ඇවැත් නො පිළිගන්නා භික්ෂූන්ට කරන උක්ඛේපනීය කර්මය.

බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වෙසෙන කල්හි, ඡන්න ස්ථවිරයෝ වරද කොට ඇවතට පැමිණ, භික්ෂූන් විසින් ඇවැතට පැමිණි බව කී කල්හි, ඇවතට පැමිණි බව පිළිගැනීමට නො කැමැති වූහ. භික්ෂූන් විසින් ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි ඡන්න ස්ථවිරයන්ට ‘උක්ඛේපනීය කර්මය” නියම කළ සේක. උක්ඛේපනීය කර්මයේ අදහස වරද කරන භික්ෂුව සඞ්ඝයා විසින් සම්භෝගයට නො ගන්නකු කොට බැහැර කිරීම ය. එය කරන කල්හි ඇවත නො පිළිගන්නා භික්ෂුවට චෝදනා කොට කළ වරද සිහි කරවා ඇවත දක්වා කළ යුතු ය.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු ආපත්තිං ආපජ්ජිත්‍වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරෙය්‍ය අසම්භොගං සඞ්ඝෙන, එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු ආපත්තිං ආපජ්ජිත්‍වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං. සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං. අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ-

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (ඡන්නො) භික්ඛු ආපත්තිං ආපජ්ජිත්‍වා න ඉච්ඡති ආපත්තිං පස්සිතුං. සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං. අසම්භොගං සඞ්ඝෙන සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

කතං සඞ්ඝෙන (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං අසම්භොගං සඞ්ඝෙන ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

උක්ඛෙපනීය කර්මය කරන ලද භික්ෂුව විසින් පිළිපැදිය යුතු නීති.

  1. උපාධ්‍යාචාර්ය හෝ කර්මාචාර්ය වී උපසම්පදා නො කළ යුතු ය.
  2. නිස නො දිය යුතු ය.
  3. උපාධ්‍යාය වී අලුත් සාමණේරයන් නො ගත යුතු ය.
  4. භික්ඛුනෝවාද සම්මුතිය නො පිළිගත යුතු ය.
  5. සම්මුතිය ලබා සිටියේ ද භික්ෂුණීන්ට අවවාද නො කළ යුතු ය.
  6. යම් ඇවතක් නො පිළිගැනීමෙන් උක්ඛේපනීය කර්මය කරන ලද ද, ඒ ඇවතට නැවත නො පැමිණිය යුතු ය.
  7. එබඳු අනික් ඇවැතකට ද නො පැමිණිය යුතු ය.
  8. එයට පවිටු ඇවතකට ද නො පැමිණිය යුතු ය.
  9. විනය කර්මයට ගර්හා නො කළ යුතු ය.
  10. ඒ කර්මය කළ භික්ෂූන්ට ගර්හා නො කළ යුතු ය.

11-21. ප්‍රකෘති භික්ෂුවකගේ වැඳීම, දුටුවිට ආසනයෙන් නැගී සිටීම, ඇඳිලි බැඳ වැඳීම, පවන් සැලීම් ආදී සුදුසු වැඩ කිරීම, අසුන් පැනවීම, යහන් පැනවීම, පා-දෝනා පැන් තැබීම, පා පුටු තැබීම, සේදීමේදී පය උලන දේ තැබීම, පාසිවුරු පිළිගැනීම, නෑමෙහිදී පිට ඇතිල්ලීම යන මේවා නො පිළිගත යුතු ය.

  1. ප්‍රකෘති භික්ෂුවකට ශීල විපත්තියෙන් චෝදනා නො කළ යුතු ය.
  2. ආචාර විපත්තියෙන් චෝදනා නො කළ යුතු ය.
  3. දිට්ඨි විපත්තියෙන් චෝදනා නො කළ යුතු ය.
  4. ආජීව විපත්තියෙන් චෝදනා නො කළ යුතු ය.
  5. භික්ෂුවක් භික්ෂූන් හා නො බිඳ විය යුතු ය.
  6. ශ්වේත වස්ත්‍රාදිය නො දැරිය යුතු ය.
  7. කුසචීරාදි තීර්ථක චීවර නො දැරිය යුතු ය.
  8. භික්ෂූන් සේවනය කළ යුතු ය.
  9. භික්ෂු ශික්ෂාවෙහි හික්මිය යුතු ය.
  10. ප්‍රකෘති භික්ෂුවක් හා එක් වහලක් ඇති ආවාසයක නො විසිය යුතු ය.
  11. එක් වහලක් ඇති අනාවාසයකද නො විසිය යුතු ය.
  12. එක් වහලක් ඇති ආවාසයක හෝ අනාවාසයක නො විසිය යුතු ය.
  13. ප්‍රකෘති භික්ෂුව දැක අස්නෙන් නැගී සිටිය යුතු ය.
  14. විහාරයෙහි දී හෝ පිටතදී හෝ ප්‍රකෘති භික්ෂුවකට අප්‍රසාදය නො දැක්විය යුතු ය.
  15. ප්‍රකෘති භික්ෂුවකට උපෝසථය නො තැබිය යුතු ය.
  16. පවාරණය නො තැබිය යුතු ය.
  17. ප්‍රකෘති භික්ෂුව සවචනීයකු නො කළ යුතු ය.
  18. විහාරයෙහි ප්‍රධානත්වය නො කළ යුතු ය.
  19. චෝදනාවට අවසර නො ගත යුතු ය.
  20. චෝදනා නො කළ යුතු ය.
  21. ඇවැත් සිහි නො කරවිය යුතු ය.
  22. භික්ෂූන් භික්ෂූන් හා කලහයට නො යෙදවිය යුතු ය.

ඇවැත් නො පිළිගැනීමේ උක්ඛේපනීය කර්මය ඉවත් කිරීම.

උක්ඛේපනීය කර්මය කරන ලද භික්ෂුව වත් පුරා සඞ්ඝයා සතුටු කොට සඞ්ඝයා වෙත එළඹ, සිවුරු ඒකාංස කොට පොරවා, මහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව හිඳ, කර්මය ඉවත් කරන ලෙස මතු දැක්වෙන වාක්‍යය කියා ඉල්ලිය යුතු ය.

අහං භන්තෙ! සඞ්ඝෙන ආපත්තියා අදස්සෙන උක්ඛෙපනීය කම්මකතො සම්මා වත්තාමි. ලොමං පාතෙමි. නෙත්‍ථාරං වත්තාමි. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (ඡන්නො) භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීය කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායසමතො ඛමති (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීය කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු -පෙ-

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයස්සකම්මස්ස පටිප්පස්සද්ධි. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

පටිප්පස්සද්ධං සඞ්ඝෙන (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.