පාලි
“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙස මත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං, අන්තං අන්තගුණං උදරියං කරීසං මත්ථලුඞ්ගං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති”
කෙටි අදහස
මහණෙනි, නැවත ද අනික් මනස්කාර ක්‍රමයක් කියනු ලැබේ. යෝගී තෙමේ පාද තලයෙන් උඩ ඉසකේ මස්තකයෙන් යට සමෙන් දැවටී ඒ සම අවසන් කොට ඇති නොයෙක් අසුචියෙන් පිරුණු මේ ශරීරය ම සිහි නුවණින් බලයි.
කෙසේ ද යත්? මේ කයෙහි කෙස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදය මාංසය, අක්මාව, දළබු සිවිය, බඩදිව, පපුගඩු, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, ආහාර ….., මොළ, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේද තෙල, කඳුලු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳ මිදුලු, මුත්‍ර යන මෙකී අපිරිසිදු කුණප වස්තූහු මේ ශරීරයෙහි ඇත්තාහු ය.
පාලි
“සෙය්‍යථාපි භික්ඛවෙ උභතොමුඛා මුතොලි පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස, සෙය්‍යථිදං? සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. තමෙනං චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්‍ය. ඉමෙ සාලී, ඉමෙ වීහී ඉමෙ මුග්ගා, ඉමෙ මාසා, ඉමෙ තිලා, ඉමෙ තණ්ඩුලාති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා, තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා -පෙ-මුත්තන්ති.”
කෙටි අදහස
මහණෙනි, යම් සේ උඩ යට දෙපසින් මුව (කට) දෙකක් ඇති මල්ලක් හැල් වී, මහ වී, මුං, මෑ, තල යන ආදී නොයෙක් ධාන්‍ය වර්ගයන් ගෙන් පුරවන ලද්දේ වෙයි ද, එය දුටු ඇස් ඇති පුරුෂයක් ඒ මල්ල ලිහා මේ හැල් වී ය, මේ මා වී ය, මේ මෑ ඇටය, මේ තලය, මේ හාල් ය, යන ආදිය කියමින් සලකා බලන්නේ යම් සේ ද, මහණෙනි! එපරිද්දෙන් ම යෝගී තෙමේ පාදාන්තයෙන් උඩ හිසකේ මතුයෙන් යට සම කෙළවර කොට ඇති මේ ශරීරය කෙස්, ලොම්, නියපොතු, දත් - පෙ- කෙළ, සොටු, සඳ මිදුලු, මුත්‍ර යන කුණපයන්ගෙන් පිරී පවතින්නේ ය යි සිහි නුවණින් සලකා බලන්නේ ය.
පාලි
ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති.
සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
කෙටි අදහස
මෙසේ තමාගේ කයෙහි හෝ කෙස්, ලොම් ආදී කුණු කොටස් මෙනෙහි කරමින් කය අනුව බලන සුලුව වාසය කරයි. අනුන්ගේ කයෙහි හෝ කෙස් ආදී කුණු කොටස් මෙනෙහි කරමින් කය අනුව බලන සුලුව වාසය කරයි. තමාගේ හෝ අනුන්ගේ කෙස් ආදී කුණු කොටස් මෙනෙහි කරමින් කය අනුව බලන සුලුව වාසය කරයි.
කෙස්, ලොම් ආදී කුණු කයෙහි (එය) උපදවන ප්‍රත්‍යය හා ඉපදීම අනුව බලමින් වාසය කරයි. කෙස්, ලොම් ආදී කුණු කයෙහි බිදීයාමේ (නැතිව යාමේ), ප්‍රත්‍යය හා බිඳීම (නැතිවීම) අනුව බලමින් වාසය කරයි. කෙස්, ලොම් ආදී කුණු කයෙහි ඉපදවීමේ ප්‍රත්‍යය හා ඉපදීම ද නැතිව යාමේ ප්‍රත්‍යය හා නැතිවීම ද අනුව බලමින් වාසය කරයි.
මෙහි කෙස්, ලොම් ආදී කුණප කොටස් පමණක් ඇත. පුද්ගලයෙක් හෝ සත්වයෙක් නැතැ යි ඒ භාවනානුයෝගීයාහට සිහිය එළඹ සිටියා වෙයි. එය පිළිවෙළින් ඤාණය වැඩි දියුණුවීම පිණිස වෙයි. පිළිවෙළින් සිහිය වැඩි දියුණුවීම පිණිස ද වෙයි.
වැඩි දියුණු වූ සිහිය හා ඤාණය ඇති ඒ යෝගී තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොරව ද වාසය කරයි. එහෙයින් උපදිමින් නැසෙමින් පවත්නා කෙස්, ලොම් ආදී උපාදාන ස්කන්ධ සංඛ්‍යාත සංකාර ලෝකයෙහි කෙස්, ලොම් ආදී කිසිවක් මම ය මාගේ ය යි කියා තණ්හා දිට්ඨි දෙකින් තදින් අල්ලා නොගනී. මහණෙනි, භාවනානුයෝගී තෙමේ මෙසේ ද කෙස්, ලොම් ආදී කුණු කය අනුව බලමින් වාසය කරයි.
