දුකාදි සඞ්ඛ්‍යාවාරය

star_outline

සුද්ධ සඞ්ඛ්‍යාවාරයට අනතුරු ව දුකාදිසඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එහි නහේතුදුකාදි වසයෙන් වාර විස්සක් ඇත්තේ ය. එයින් නහේතුදුකාදි වාරය පළමුකොට වදාළ සේක. එහි ද දුක තිකාදි වශයෙන් වාර එකුන් විස්සක් ඇත්තේ ය, එයින් දුක වාරය පළමු කොට වදාළ සේක. එහි ද න හේතු මූලක නාරම්මණ දුකාදි වශයෙන් දුක එකුන් විස්සක් ඇත්තේ ය. එයින් න හේතු මූලක නාරම්මණ දුකය පළමු කොට වදාළ සේක. එහි-

සහේතුක චිත්තජ රූපයෝ ය සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොවුහු නාරම්මණප්‍රත්‍යයා ගෙ ප්‍රත්‍යයෝත්පන්න වී න හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නොවීමෙන් න හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් අනුලෝම පච්චනීයයෙහි ‘හෙතුපච්චයා න ආරම්මණෙ පඤ්ච’ යනු වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු න හේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී නාරම්මණප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න නො විමෙන් නාරම්මණය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයානුලෝමයෙහි ‘න හෙතු පච්චයා ආරම්මණෙ ද්වෙ’ යනු වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහවර්ජිත සහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ නහේතු නාරම්මණප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නොවෙති. එබැවින් අනුලෝමයෙහි ‘හේතුපච්චයා ආරම්මණෙ තීණි’ යනු වදාළ සේක.

අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ නහේතුක නාරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. එ බැවින් පච්චනීයයෙහි ‘න හෙතු පච්චයා න ආරම්මණෙ ඒකං’ යනු වදාළ සේක.

(මෙහි ද ප්‍රත්‍ය බැහැර කිරීමෙහි වෙනසක් නැත. අනුලෝම වාරයෙහි පච්චනීයානුලෝමයෙන් බැහැර කිරීම පටන් ගනු ලැබේ. පච්චනීයවාරයෙන් අනුලෝමපච්චනීයයෙන් පටන් ගනු ලැබේ. අනුලෝම පච්චනීයවාරයෙහි පච්චනීයයෙන් පටන් ගනු ලැබේ. පච්චනීයානුලෝමයෙහි අනුලෝමයෙන් පටන් ගනු ලැබේ. වෙනස එපමණ ය.)

නහේතුමූලක නාධිපතිදුකයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි මෝහ මූලද්වයෙහි මෝහවර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා සහේතුකලෞකික විපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපති චිත්තජරූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු නාධිපතිප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න වී නහේතුප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් නහේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් අනුලෝමපච්චනීයයෙහි ‘හෙතුපච්චයා න අධිපතියා නව’ යනු වදාළ සේක.

නහේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න ම වී නාධිපතිප්‍රත්‍යා ගේ ප්‍රත්‍යයෝත්පන්න නොවන ධර්‍මයක් නැත්තේය. එබැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා න අධිපතියා” යනාදිය නො වදාළ සේක.

අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ ය සාධිපතිචිත්තජරූපයෝ ය යන මොවුහු නහේතු න අධිපති දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එබැවින් අනුලෝමයෙහි ‘හෙතුපච්චයා අධිපතියා තීණි’ යනු වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජරූපයෝ ය අහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහ්‍යරූපයෝ ය, -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු නහේතු න අධිපති දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එබැවින් පච්චනීයයෙහි ‘න හෙතු පච්චයා න අධිපතියා ද්වෙ’ යනු වදාළ සේක. නානන්තර න නසමනන්තර දෙදුකය නාරම්මණ දුකය මෙනි.

න අඤ්ඤමඤ්ඤ දුකයෙහි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුකචිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදාය රූපයෝ ය යන මොවුහු න අඤ්ඤමඤ්ඤයෙහි පමණක් ප්‍රත්‍යයෝත්පන්න වී න හේතු ප්‍රත්‍යයෙහි ප්‍රත්‍යයෝත්පන්න නො වන බැවින් නහේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච” යනු වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු නහේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී න අඤ්ඤමඤ්ඤයෙහි ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් න අඤ්ඤමඤ්ඤය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයානුලෝමයෙහි ‘න හෙතුපච්චයා අඤ්ඤමඤ්ඤෙ ද්වෙ’ යනු වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සකල සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුකචිත්තජ මහාභූතයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු නහෙතු න අඤ්ඤමඤ්ඤ දෙක්හිම ප්‍රත්‍යයොත්පන්නයෝ නො වෙති. එ බැවින් අනුලෝමයෙහි “හෙතුපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි’ යනු වදාළ සේක.

නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය, මහා භූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ය යන මොවුහු නහේතු න අඤ්ඤමඤ්ඤ දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එබැවින් පච්චනීයයෙහි ‘න හෙතුපච්චයා න අඤ්ඤමඤ්ඤෙ එකං’ යනු වදාළ සේක. න උපනිස්සය දුකය නාරම්මණ දුකය මෙනි.

