න සම්පයුත්තයේ වාරපස නාරම්මණය අනු ව විස්තර කරනු. න විප්පයුත්තයෙහි කුසලාකුසල දෙපදය න පුරේජාතය අනුව විස්තර කරනු. “අබ්‍යාකතං -පෙ- අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤ සත්තානං මහාභූතෙ පටිච්ච කටත්තාරූපං උපාදායරූපං” ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මනෝද්වාරාවජ්ජන ය, මහාක්‍රියා අට ය, අරූපක්‍රියා සතර ය, ඵල සතර ය, චෛතසික සතිස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. හේතුපාඨයෙන් විප්‍රයුක්තයෙන් අන්‍ය වූ ද හේතු ආරම්මණ අධිපති ආදි ශක්තීහු ලැබෙත්. රූපවාරයෙහි බාහිරාදිරූපයන් ගන්නේය. න විප්පයුත්තය නිමි. නො නත්‍ථි න විගතාදිය නාරම්මණය මෙනි.
විභඞ්ගවාරය නිමි