පච්චයවාරයේ අනුලෝම සඞ්ඛ්‍යාවාරය [සන්නය]

star_outline

විභඞ්ගවාරයට අනතුරුව සඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එය ශුද්ධසඞ්ඛ්‍යාවාර ද්විකාදිසඞ්ඛ්‍යාවාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් ශුද්ධ සඞ්ඛ්‍යාවාරය පළමුකොට වදාළ සේක. එහි ද හේතුපච්චය සුද්ධ සඞ්ඛ්‍යාවාරාදීන් ගේ වශයෙන් වාර තෙවිස්සක් ඇත්තේ ය. එයින් හේතුපච්චය සුද්ධසඞ්ඛ්‍යාවාරය පළමු කො වදාළ සේක. එහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක චිත්තජ රූපයෝ ය. සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු හේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්නධර්‍මයෝ ය. ඒ ධර්‍මයෝ මේ අනුලෝම වාරයෙහි නයයට අනුව ද වාරයට අනුව ද ත්‍රිකපදයන්ට අනුව ද “හෙතුයා සත්තරස” යි වදාරන ලදහ. මේ ශුද්ධවාරය පටිච්චවාරය සේ විස්තර කරනු.

“ආරම්මණෙ සත්ත, අධිපතියා සත්තරස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ සත්තරස, අඤ්ඤමඤ්ඤෙ සත්ත, නිස්සයෙ සත්තරස, උපනිස්සයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, ආසෙවනෙ සත්ත, කම්මෙසත්තරස, විපාකෙ එකං, ආහාරෙ සත්තරස, ඉන්‍ද්‍රියෙ සත්තරස, ඣානෙ සත්තරස, මග්ගෙ සත්තරස, සම්පයුත්තෙ සත්ත, විප්පයුත්තෙ සත්තරස, අත්‍ථියා සත්තරස, නත්‍ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස.” මේ තෙවිසි ප්‍රත්‍යයන් අතුරෙන් වාර සතොළොස බැගින් ලැබෙන ප්‍රත්‍යය දොළොසෙකි. සත ලැබෙන ප්‍රත්‍යය දශයෙකි. විපාකයෙහි පමණක් එක් වාරයෙකි.

සුද්ධසඞ්ඛ්‍යාවාරයට අනතුරුව දුකාදිසඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එහි ද හේතුදුකාදි ආරම්මණදුකාදි යනාදි වශයෙන් වාර තෙවිස්සක් ඇත්තේ ය. එයින් හේතුදුකාදිය පළමුකොට වදාළ සේක. එහි ද දුක තික චතුකාදි වසයෙන් වාර දෙවිස්සක් ඇත්තේ ය. එයින් දුක වාරය පළමුකොට වදාළ සේක. එද හේතුමූලක ආරම්මණදුකාදි වශයෙන් දෙවිසි වැදෑරුම් වේ. එයින් හේතුමූලක ආරම්මණදුකාදිවාරය පළමුකොට වදාළ සේක. එහි මෝහමූලද්වයයෙහි මෝහය ය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතරය යන මොවුහු ආරම්මණ ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතු ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න නොවීමෙන් හේතු ප්‍රත්‍යය බැහැර කරති. එ බැවින් ඒ ධර්‍මයෝ පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා ආරම්මණෙ චත්තාරි” යි වදාළ සේක.

“චත්තාරි” යනු අකුසලෙන අකුසලය, අබ්‍යාකතෙන අබ්‍යාකතය, අබ්‍යාකතෙන අකුසලය, අකුසලාබ්‍යාකතෙන අකුසලය යන මොහුය. අකුසලෙන අකුසලයෙහි පටිච්චවාරයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි රූප වාරයන්හි අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. වස්තුරූප වාරයෙහි අතීතභවාඞ්ගය හා උපදනා වූ මධ්‍යමායුෂ්ක චක්‍ෂුර්‍වස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ චක්‍ෂුර්විඥානද්වය ය, සර්‍වචිත්තසාධාරණ චෛතසික සත ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය -පෙ- කායවස්තුව පුරේජාත නිඃශ්‍රය කොට උපදනා කාය විඥානද්වය ය සර්‍වචිත්තසාධාරණ චෛතසික සතය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනාවූ ද චුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපදනා වූ ද හෘදය වස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා වූ ද්විපඤ්චවිඥාන වර්ජිත අහේතුකවිපාක අහේතුක ක්‍රියා නාමස්කන්‍ධයන් හා ඡන්‍දවර්ජිත අන්‍යසමාන චෛතසික දොළොස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්. එහි විභඞ්ගය මෙසේ ය. “අබ්‍යාකතං ධම්මං පච්චයා -පෙ- න හෙතුපච්චයා ආරම්මණ පච්චයා, අහෙතුකං - විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පච්චයා තයො ඛන්‍ධා, -පෙ- චක්ඛායතනං පච්චයා චක්ඛුවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං. වත්‍ථුං පච්චයා අහෙතුකවිපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං ඛන්‍ධා.”

අබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනොද්වාරාවර්ජනාදි -පෙ- උපදනා වූ ද චුතිචිත්තයෙන් -පෙ- උපදනා වූ ද හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ මෝහමූලද්වයයෙහි මෝහය ලැබේ. විභඞ්ගය මෙසේ ය. අබ්‍යාකතං -පෙ- න හෙතුපච්චයා ආරම්මණපච්චයා, වත්‍ථුං පච්චයා විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො මොහො.

අකුසලාබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් මෝහමූලසිත් දෙක ය චෛතසික තුදුස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට ද ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- චුතිචිත්තයෙන් -පෙ- පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට ද උපදනා විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත දෙසිතෙහි මෝහය ලැබේ. විභඞ්ගය මෙසේ ය. අකුසලඤ්ච අබ්‍යාකතඤ්ච -පෙ- න හෙතුපච්යා ආරම්මණපච්චයා, විචිකිච්ඡාසහගතෙ උද්ධච්චසහගතෙ ඛන්‍ධෙ ච වත්‍ථුං ච පච්චයා විචිකිච්ඡාසහගතො උද්ධච්ච සහගතො මොහො.

සහේතුකචිත්තජරූපයෝ ය සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු ආරම්මණප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා න ආරම්මණෙ පඤ්ච” යි වදාළ සේක. පටිච්ච වාරය අනුව විස්තර කරනු.

අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ප්‍රත්‍යය දෙක ම බැහැර කෙරෙති. පච්චනීයයෙහි ‘එකං’ පටිච්චවාරය අනුව විස්තර කරනු.

මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතු ආරම්මණ දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝම වාරයෙහි “හෙතුපච්චයා ආරම්මණෙ සත්ත” යි වදාරන ලදහ. ආරම්මණවිභඞ්ගය අනු ව විස්තර කරනු.

හේතුමූලක අධිපතිදුකයෙහි හේතුප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. අධිපතිධර්‍මයෝ ම අධිපතිප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා සහේතුක ලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය නිරාධිපති සහේතුක චිත්තජරූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘හෙතුපච්චයා න අධිපතියා සත්තරස’ කුසල පදයේ වාර තුන හා අකුසලපදයේ වාර තුන ද අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි රූපවාර තුන ද පටිච්චවාරයෙහි මෙන් විස්තර කරනු. වස්තුරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍වචිත්තයන් හා ද චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා ද උපදනා හෘදය වස්තුව පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාක්‍රියා අට ය සැම කල්හි අධිපති ලැබෙන මහද්ගතක්‍රියා නවය ය ඵලසිත් සතර ය යන මොවුන් කෙරෙහි වූ මහාක්‍රියා අට ය අරූපවිපාක වර්ජිත සහේතුක ලෞකික විපාක සතොළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය හේතුව අනුව උදුරනු.

අබ්‍යාකතෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- චුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා ද උපදනා හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් අට ය සැම කල්හි අධිපති ලැබෙන මහද්ගතකුශල නවය ය මාර්‍ගසිත් සතර ය යන මොවුන් ගේ අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් අට ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්.

අබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- චුතිචිත්තයෙන් -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා පඤ්චවෝකාර භූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභමූල ද්වේෂමූල චිත්තක්‍ෂණයන්හි ලැබෙන අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්සය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය හේතු විභඞ්ගය අනුව උදුරනු.

අබ්‍යාකතෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාවන මනෝද්වාරාවර්ජනාදි -පෙ- චුතිචිත්තයෙන් -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් අට ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් විසින් උපදවන මහාභූතයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්. (අධිපති ධර්‍ම ගතහොත් සාධිපති චිත්තජ රූපයන් ද ගන්නට වන බැවින් අධිපති ධර්‍ම නො ගන්නා ලදි.)

