පස්විසි අවහාරය.

අදින්නාදානය සිදුකිරීමේ ක්‍ර‍ම පස්විස්සක් විනයයෙහි දක්වා ඇත්තේය. ඒ පස්විසි ආකාරයන් අතුරෙන් කිනම් ආකාරයකින් වුව ද පාදයක් අගනා අන් සතු දෙයක් ගත හොත් පරිජි වේ. මේ සිකපදය පිළිබඳ දැනීම සම්පූර්ණ වන්නේ ඒ අවහාර ක්‍ර‍ම පස්විස්ස දත හොත් ය. ඒවා නො දන්නවුන්ට සමහර විට නො දැනම පාරාජිකා විය හැකිය.

නානාභණ්ඩ පඤ්චකය, ඒකභණ්ඩ පඤ්චකය, සාහත්ථික පඤ්චකය, පුබ්බපයෝග පඤ්චකය, ථෙය්‍යාවහාර පඤ්චකය[1] කියා අවහාර ක්‍ර‍මයන් පස බැගින් වර්ග පසකට බෙදා ඇත්තේ ය.

  1. ස.පා. – 218 පි.