1. “අනික්කසාවෝ කාසාවං යෝ වත්ථං පරිදහිස්සති.
අපේතෝ දමසච්චේන න සෝ කාසාවමරහති.
-
2. යෝ ච වන්තකසාවස්ස සීලේසු සුසමාහිතෝ,
උපේතෝ දමසච්චේන ස වේ කසාවමරහති.
-
3. විපන්නසීලෝ දුම්මේධෝ පාකටෝ කාමකාරියෝ,
විබ්භන්තචිත්තෝ නිස්සුක්කෝ න සෝ කාසාවමරහති.
-
4. යෝ ච සීලේන සම්පන්නෝ වීතරාගෝ සමාහිතෝ,
ඕදාතමනසංකප්පෝ ස වේ කාසාවමරහති.
-
5. උද්ධතෝ උන්නලෝ බාලෝ සීලං යස්ස න විජ්ජති.
ඕදාතකං අරහති කාසාවං කිං කරිස්සති.”
(ඵුස්සත්ථෙර ගාථා)
- “රාගාදි කෙලෙස් කසට සහිත වූ යමෙක් කාෂාය වස්ත්‍රය හඳී ද, ඉන්ද්‍රිය දමනයෙන් හා වාක් සත්‍යයෙන් තොර වූ හෙතෙමේ සිවුරට සුදුසු නො වේ.
- යමෙක් පහකරන ලද කෙලෙස් කසට ඇත්තේ ද, ශීලයෙහි මැනවින් හික්මුණේ වේ ද, ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍යයෙන් යුක්ත වේ ද හෙතෙමේ සිවුරට සුදුසු ය.
- බිඳුණු සිල් ඇත්තා වූ ශීලය පිරිසිදු කර ගැනීමෙහි නුවණ නැත්තා වූ දුස්සීලයෙකැයි ප්‍රසිද්ධ වූ සංවරයක් නැති බැවින් සිතුණු දෙයක් කරන්නා වූ රූපාදි ආරම්මණයන්හි විසිර ගිය සිත් ඇත්තා වූ කුශලකර්ම නැත්තා වූ හෙතෙමේ සිවුරට සුදුසු නො වේ.
- යමෙක් ශීලයෙන් යුක්ත ද, දුරු කරන ලද රාගය ඇත්තේ ද, සන්සිඳුණු සිත් ඇත්තේ ද ශුද්ධ සිත් ශුද්ධ කල්පනා ඇත්තේ ද හෙතෙමේ සිවුරට සුදුසු ය.
- නො සන්සුන් සිත් ඇත්තා වූ, අතිමානයෙන් මත් වූ, නුවණ නැත්තා වූ යමකු හට ශීලය නැත්තේ ද හේ සුදුවතට සුදුසු ය. සිවුර ඔහුට කිනම් අර්ථයක් සිදු කෙරේ ද? සිවුරෙන් ඔහුට ප්‍රයෝජනයක් නැත.”
“උද්ධතෝ චපලෝ භික්ඛූ පංසුකූලේන පාරුතෝ,
කපීව සීහචම්මෙන න සෝ තේනුපසෝභති.
(මහාකස්පථෙර ගාථා)
නො සන්සුන් සිත් ඇත්තා වූ චපල වූ මහණ තෙමේ පාංසුකූලය පොරවන ලදුයේ සිංහ සම පෙරවූ වඳුරකු සේ නො හොබනේ ය.