සාටීය ගාහාපක සම්මුතිය.

සඞ්ඝයාට ලැබෙන වැසි සළු සුදුසු පරිදි බෙදා දීම ද කළ යුතු බැවින් තථාගතයන් වහන්සේ සාටිය ගාහාපක සම්මුතිය අනුදැන වදාළ සේක.

කර්ම වාක්‍යය මෙසේය:

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං සාටියගාහාපකං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං සාටියගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො සාටියගාහාපකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු සාටියගාහාපකො. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.