අබ්‍යාකතෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- චුතිචිත්තයෙන් -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා පඤ්චවෝකාරභූමියෙහි අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය මෝහමූලද්වයෙහි මෝහවර්ජිත චෛතසික සත්විස්සය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන මහාභූතයන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය කොට උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්.

මෝහමූලද්වයෙහි මෝහයය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි ‘න හෙතුපච්චයා නාධිපතියා චත්තාරි’

අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපතිවන නාමස්කන්‍ධයෝ ය සාධිපතිචිත්තජරූපයෝ ය යන මොවුහු, අනුලෝමයෙහි ‘හෙතුපච්චයා අධිපතියා සත්තරස’ අධිපති විභඞ්ගය අනුව විස්තර කරනු.

ප්‍රත්‍යයන් බැහැර කිරීමෙහි පටිච්චවාර පච්චයවාර දෙක්හි වෙනසක් නැත්තේ ය. නාමස්කන්‍ධයන් ලැබෙන තන්හි වාරසඞ්ඛ්‍යාව පමණක් වෙනස් වේ. රූප විෂයෙහි සඞ්ඛ්‍යා වෙනසක් ද නැත්තේ ය. කියන ලද ක්‍රමයෙන් පටිච්චවාරයෙහි මෙන් අවිගතය දක්වා යෙදෙන පරිදි ප්‍රත්‍යයන් බැහැර කරමින් විස්තර කරනු. ප්‍රත්‍යයන් බැහැර කරමින් මතු දැක්වෙන පරිදි සඞ්ඛ්‍යා උදුරනු.

න හෙතුපච්චයා ආරම්මණෙ චත්තාරි, අනන්තරෙ චත්තාරි, සමනන්තරෙ චත්තාරි, අඤ්ඤමඤ්ඤෙ චත්තාරි, උපනිස්සයෙ චත්තාරි, පුරෙජාතෙ චත්තාරි, ආසෙවනෙ චත්තාරි, කම්මෙ චත්තාරි, විපාකෙ එකං ආහාරෙ චත්තාරි, ඉන්‍ද්‍රියෙ චත්තාරි, ඣානෙ චත්තාරි, මග්ගෙ තීණි, සම්පයුත්තෙ චත්තාරි, විප්පයුත්තෙ චත්තාරි, අත්‍ථියා චත්තාරි, නත්‍ථියා චත්තාරි, විගතෙ චත්තාරි, අවිගතෙ චත්තාරි.

හෙතුපච්චයා න ආරම්මණෙ පඤ්ච, න අධිපතියා සත්තරස, න අනන්තරෙ පඤ්ච, න සමනන්තරෙ පඤ්ච, න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච, න උපනිස්සයෙ පඤ්ච, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්තරස, න ආසෙවනෙ සත්තරස, න කම්මෙ සත්ත, න විපාකෙ සත්තරස, න සම්පයුත්තෙ පඤ්ච, න විප්පයුත්තෙ තීණි, නො නත්‍ථියා පඤ්ච, නොවිගතෙ පඤ්ච.

“න කම්මෙ සත්ත” යනු කුසලෙන කුසලය ය, අකුසලෙන අකුසලය ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය ය, අබ්‍යාකතෙන කුසලය ය, අබ්‍යාකතෙන අකුසලය ය, කුසලාබ්‍යාකතෙන කුසලය ය, අකුසලාබ්‍යාකතෙන අකුසලය යන මොහු ය.

කුසලපද අකුසලපද අබ්‍යාකතපදයන්හි ප්‍රවෘත්තිකාලයෙහි අභිධෙය පටිච්චවාරයෙහි මෙනි. වස්තුරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- චුතිචිත්තයෙන් -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා සහේතුක්‍රක්‍රියා සතොළොසෙහි චේතනාවෝ ලැබෙත්. විභඞ්ගය “කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පච්චයා කිරියාබ්‍යාකතා චෙතනා” යනුයි.

