මතක චීවරදාන කර්මය.

භික්ෂුවක් කලුරිය කළහොත් ඒ භික්ෂුව අයත් සියල්ල සඟසතු වෙයි. “කලුරිය කළ භික්ෂූන් අයත් වස්තු ගෝලයන්ට අයිති ය” යනු මෙකල ගිහියන්ගේ දේපල අයිති වීමේ ක්‍රමය අනුව සාදාගෙන තිබෙන විනය විරෝධී නීතියකි.

“භික්ඛුස්ස භික්ඛවෙ! කාලකතෙ සඞ්ඝො සාමි පත්තචීවරෙ. අපි ච ගිලානුපට්ඨාකා බහුකාරා. අනුජානාමි භික්ඛවෙ! සඞ්ඝෙන තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දාතුං. යං තත්ථ ලහුභණ්ඩං ලහුපරික්ඛාරං තං සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතුං, යං තත්ථ ගරුභණ්ඩං ගරුපරික්ඛාරං තං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස අවිස්සජ්ජිකං අවෙභඞ්ගිකං” මේ මහාවග්ගපාළියේ චීවරක්ඛන්ධකයේ දැක්වෙන මෘත භික්ෂූන්ගේ පරිෂ්කාර පිළිබඳ විනය නීතිය ය.

උපස්ථායක භික්ෂුව විසින් කාලක්‍රියා කළ භික්ෂුවගේ පා සිවුරු සඞ්ඝයා වෙත ගෙන ගොස්, “ඉත්ථන්නාමො භන්තෙ! භික්ඛු කාලකතො, ඉදං තස්ස තිචීවරඤ්ච පත්තො ච” යි සඞ්ඝයාට සැල කළ යුතු ය. ඒවා සඞ්ඝයාට අයත් වුව ද ගිලානෝපස්ථායක භික්ෂුවට සඞ්ඝයා විසින් දිය යුතු ය.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. (ඉත්‍ථන්නාමො) භික්ඛු කාලකතො. ඉදං තස්ස තිචීවරඤ්ච පත්තො ච. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දදෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. (ඉත්‍ථන්නාමො) භික්ඛු කාලකතො, ඉදං තස්ස තිචීවරඤ්ච පත්තො ච, සඞ්ඝො ඉමං තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දෙති. යස්සායස්මතො ඛමති ඉමස්ස තිචීවරස්ස ච පත්තස්ස ච ගිලානුපට්ඨාකානං දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දින්නං සඞ්ඝෙන තිචීවරඤ්ච පත්තො ච ගිලානුපට්ඨාකානං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.