බුරුමයේ භාවිතා කරන වන්දනා ගාථා

ආගම අදහන සැම දෙන ම වගේ තම තමන් අදහන දේවාදීන්ට ඔවුන් ගේ ගුණ කීර්තනය කරමින් නමස්කාර කෙරෙති. බෞද්ධයෝ තමන්ගේ ශාස්තෘවරයාණන් වූ තථාගතයන් වහන්සේට නමස්කාර කිරීමේදී බොහෝ සෙයින් ගාථා භාවිතා කෙරෙති. බුද්ධගුණ අනන්ත බැවින් බුදුන් වහන්සේට නමස්කාර කිරීමට ගාථා භාෂාව දත් කෙනකුට ඕනෑ තරම් රචනා කළ හැකිය. එ බැවින් ලෝකයේ බෞඬ රටවල බොහෝ බුද්ධවන්දනා ගාථා ඇත්තේ ය. දැනට ඇති වන්දනා ගාථා පොත්වලට ඇතුළු වී ඇත්තේ ඒවායින් ඉතා ස්වල්පයෙකි. ලංකාවේ භාවිතයට පැමිණ තිබෙන වන්දනා ගාථා බුරුමයට පැමිණ නැත. බුරුම බෞද්ධයෝ ඔවුන් ගේ බසින් පිළියෙල වුණු වන්දනා වාක්‍යයන් හා පාලි ගාථා ද වන්දනාව සඳහා භාවිත කෙරෙති. “සුගතං සුගතං සෙට්ඨං කුසලං කුසලං ජහං” යනාදි ගාථා පෙළ එරට බොහෝ දෙන භාවිත කරන වන්දනා ගාථා පංතියකි. බුරුමයේ මණ්ඩලේ නුවර වැඩ වෙසෙන අග්ගමහා පණ්ඩිත යන උපාධිය ඇති ඌ. රේවත මහානායක මාහිමියන් වහන්සේ විසින් ඒ වන්දනා ගාථා පංක්තිය වර්ණනා කරමින් දෙසියයකට අධික පිටු ගණනකින් යුක්ත වූ නමක්කාරටීකා නමැති ග්‍ර‍න්ථයක් පාලි භාෂාවෙන් සම්පාදනය කර තිබේ. ඒ ගාථාවලට ඒ රටේ ඇති සැලකිල්ල එයින් තේරුම් ගත හැකි ය.

ඒ ගාථා කවර කලෙක කවරකු විසින් කරන ලද ද යන බව නිශ්චය වශයෙන් කිසිවෙක් නො දනිති. “පිටකත්‍ර‍යට අටුවා ලියනු පිණිස දඹදිවින් ලක්දිවට පැමිණි බුදු ගොස් මාහිමියන් වහන්සේ විසින් දහම් පොත් තැන්පත් කර තිබුණු පොත් ගුලේ දොරකඩ සිට මේ ගාථා පංක්තිය කියා නමස්කාර කළ කල්හි පොත් ගුලේ දොර ඉබේම හැරී ගියේ ය” යි මුඛ පරම්පරාගත කථාවක් බුරුමයෙහි ඇත්තේ ය. එහි සත්‍යාසත්‍යතාව කෙසේ වුව ද කවරකුට වුවත් වන්දනාව සඳහා භාවිතයට මේ ගාථා පංක්තිය ඉතා හොඳ ය. මේ ගාථාවලින් හැකිතාක් ගාථා ගණනක් පාඩම් කර ගෙන වන්දනා කිරීමේ දී භාවිතා කළ හැකි ය. කැමති පින්වත්හු මේ ගාථා පාඩම් කරගෙන භාවිතා කෙරෙත්වා. ගාථා පංක්තිය මෙසේ ය:

නමස්කාර ගාථා

1. සුගතං සුගතං සෙට්ඨං

කුසලං කුසලං ජහං

අමතං අමතං සන්තං

අසමං අසමං දදං

-

2. සරණං සරණං ලොකං

අරණං අරණං කරං

අභයං අභයං ඨානං

නායකං නායකං නමෙ.

-

3. නයන සුභග කායංගං

මධුර සර වරො පෙතං

අමිත ගුණ ගණා ධාරං

දසබල මතුලං වන්දෙ.

