ස්වාක්ඛාතො භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, එහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. මේ බොහෝ සූත්‍ර දේශනාවල දක්නට ලැබෙන ධර්මගුණ පාඨය ය. එයින් ධර්මයයේ ගුණ සයක් දැක්වේ. එහි තේරුම මෙසේ ය.
1. ස්වාක්ඛාතො භගවතා ධම්මො,
භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මුල මැද අග යන තුන් තැන ම යහපත් වන පරිදි මනාකොට දේශනය කරන ලද්දේ ය.
2. සන්දිට්ඨිකො,
ඒ ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයනට වර්තමාන භවයේදීම ප්‍රත්‍යක්ෂ වන ගුණවලින් යුක්ත වන්නේ ය.
3. අකාලිකො,
ඒ ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ හෙවත් ඒ ධර්මය ක්‍රියාවෙහි යොදවන්නා වූ සත්පුරුෂයනට වර්ෂගණන් මාසගණන් ගත වීමෙන් නොව එදිනෙදා ම ලැබිය හැකි ගුණවලින් යුක්ත වන්නේ ය.
4. එහිපස්සිකො,
ධර්මය තෙමේ ඇවිත් මේ සසුනෙහි පිළිවෙත් පුරා බලන්නය යි අන්‍යයන්ට නිර්භීතව කිය හැකි අන්‍යයන් ඇද දැමීමට සුදුසු ගුණ ඇත්තේ ය.
5. ඕපනයිකො,
මේ ධර්මය තෙමේ, අන් හැම වැඩක් ම පසුව කරන්නට තබා සැම වැඩකට ම කලින් තමාගේ සිතෙහි පිහිටුවීමට සුදුසු වන්නේ ය.
6. පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි,
ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයනට අන්තැනකින් නොව තමාගේම සිත් තුළින් ම අහෝ සැපය, අහෝ යහපත්ය කියා දැනෙන ගුණයෙන් යුක්ත වන්නේය.