අබ්‍යාකතෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි -පෙ- චුතිචිත්තයෙන් -පෙ- හෘදයවස්තුව පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක් විස්සෙහි චේතනාවෝ ලැබෙත්. විභඞ්ගය “වත්‍ථුං පච්චයා කුසලා චෙතනා” යනුයි. අබ්‍යාකතෙන අකුසලයෙහි අකුසල චේතනා ගන්නේ ය. විභඞ්ගය “වත්‍ථුං පච්චයා අකුසලා චෙතනා” යනු යි.

කුසලාබ්‍යාකතෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත එක්විස්ස ය චේතනා වර්ජිත චෛතසික සත්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ ද ව්‍යවස්ථාපන -පෙ- චුතිචිත්තයෙන් -පෙ- හෘදයවස්තුව පුරේජාතනිඃශ්‍රයප්‍රත්‍යය කොට උපදනා වූ ද චේතනාවෝ ලැබෙත්. විභඞ්ගය “කුසලෙ ඛන්‍ධෙ ච වත්‍ථුං ච පච්චයා කුසලා චෙතනා” යනුයි. අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය වුක්තානුසාරයෙන් විස්තර කරනු.

න හෙතුපච්චයා න ආරම්මණෙ එකං, න අධිපතියා චත්තාරි, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජාතෙ ද්වෙ, න ආසෙවනෙ චත්තාරි, න කම්මෙ එකං, න විපාකෙ චත්තාරි, න ආහාරෙ එකං, න ඉන්‍ද්‍රියෙ එකං, න ඣානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුත්තෙ එකං, න විප්පයුත්තෙ ද්වෙ, නො නත්‍ථියා එකං, නො විගතෙ එකං.

හෙතුපච්චයා ආරම්මණෙ සත්ත, අධිපතියා සත්තරස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ සත්තරස, අඤ්ඤමඤ්ඤෙ සත්ත, නිස්සයෙ සත්තරස, උපනිස්සයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, ආසෙවනෙ සත්ත, කම්මෙ සත්තරස, විපාකෙ එකං, ආහාරෙ සත්ත, ඉන්‍ද්‍රියෙ සත්තරස, ඣානෙ සත්තරස, මග්ගෙ සත්තරස, සම්පයුත්තෙ සත්ත, විප්පයුත්තෙ සත්තරස, අත්‍ථියා සත්තරස, නත්‍ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස, ප්‍රත්‍යයන් බැහැර කොට මෙසේ විභඞ්ගසඞ්ඛ්‍යා උදුරනු.

මතුවාරයන්හි ද ප්‍රත්‍යය බැහැර කිරීමෙහි වෙනසක් නැත. පටිච්චවාරයෙහි මෙන් ම කරනු. නාමසකන්‍ධ විෂයෙහි සඞ්ඛ්‍යාව වෙනස් වන තැන් පමණක් මතු දක්වනු ලැබේ. හෙතුපච්චයා ආරම්මණපච්චයා අධිපතියා සත්ත. අභිධෙය අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය.

හෙතුපච්චයා ආරම්මණපච්චයා අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ සත්ත, අඤ්ඤමඤ්ඤෙ සත්ත, නිස්සයෙ සත්ත, උපනිස්සයෙ සත්ත, අභිධෙය මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය.

පුරෙජාතෙ සත්ත, අභිධෙය පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහය හා අරූපවිපාක ද වර්ජිත වූ සහේතුක ප්‍රවෘත්තිනාමස්කන්‍ධයෝ ය.

ආසෙවනෙ සත්තෙ, අභිධෙය මෝහමූලද්වයෙහි මෝහවර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත කුශල මහද්ගත ක්‍රියාවෝ ය, ඵල සිත් සතර ය යන නාමස්කන්‍ධයෝ ය.

කම්මෙ සත්ත, අභිධෙය මෝහමූලද්වයෙහි මෝහය හා කුශලාකුශලක්‍රියා චේතනා ද වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. විපාකෙ එකං, අභිධෙය සහේතුක විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය.

ආහාරෙ සත්ත, ඉන්‍ද්‍රියෙ සත්ත, ඣානෙ සත්ත, සම්පයුත්තෙ සත්ත, අභිධෙය මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය.

විප්පයුත්තෙ සත්ත, මෝහමූලද්වයෙහි මෝහය හා අරූප විපාක වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය.

අත්‍ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත අභිධෙය මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය.

හෙතුපච්චයා ආරම්මණපච්චයා අධිපතිපච්චයා අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ සත්ත, අඤ්ඤමඤ්ඤෙ සත්ත, නිස්සයෙ සත්ත, උපනිස්සයෙ සත්ත, අභිධෙය අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය.

