උත්තම පුරුෂයන්ගේ කල්පනා

  1. අප්පිච්ඡස්සා’යං භික්ඛවේ, ධම්මෝ, නා’යං ධම්මෝ මහිච්ඡස්ස.
  2. සන්තුට්ඨස්සා’යං භික්ඛවේ, ධම්මෝ, නා’යං ධම්මෝ අසන්තුට්ඨස්ස.
  3. පවිවිත්තස්සා’යං භික්ඛවේ, ධම්මෝ නා’යං ධම්මෝ සංගණිකාරාමස්ස.
  4. ආරද්ධවිරියස්සා’යං භික්ඛවේ, ධම්මෝ, නා’යං ධම්මෝ කුසීතස්ස.
  5. උපට්ඨිතසතිස්සා’යං භික්ඛවේ, ධම්මෝ, නා’යං ධම්මෝ මුට්ඨස්සතිස්ස.
  6. සමාහිතස්සා’යං භික්ඛවේ, ධම්මෝ, නා’යං ධම්මෝ අසමාහිතස්ස.
  7. පඤ්ඤවතෝ අයං භික්ඛවේ, ධම්මෝ නා’යං ධම්මෝ දුප්පඤ්ඤස්ස.
  8. නිප්පපඤ්චාරාමස්සා’යං භික්ඛවේ, ධම්මෝ නිප්පපඤ්ච-රතිනෝ, නා’යං ධම්මෝ පපඤ්චාරාමස්ස පපඤ්චරතිනෝ.

(අංගුත්තර අට්ඨක නිපාත ගහපතිවග්ග)

  1. මහණෙනි, සතරමාර්ග සතරඵල නිර්වාණ සංඛ්‍යාත මේ නවලෝකෝත්තර ධර්මය අල්පේච්ඡ පුද්ගලයාහට ම සම්පාදනය කළ හැකි ය, ලැබිය හැකි ය. මහිච්ඡයාට නො ලැබිය හැකි ය.
  2. මහණෙනි, මේ නවලෝකෝත්තර ධර්මය සිවුපසය පිළිබඳ තෙවැදෑරුම් සන්තෝෂය ඇතියහුට ම සම්පාදනය කළ හැකි ය. අසන්තුට්ඨයාහට සම්පාදනය නො කළ හැකි ය.
  3. මහණෙනි, විවේකය භජනය කරන්නහුට ම මේ ධර්මය සම්පාදනය කළ හැකි ය. පිරිසෙහි සිත් අලවා සිටින්නහුට සම්පාදනය නො කළ හැකි ය.
  4. මහණෙනි, මේ ධර්මය වීර්‍ය්‍යය ක්‍රියාවෙහි යොදවන්නහුට ම සම්පාදනය කළ හැකි ය. අලසයාට නො කළ හැකි ය.
  5. මහණෙනි, සතර සතිපට්ඨානයෙන් පවත්වන්නහුට ම මේ ධර්මය සම්පාදනය කළ හැකි ය. සිහියෙන් තොර වූවහුට නො කළ හැකි ය.
  6. මහණෙනි, සමාධිය ඇතියහුට ම මේ ධර්මය සම්පාදනය කළ හැකි ය. සමාධිය නැතියහුට නො කළ හැකිය.
  7. නුවණැතියහුට මේ ධර්මය සම්පාදනය කළ හැකිය, නුවණ නැතියහුට නො කළ හැකිය.
  8. මහණෙනි, තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍ර‍පඤ්චයන් නැතියහුට ම මේ ධර්මය සම්පාදනය කළ හැකි ය. ප්‍ර‍පඤ්චයන් ඇතියහුට නො කළ හැකි ය.