සම්

“න ච භික්ඛවෙ කිඤ්චිචම්මං ධාරෙතබ්බං. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[1]

මහණෙනි, කිසි ම සමක් නො දැරිය යුතු ය. පරිභෝග නො කළ යුතු ය.

“අනුජානාමි භික්ඛවෙ ගිහිවිකටං අභිනිසීදිතුං නත්වෙව අභිනිප්පජ්ජිතුං.[2]

මහණෙනි, ගිහියන්ගේ සම්වල හිඳ ගැනීමට අනුදනිමි. නිදා ගැනීමට නො අනුදනිමි.

“අනුජානාමි භික්ඛවෙ සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු චම්මානි අත්ථරණානි, එළකචම්මං අජචම්මං මිගචම්මං.”[3]

මහණෙනි, සියලු ප්‍ර‍ත්‍යන්ත ජනපදයන්හි එළුසම් තිරෙළුසම් මුවසම්වලින් කළ ඇතිරි අනුදනිමි. මධ්‍යදේශයේ කිසි සමක් පරිභෝග නො කළ යුතු ය. මිනිස් සම් හැර අන් සියලු සම් පාවහන්වලට හා ථවිකවලට කැපය.

  1. මහා - 504 පි.

  2. මහා - 504 පි.

  3. මහා - 514 පි.