සෝමා භික්ෂුණිය අන්ධ වනයේ විවේක සුවයෙන් වැඩ වෙසෙන අවස්ථාවෙක පවිටු මාරයා එතුමිය වෙත අවුත් මෙසේ කී ය.
යන්තං ඉසිහි පත්තබ්බං - ඨානං දුරභි සම්භවං
නතං ද්වංගුල පඤ්ඤාය - සක්කා පප්පොතු මිත්ථියා
ඉසිවරුන් විසින් ලැබිය යුතු වූ දුලබ වූ යම් ඒ පදවියෙක් වේ ද? එය දෑඟුල් නුවණ ඇති ස්ත්‍රිය විසින් නො ලැබිය හැක.
එය ඇසූ සෝමා මෙහෙණ මෙසේ පිළිතුරු දුන්නා ය.
ඉත්ථි භාවො කිං කයිරා - චිත්තම්හි සුසමාහිතෙ
ඤාණහ් හි වත්තමානම්හි - සම්මා ධම්මං විපස්සතො
.
යස්ස නූන සියා එවං - ඉත්ථාහං පුරිසොති වා
කිංචි වා පන අඤ්ඤස්මිං - තං මාරො වත්තුමරහති
සිත මැනැවින් සමාදි ගත වූ කල්හි නුවණ පවත්නා කල්හි මනා කොට දහම් දකිනහුට ඉතිරි බව කුමක් කරන්නේ ද? මම ස්ත්‍රියක් මු යි හෝ පුරුෂයෙක් මි යි හෝ අන් කිසිවෙකිම් වෙමි යි හෝ යමෙකුට මෙසේ අදහස වන්නේ නම් මාර තෙමේ ඔහුට කියන්න සුදුසු වෙයි.
එය ඇසූ මාර තෙමේ දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.