න පුරේජාත දුකයෙහි අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූප ක්‍රියා උපරිම මාර්‍ග සකල ඵල නාමස්කන්‍ධයෝය සහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොව්හු න පුරේජාතයේ ප්‍රත්‍යයෝත්පන්න වී නහේතුප්‍රත්‍යයයේ ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් නහේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා න පුරෙජාතෙ සත්ත” යනු වදාළ සේක.

පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ නහේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී න පුරේජාතයේ ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් න පුරේජාතය බැහැර කෙරෙති. එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා පුරෙජාතෙ ද්වෙ” යනු වදාළ සේක.

පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය හා අරූපවිපාක වර්ජිත සහේතුක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ න හේතු න පුරේජාත දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් අනුලෝමයෙහි ‘තීණි’

අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය හා මනෝද්වාරාවජ්ජනය ය, අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය, යන මොවුහු නහේතු න පුරේජාත දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. එ බැවින් පච්චනීයෙහි “න හෙතුපච්චයා න පුරෙජාතෙ ද්වෙ” යනු වදාළ සේක.

න පච්ඡාජාත දුකයෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. සහේතුක චිත්තජරූපයෝ ය සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු න පච්ඡාජාතයේ ප්‍රත්‍යයෝත්පන්න වී න හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් න හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න පච්ඡාජාතෙ නව” යනු වදාළ සේක.

න හේතුප්‍රත්‍යයෝත්පන්න වී න පශ්චාජ්ජාත ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් නැති බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතු පච්චයා පච්ඡාජාතෙ” යනාදිය නො වදාළ සේක.

න හේතු න පච්ඡාජාත දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම නැත්තේ ය. එබැවින් අනුලෝමයෙහි “හෙතුපච්චයා පච්ඡාජාතෙ” යනාදිය නො වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය අහේතුක චිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය, යන මොවුහු න හේතු න පච්ඡාජාත දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්න නොවන ධර්‍මයෝ ය. එ බැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න පච්ඡාජාතෙ ද්වෙ” යනු වදාළ සේක.

න ආසේවන දුකයෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, සහේතුක විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය. යන මොවුහු න හේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න ආසෙවනෙ නව”

මෝහමූලද්විතීයාදි ජවනයන්හි මෝහය ය, හසිතෝත්පාද ද්විතීයාදි ජවනයෝ ය යන මොවුහු නාසේවනය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා ආසෙවනෙ ද්වෙ.”

මෝහමූලද්වයෙහි මෝහය වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය. මහද්ගතකුශල මහද්ගත ක්‍රියාවෝ ය, මාර්‍ග සිත් සතරය යන නාමස්කන්‍ධයෝ දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. අනුලෝමයෙහි “තීණි”

මෝහමූල ප්‍රථමජවනයෙහි මෝහය ය, හසිතෝත්පාද ප්‍රථම ජවනය ය, හසිතෝත්පාද වර්ජිත අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු පච්චනීයයෙහි ‘න හෙතුපච්චයා න ආසෙවනෙ ද්වෙ’

න කම්ම දුකයෙහි කුශලා කුශල සහේතුක ක්‍රියා චේතනාවෝ න හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝමපච්චනීයයෙහි ‘තීණි’

මෝහමූලයෙහි මෝහය හා ක්‍රියා චේතනා වර්ජිත අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු න කම්මය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි ‘න හෙතුපච්චයා කම්මෙ ද්වෙ’

මෝහමූලද්වයයෙහි මෝහය හා කුශලාකුශලක්‍රියාචේතනා වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක චිතත්ජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු අනුලෝමයෙහි ‘නව’

අහේතුක ක්‍රියා චේතනා ය, බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයෙහි ‘එකං’

(මේ පච්චනීයයෙහි ප්‍රත්‍යය බැහැර කිරීමේ ක්‍රමය අනුලෝමයට වෙනස් වන්නේ පටිපාටියෙන් පමණකි. මෙහි ප්‍රත්‍යය බැහැර කිරීම අනුලෝමපච්චනීයයෙන් පටන් ගත යුතුය. දෙවනුව පච්චනීයානුලෝම වශයෙන් ප්‍රත්‍යය බැහැර කළයුතු ය. තුන්වෙනුව අනුලෝමය ද සතරවෙනුවෙ පච්චනීය ද කිය යුතු ය. වෙනස මෙපමණකි. මේ ක්‍රමය අනුව මතු වාරයන් විස්තර කරනු.)

න හෙතුපච්චයා න විපාකෙ ද්වෙ. මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුකක්‍රියා නාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජ රූපයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු න හේතු න විපාක දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

න හෙතුපච්චයා න ආහාරෙ එකං බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ න හේතු න ආහාර දෙක්හි ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

න හෙතුපච්චයා න ඉන්‍ද්‍රියෙ එකං බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍වරූපජීවිතේන්‍ද්‍රිය ය, ප්‍රවෘත්තිකර්‍මජරූප ජීවිතේන්‍ද්‍රිය ය යන මොවුහු දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

න හේතුපච්චයා න ඣානෙ එකං ද්විඤ්චවිඥානනාමස්කන්‍ධ යෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු න හේතු න ඣාන ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.

