්කුරා.

සමයන්තී ධ සත්තානං - පරිළාහ සුරක්ඛිතං,

යං සමෙති ඉදං අරියං - සීලං අච්චන්ත සීතලං.

සීලගන්‍ධ සමො ගන්‍ධො - කුතො නාම භවිස්සති,

යො සමං අනුවාතෙ ච - පටිවාතෙ ච වායති.

සග්ගාරොහණසොපාන - අඤ්ඤං සීලසමං කුතො,

චාරං වා පන නිබ්බාණ - නගරස්ස පවෙසනෙ.

සොභන්තෙවං න රාජානො - මුත්තා මණිවිභූසිතා,

යථා සොභන්ති යතිනො - සිලභූසනභූසිතා.

අත්තානුවාදා දි භයං - විද්ධංසයති සබ්බසො,

ජනෙති කිත්තිං හාසඤ්ච - සීලං සීලවතං සදා.

ගුණානා මූලභූතස්ස - දොසානං බලඝාතිනො,

ඉති සීලස්ස විඤ්ඤෙය්‍යං ආනිසංසකථා මුඛන්ති.

භාවය :-

1. සසුන්වන් කුලදරු-වනට ඇමකල් එක් පිහිටි,

සිල් ගුණ දහමැ අනුසස් - පිරිසිඳ කියන්නේ කවර.

2-3. පස් මහගඟ දියෙන් - සිල්දියෙන් මෙන් සත්වග

කිලිටිමල හැර සෝදා - නොපියා කරත්හොත් බැරි

4-5. මඳ මඳ මේ පවන් - සඳුන මිණිහර සඳකැන්,

පිරිසිදු සිහිල් සිල් සේ - නොපියා සත්වග තැවුලි

6. උඩු යටි සුලඟ හා - එක සේ දුවන අනුබඳ,

සිල් සුවඳ සුවඳෙක් - මුලු තුන් ලොව අන් කවර

7. සගපහට එකහිණ - නිවන් පුරට මහදොර,

සීලගුණ බඳු දහමෙක් - කියග ලොවතුර වෙන කවර.

8. සිල්බරණින් සැදුණු - බුදුපුත් යතිවරන් සේ,

සූසැට බරණ පැළඳි - නිරිදෝ ද නො දිලෙත් මේ.

9. සිව් බිය නසා හැරැ - සිල්වත් දනගෙ සිල්කඳ,

යසකිත් ලොවෙහි පතුරා - සැපත් සිරිදෙයි නිතොරා.

10. ගුණ මලට මුල් වූ - දොස් බල සිඳි තුමුල් වූ,

සිල් ගුණෙහි අනුසස් - මෙලෙසින් දැන පුරන්නේ.

සීලයෙහි ආනිසංස කුමක් ද

යනු මෙතෙකින් විසඳන ලද්දෙයි.

  1. අ:නි:තින නි: 166

  2. දි: නි: මහාවග්ග 53 පිට

  3. ම:නි: මූලපණ්ණාසක 34 පිට