ආරාමික පේසක සම්මුතිය.

ආරාමිකයෝ නම් භික්ෂූන්ට උපකාරය පිණිස සඞ්ඝාරාමයේ වෙසෙන ගිහියෝ ය. ඔවුන් ඒ ඒ කටයුතුවල යොදවන්නකු නැති කල්හි ඔවුහු කටයුතු නො කරති. කරන්නාහු සුදුසු පරිදි නො කරති. එබැවින් ආරාමික පේසකයකු සම්මත කිරීමට තථාගතයන් වහන්සේ අනුදැන වදාළ සේක. ආරාමික පේසකයාය යනු ආරාමිකයන් ඒ ඒ වැඩවලට යොදවන තැනැත්තා ය. ආරාමික පේසක සම්මුතිය ලත් භික්ෂුව විසින් ආරාමිකයන් ඒ ඒ වැඩවල යෙදවිය යුතු ය.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං ආරාමිකපෙසකං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං ආරාමිකපෙසකං සම්මන්නති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො ආරාමිකපෙසකස්ස සම්මුති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.

සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු ආරාමිකපෙසකො. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.