පුරෙජාතෙ සත්ත, අභිධෙය පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය.

ආසෙවනෙ සත්ත, අභිධෙය අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, නියතයෙන් අධිපති ලැබෙන මහද්ගත කුශල මහද්ගත ක්‍රියා ලෝකෝත්තරකුශල නාමස්කන්‍ධයෝ ය යන මොහු ය.

කම්මෙ සත්ත, අභිධෙය අධිපතිධර්‍ම හා කුශලාකුශලක්‍රියා චේතනා ද වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ ය.

විපාකෙ එකං, අභිධෙය අධිපතිධර්‍ම වර්ජිත ඵල නාමස්කන්‍ධයෝ ය.

ආහාරෙ සත්ත, ඉන්‍ද්‍රියෙ සත්ත, ඣානෙ සත්ත, මග්ගෙ සත්ත, සම්පයුත්තෙ සත්ත, අභිධෙය අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය.

විප්පයුත්තෙ සත්ත, අභිධෙය පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය.

අත්‍ථියා සත්ත, නත්‍ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත, අභිධෙය අධිපති ධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය. හේතුවෙහි පටන් උපනිඃශ්‍රය දක්වා ප්‍රත්‍යයන් මුල් කොට යෙදෙන වාරවල ද වෙනක් නැත්තේ ය.

හෙතුපච්චයා -පෙ- උපනිස්සය පච්චයා පුරෙජාත පච්චයා ආසෙවනෙ තීණි, අභිධෙය පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහා කුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල මහද්ගත ක්‍රියා ලෝකෝත්තර කුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ ය.

කම්මෙ තීණි, අභිධෙය පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍ම හා කුශලාකුශලක්‍රියා චේතනා ද වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයේ ය.

විපාකෙ එකං, අභිධෙය පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අධිපතිධර්‍ම වර්ජිත ඵලනාමස්කන්‍ධයෝ ය.

ආහාරෙ සත්ත, ඉන්‍ද්‍රියෙ සත්ත, ඣානෙ සත්ත, මග්ගෙ සත්ත, සම්පයුත්තෙ සත්ත, විප්පයුත්‍තෙ සත්ත, අත්‍ථියා සත්ත, නත්‍ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත, අභිධෙය පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අධිපතිධර්‍මවර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය.

හෙතුපච්චයා -පෙ- පුරෙජාතපච්චයා ආසෙවනපච්චයා කම්මෙ සත්ත, අභිධෙය පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම හා චේතනා ද වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල මහද්ගත ක්‍රියා ලෝකෝත්තර කුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ ය.

හෙතුපච්චයා -පෙ- පුරෙජාතපච්චයා ආසෙවනපච්චයා ආහාරෙ සත්ත, -පෙ- අවිගතෙ සත්ත, අභිධෙය පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තර කුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ ය.

හෙතුපච්චයා -පෙ- පුරෙජාතපච්චයා ආසෙවනපච්චයා කම්මපච්චයා ආහාරෙ සත්ත, අවිගතෙ සත්ත, අභිධෙය පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම හා චේතනා වර්ජිත ලෝභමූලද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල මහද්ගත ක්‍රියා ලෝකෝත්තර කුශල යෝ ය යන නාමස්කන්‍ධයෝ ය.

හෙතු -පෙ- නත්‍ථිපච්චයා විගතපච්චයා අවිගතෙ සත්ත, අභිධෙය පෙර පරිදි ම ය.

හෙතු -පෙ- පුරෙජාත කම්ම විපාකපච්චයා ආහාරෙ එකං, අභිධෙය පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අධිපතිධර්‍ම වර්ජිත ඵල නාමස්කන්‍ධයෝ ය. හෙතු -පෙ- විපාක ආහාර ඉන්‍ද්‍රිය, -පෙ- විගත පච්චයා අවිගතෙ එකං, අභිධෙය පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අධිපතිධර්‍ම වර්ජිත ඵල නාමස්කන්‍ධයෝ ය. හේතුමූලකය නිමි. ආරම්මණ අධිපති ආදි මූලක වාරයන් ද වුක්තානුසාරයෙන් විස්තර කරනු.

පච්චයානුලෝම වාරය නිමි.