න හෙතුපච්චයා න මග්ගෙ එකං. අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු.

න හෙතුපච්චයා න සම්පයුත්තෙ එකං. න ආරම්මණය මෙනි.

න හෙතුපච්චයා න විප්පයුත්තෙ ද්වෙ. අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූලද්වයයෙහි මෝහය ය, මනෝද්වාරාවජ්ජනය ය, බාහ්‍ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු,

නො නත්‍ථියා එකං නො විගතෙ එකං. න ආරම්මණය මෙනි.

දුකවාරය නිමි

න හෙතුපච්චයා න ආරම්මණ පච්චය න අධිපතියා එකං දුක වාරය මෙනි. නො විගතය දක්වා දුක අනුව විස්තර කරනු.

න හෙතුපච්චයා න ආරම්මණ න අධිපති න අනන්තර න සමනන්තර න අඤ්ඤමඤ්ඤපච්චයා න උපනිස්සයෙ එකං නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජරූපයෝ ය හෘදයවස්තුවෙන් අන්‍ය අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු න හේතු ආදි සයෙහි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. න පුරේජාත න පච්ඡාජාත න ආසේවන ප්‍රත්‍යයන් යෙදුණු කල්හි ද එසේම ය.

න අඤ්ඤමඤ්ඤය දක්වා ප්‍රත්‍යයන් මුල් කොට තබා න කම්මය යොදනු. මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ උපාදායරූපයෝ ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. න විපාකය යොදනු. නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක ක්‍රියා චිත්තජරූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකක්‍රියා චිත්තජ උපාදායරූපයෝ ය, බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ය යන මොවුහු ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. න ඉන්‍ද්‍රිය යෙදුණු කල්හි මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍යය සෘතුජ උපාදායරූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපජීවිතේන්‍ද්‍රියෝය යන මොවුහු ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. න ඣානය යෙදුණු කල්හි මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. න මග්ගය යෙදුණු කල්හි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍ය ලබන අහේතුකචිත්තජ අහේතුප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. න විප්පයුත්තය යෙදුණු කල්හි මහා භූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. නො නත්‍ථි නො විගතයන් යෙදුණු කල්හි න සම්පයුත්තය යෙදෙන වාරය වැනි ය.

න කම්මය දක්වා මුල් කොට තබා න ආහාරය යෙදෙන වාරයෙහි මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය සෘතුජ උපාදාය රූපයෝ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. න ඉන්‍ද්‍රිය ය යෙදෙන කල්හි මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය සෘතුජ ආහාරජ උපාදාය රූපයෝ ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. න ඣාන න මග්ග න සම්පයුත්ත න විප්පයුත්ත යන ප්‍රත්‍යයන් යෙදෙන කල්හි මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ උපාදාය රූපයෝ ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. නො නත්‍ථි නො විගත යෙදෙන තන්හි ද එසේම ය.

න ආහාරය දක්වා තබා න ඉන්‍ද්‍රියය යෙදෙන තන්හි මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍යඋපාදාය සෘතුජඋපාදාය රූපයෝ ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. නොවිගතය දක්වා ම එසේ ය. න හේතුයෙහි පටන් නො නත්‍ථිය දක්වා ප්‍රත්‍යයන් මුල් කොට නොවිගතය යෙදෙන වාරයෙහි මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය උපාදාය සෘතුජ උපාදාය රූපයෝ සියල්ලෙහි ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති.

න ආරම්මණ පච්චයා න හේතුයා ද්වෙ, න හේතුමූලකය මෙනි. නාධිපතියා පඤ්ච, නිරාධිපතිචිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, -පෙ- ප්‍රවාත්තිකර්‍මජරූපයෝ ය යන මොවුහු ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. නානන්තර නසමනන්තර යෙදෙන තන්හි නාරම්මණ ශුද්ධයෙහි මෙනි. න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච, න අඤ්ඤමඤ්ඤ සුද්ධය මෙනි. න උපනිස්සය න පුරෙජාත න පච්ඡාජාත න ආසේවනයන් යෙදෙන වාර නාරම්මණශුද්ධය මෙනි. න කම්මෙ එකං න කම්ම ශුද්ධය මෙනි. න විපාකෙ පඤ්ච, කුශලාකුශලක්‍රියා චිත්තයන් විසින් උපදවන චිත්තජ රූපයෝ ය, බාහිරරූපයෝ ය, -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. න ආහාරෙ එකං, ශුද්ධවාරය මෙනි. න ඣානෙ එකං, අහේතුක චිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, න මග්ගෙ එකං, අහේතුකචිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ න සම්පයුත්තවාරය ශුද්ධය මෙනි. තිකාදියෙහි ද න නහේතුතිකාදියට වඩා වෙනසක් නැත්තේ ය. නාධිපතිදුකාදිවාර නානන්තර දුකාදි වාරාදි සියල්ල අනුලෝමයෙහි ප්‍රත්‍යය බැහැර කළ සැටි මෙනෙහි කොට එය අනුව විස්තර කරනු.

පච්චය පච්චනීයවාරය නිමි.