පාපදෘෂ්ටිය නො හරනා භික්ෂුවට කරන උක්ඛේපනීය කර්මය.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි, ‘අරිට්ඨ’ නම් භික්ෂුවක් “මෘදු වූ කොට්ට-මෙට්ට-ඇතිරිලි ආදියේ ස්පර්ශය කැප නම්, ස්ත්‍රී ස්පර්ශයත් කැප විය යුතු ය. එය අන්තරායික නො වේය” යන දෘෂ්ටිය ඇති කර ගත්තේ ය. ඒ බව ඇසූ භික්ෂූහු ඒ දෘෂ්ටිය දුරු කරනු පිණිස අරිට්ඨ නමැති භික්ෂුවට නොයෙක් ආකාරයෙන් අනුශාසනා කළහ. එහෙත් අරිට්ඨ භික්ෂුව නො පිළිගත්තේ ය. භික්ෂූහු ඒ බව තථාගතයන් වහන්සේට සැල කළෝ ය. බුදුරජාණන් වහන්සේ විසින් ද අවවාද කොට, නො පිළි ගත්තා වූ ඒ භික්ෂුවට උක්ඛේපනීය කර්මය කර, සම්භෝගයෙන් බැහැර කරන ලෙස තථාගතයන් වහන්සේ වදාළ සේක. දෘෂ්ටිය නො හරනා භික්ෂුවට උක්ඛේපනීය කර්මය කරන කල්හි, ඒ භික්ෂුව සඟ මැදට පමුණුවා, චෝදනා කොට වරද සිහි කරවා ඇවත දක්වා කර්මය කළ යුතු ය.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. (අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධාබාධිපුබ්බස්ස) එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං. “තථා’හං භගවතා ධම්මං දෙසිතං ආජානාමි. යථා යෙ මෙ අනන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති.” සො තං දිට්ඨිං නප්පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධාබාධිපුබ්බස්ස) පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීය කම්මං කරෙය්‍ය අසම්භොගං සඞ්ඝෙන. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, (අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධාබාධිපුබ්බස්ස) එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං “තථා’හං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති.” සො තං දිට්ඨිං නප්පටිනිස්සජ්ජති. සඞ්ඝො (අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධාබාධිපුබ්බස්ස) පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති (අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධාබාධිපුබ්බස්ස) පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛඹති. සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ-

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො (අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධාබාධිපුබ්බස්ස) එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං “තථා’හං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. සො තං දිට්ඨිං නප්පටිනිස්සජ්ජති. සඞ්ඝො (අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධාබාධිපුබ්බස්ස) පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති (අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධාබාධිපුබ්බස්ස) පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.

කතං සඞ්ඝෙන (අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධාබාධිපුබ්බස්ස) පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සගෙ උක්ඛෙපනීයකම්මං අසම්භොගං සඞ්ඝෙන. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

පාප දෘෂ්ටිය නො හැරීම නිසා උක්ඛේපනීය කර්මය කරන ලද භික්ෂූන් විසින් පිළිපැදිය යුතු වත් හෙවත් නීති අටොළොසෙකි. ඒ මෙසේ ය.

  1. උපසම්පදා නො කළ යුතු ය.
  2. නිස නො දිය යුතු ය.
  3. සාමණේරයන් නො ගත යුතු ය.
  4. භික්ඛුනෝවාදක සම්මුතිය නො පිළිගත යුතුය.
  5. කලින් සම්මුතිය ලබා ඇත්තේ ද භික්ෂුණීන්ට අවවාද නො කළ යුතු ය.
  6. උක්ඛේපනීය කර්මයට හේතු වූ ඇවතට නැවත නො පැමිණිය යුතු ය.
  7. එවැනි අනික් ඇවතකට ද නො පැමිණිය යුතු ය.
  8. එයට ලාමක ඇවතකට ද නො පැමිණිය යුතු ය.
  9. උක්ඛේපනීය කර්මයට ගර්හා නො කළ යුතු ය.
  10. කර්මය කළ භික්ෂූන්ට ගර්හා නො කළ යුතු ය.
  11. ප්‍රකෘති භික්ෂුවගේ උපෝසථය නො තැබිය යුතු ය.
  12. පවාරණය නො තැබිය යුතු ය.
  13. කිය යුත්තකු නො කළ යුතු ය.
  14. විහාරයේ ප්‍රධානත්වය නො කළ යුතු ය.
  15. චෝදනාවට අවසර නො ඉල්ලිය යුතු ය.
  16. චෝදනා නො කළ යුතු ය.
  17. වරද සිහි කරවීම නො කළ යුතු ය.
  18. භික්ෂූන් භික්ෂූන් සමග කලහයට නො යෙදවිය යුතු ය.

උක්ඛේපනීය කර්මය ඉවත් කිරීම ඉල්ලීමේ වාක්‍යය.

අහං භන්තෙ! සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තාමි. ලොමං පාතෙමි. නෙත්ථාරං වත්තාමි. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීය කම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ-

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො පාපිකාය දිට්ඨියා උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

පටිප්පස්සද්ධං සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.