-

4. යො බු‍ද්ධො ධිතිමාඤ්ඤධාරකො

සංසාරෙ අනුහොසි කායිකං

දුක්ඛං චෙතසිකඤ්ච ලොකතො

තං වන්දෙ නරදෙව මංගලං

-

5. බත්තිංසති ලක්ඛන චිත්‍ර‍ දෙහං

දෙහජ්ජුති නිග්ගත පජ්ජලන්තං

පඤ්ඤාධිති සීල ගුණොඝවින්දං

වන්දෙ මුනී මන්තිම ජාති යුත්තං

-

6. පාතොදයං මබල දිවාකරං ච

මජ්ඣෙ යතීනං ලකිතං සිරීහි

පුණ්ණින්දු සංකාස මුඛං අනෙජං

වන්දාමි සබ්බඤ්ඤු මහං මුනින්දං

-

7. උපෙත පුඤ්ඤෝ වර බොධිමූලෙ

සසෙන මාරං සුගතො ජිනිත්වා

අබුජ්ඣි බොධිං අරුණොදයම්හි

නමාමි තං මාරජිනං අභාගං

-

8. රාගාදි ඡෙදා මල ඤාණ ඛග්ගං

සතී සමඤ්ඤො ඵලකාභි ගාහං

සිලොඝ ලංකාර විභූසිතං තං

නමාමි භිඤ්ඤා වරමිද්ධුපෙතං

-

9. දයාලයං සබ්බධි දුක්කරං කරං

භවණ්ණවා තික්කම මග්ගතං ගතං

තිලොකනාථං සුසමාහිතං හිතං

සමන්ත චක්ඛුං පණමාමි සාදරං

-

10. තහිං තහිං පාරමි සඤ්චයං චයං

ගතං ගතං සබ්භි සුඛප්පදං පදං

නරා නරානං සුඛසම්භවං භවං

නමා නමානං ජිනපුංගවං ගවං

-

11. මග්ගංග නාවං මුනි දක්ඛ නාවිකො

ඊහා පියං ඤාණ කරෙන ගාහකො

ආරුය්හං යො කාය බහූ භවණ්ණවා

තාරෙසි තං බුද්ධමඝප්පහං නමෙ.

-

12. සමතිං සති පාරමි සම්භරණං

වර බොධිදුමෙ චතුසච්ච දසං

වරමිද්ධි ගතං නර දෙව හිතං

තිභවූපසමං පණමාමි ජිනං

-

13. සතපුඤ්ඤජ ලක්ඛණිකං විරජං

ගගනූපමධිං ධිතිමෙරුසමං

ජනජූපම සිතල සීල යුතං

පඨවී සහනං පණමාමි ජිනං

-

14. යො බුද්ධො සුමති දිවෙ දිවාකරො ච

සොභන්තො රතිජනනෙ සිලාසනම්හි

ආසින්නො සිවසුඛදං අදෙසි ධම්මං

දෙවානං තමසදිසං නමාමි නිච්චං

-

15. බුද්ධං නරානං සමොසරණං ධිතත්තං

පඤ්ඤාපදීප ජුතියා විහතන්ධකාරං

අත්ථාභිරාම නර දෙව හිතා වහං තං

වන්දාමි කාරුණික මග්ග මනන්ත ඤාණං

-

16. අඛිල ගුණ නිධානො යො මුනින්දො පගන්වා

වන මිසි පතනව්හං සඤ්ඤතානං නිකෙතං

තහි මකුසල ජේදං ධම්මචක්කං පවත්තො

තමතුල මහිකන්තං වන්දය්‍යෙං නමාමි.

-

17. සුචීපරිවාරිතං සුචිරප්පභාහි රත්තං

සිරිවිසයාලයං ගුපිත මින්ද්‍රියෙහු පෙතං

රවි සසි මණ්ඩලප්පභූති ලක්ඛණොප චිත්තං

සුර නර පූජිතං සුගත මාදරං නමාමි.

-

18. මග්ගොලුම්පෙන මුහපටිඝාසාදි උලලොල වීචිං

සංසාරොඝං තරිත මභයං පාරපත්තං පජානං

තාණං ලෙණං අසමස සරණං එකතිත්ථං පතිට්ඨං

පුඤ්ඤක්ඛෙත්තං පරම සුඛදං ධම්මරාජ නමාමි.