සැරයටියක් නො මැතිව ඇවිදින්නට නුපුළුවන් භික්ෂූන් විසින් සැරයටිය පාවිච්චි කිරීමට දණ්ඩ සම්මුතිය ලබා ගත යුතු ය. එය ලබනු කැමති භික්ෂුව සඞ්ඝයා වෙත එළඹ, සිවුර ඒකාංස කොට පෙරවා, වැඩි මහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකයෙන් හිඳ, ඇඳිලි බැඳ:
අහං භන්තෙ! ගිලානො, න සක්කොමි විනා දණ්ඩෙන ආහිණ්ඩිතුං. සො’හං භන්තෙ සඞ්ඝං දණ්ඩසම්මුතිං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-
යන වාක්‍යය කියා සඞ්ඝයාගෙන් දණ්ඩ සම්මුතිය අයැදිය යුතු ය.
දණ්ඩ සම්මුතිය දෙන කර්ම වාක්‍යය.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු ගිලානො න සක්කොති විනා දණ්ඩෙන ආහිණ්ඩිතුං, සො සඞ්ඝං දණ්ඩසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො දණ්ඩසම්මුතිං දදෙය්‍ය. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු ගිලානො, න සක්කොති විනා දණ්ඩෙන ආහිණ්ඩිතුං, සො සඞ්ඝං දණ්ඩසම්මුතිං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො දණ්ඩසම්මුතිං දෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො දණ්ඩසම්මුතියා දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.
දින්නා සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො දණ්ඩ සම්මුති. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.