එහි විස්තරය:
“සමුදය ධම්මානු පස්සී -වයධම්මානුපස්සී - අනිත්තො-න ච කිඤ්චි ලොකෙ උපාදියති” යන මෙකී වචන වලින් පැහැදිලි වන්නේ පටික්කුල මනසිකාර පබ්බයෙහි ද විදර්ශනාව ම මූලික කොට ගෙන වදාළ බව ය. කුමක් නිසා ද යත්? තනිකර සමථයෙන් කය පිළිබඳ ඇතිවීම හා නැති වීම ද නොදත හැකි ය. කය මම ය මාගේ යයි කියා තදින් අල්ලා තණ්හා දිට්ඨි ආදී කෙළෙසුන් දුරු කළ නොහැකි ය. විදර්ශනා භාවනා වෙන් ම කයේ ඇතිවීම හා නැති වීමත් දත හැකි වෙයි. තණ්හා දිට්ඨි කෙලෙසුන් කෙරෙන් ද දුරු විය හැකි වෙයි. එහෙයින් පටිකූල මනසිකාර පබ්බයෙහි ද විදර්ශනාව ඇති විය හැකි බව සැලකිය යුතු යි.
කුමක් හෙයින් ද යත්? කෙස්, ලොම් ආදී වශයෙන් මෙනෙහි කරන කල්හි සිත එකඟවන-සමාධිය ඇති විය හැකිය. සමාධිය වනාහි උපචාර සමාධි-අර්පනා සමාධි වශයෙන් දෙවැදෑරුම් වේ. එහි උපචාර සමාධිය නම් ධ්‍යාන සිත ඇතිවීමට පෙර පෘථග්ජනයාට හෝ සෙඛ පුද්ගලයාට නම් ඥාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත්හි යෙදෙන ඛණික චිත්තෙකග්ගතා චෛතසික ය යි. අර්පනා සමාධිය නම්, ප්‍රථමාධ්‍යානය හා සම්ප්‍රයුක්ත වන ඒකග්ගතා චෛතසික ය යි. “පටික්කූලාරම්මණතා චණ්ඩසොතාය නදියා අරිත්ත බලෙන නාවා විය විතක්ක බලෙන තත්ථ චිත්තං පවත්තතීති අසුභ කම්ට්ඨාන අවිතක්කඣාන අසම්භවතො පඨමජ්ඣානිකාතිවුත්තං” … ටීකායෙහි කී බැවින් කෙස්, ලොම්, සෙම්, සොටු, මල, මුත්‍ර ආදිය පිළිකුල් කුණප කොටස් වූ බැවින් ගංගාවෙහි සැඩ දිය පහරින් පහළට පාවී යන පාරුවක් රිටේ බලයෙන් නවත්වා ගන්නාක් මෙන් පිළිකුල් කුණප අරමුණෙහි සිත නවත්වා ගත හැකි වන්නේ විතර්ක චෛතසිකයේ බලයෙනි. ඒ නිසා මේ පිළිකුල් අරමුණෙහි ප්‍රථම ධ්‍යානය ම මිස විතර්ක රහිත අනික් ධ්‍යානයක් නො උපදනේ ය. (ධ්‍යන රහිතව රහත් වන ඇතැම් සුක්ඛ විපස්සක රහතන් වහන්සේලා ද මේ පිළිකුල් අරමුණ මෙනෙහිකර ප්‍රථම ධ්‍යානය ලබා ගනිති).
මෙසේ උපචාර-අර්පනා වශයෙන් ලබාගත් ධ්‍යාන ඇති ඒ යෝගී පුද්ගලයා විසින් නැවත ඒ ධ්‍යාන සිත හා එයට අරමුණු වූ කෙස්, ලොම් ආදී නාම රූප ධර්මයන් මෙනෙහි කරන කල්හි ඔහුට ඒ නාම රූපයන්ගේ ඉපදීම හා නැති ව යෑම ද ප්‍රකටව දත හැකි ව න්නේය. මෙසේ මෙනෙහි කරමින් ඒ අරමුණේ තතු දැන ගන්නා වාරයක් පාසා ඒ කෙස් ලොම් ආදිය සහ ධ්‍යාන චිත්තය පිළිබඳ තණ්හා දිට්ඨි දෙක දුරු වී යන්නේ ය. මෙනෙහි කිරීමක් පාසා ධ්‍යාන චිත්තය හා කෙස්, ලොම් ආදිය පිළිබඳ ඇතිවීම හා නැතිවීම ත් ඔවුන්ගේ ප්‍රත්‍ය දැක ගැනීම ත් සමුදය ධම්මානුපස්සී ය යි කියන ලදී. සෙස්ස පෙර කී සේ ම ය. මෙහි දී තණ්හා දිට්ඨිවලින් තොර වූ විදර්ශනාව දියුණුවන බව සැලකිය යුතු යි.
පටික්කුලමනසිකාර පබ්බය නිමි.