අරමුණු රස විඳීම් ස්වභාවය වූ වේදනාව මෙනෙහි කිරීමක් පාසා මෙහි ඇත්තේ සත්වයෙකුත් නොවේ. මම ය යි ගත යුත්තෙක් ද නොවේ. මට අයිති දෙයකුත් නොවේ. ස්ත්‍රියක් ද නොවේ. පුරුෂයෙක් ද නොවේ. සැප වේදනා-දුක් වේදනා-මැදහත් වේදනා රැසක්ම මෙහි ඇතැයි සිහි කරන-සති (සිහි) ය පහළ වෙයි. එවිට සණ්ඨාන ප්‍රඥප්තිය අතුරුදහන් වීමෙන් විඳීම් ස්වභාවය වූ වේදනා මාත්‍රයක් ම ඇතැයි සිහි කරවන නිසා මතුමත්තෙහි ද සිහිය හා නුවණ පිළිවෙළින් දියුණු වී එන්නේ ය. එවිට තණ්හා දිට්ඨි දෙකින් වේදනාව මම ය මාගේ ය යි තදින් අල්වා නො ගනී. එහෙයින් “අත්ථි වෙදනාති වා පනස්ස සති පච්චුපඨිතා හොති” යන ආදිය වදාළ සේක.
වේදනානුපස්සනාව නිමි.