අනුලෝමවාරයට අනතුරු ව පච්චනීයවාරය වදාළ සේක. එය ද විභඞ්ගවාර සඞ්ඛ්‍යාවාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් විභඞ්ගවාරය පළමු කොට වදාළ සේක. එය ද නහේතුපච්චය විභඞ්ගවාරාදි වසයෙන් විසිවැදෑරුම් වේ. එයින් න හේතුපච්චය විභඞ්ගවාරය පළමු කොට වදාළ සේක. එහි ද අකුසලපදවාර අබ්‍යාකතපද වාර වසයෙන් දෙවාරයක් ඇත්තේ ය. එයින් අකුසල පදවාරය පළමු කොට වදාළ සේක. අකුසල පදාවසාන වාර වසයෙන් එය එක් වාරයෙකි. එය වීථි අනුවාද වසයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමුකොට වදාළ සේක. කෙසේ ද? යත්, “අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති න හෙතු පච්චයා” යනුවෙනි. වීථියට අනතුරු ව අනුවාදය වදාළ සේක. කෙසේ ද? යත්, විචිකිච්ඡාසහගතෙ උද්ධච්ච සහගතෙ ඛන්‍ධෙ පටිච්ච විචිකිච්ඡා සහගතො උද්ධච්චසහගතො මොහො” යනුවෙනි.
පදාර්‍ථ:
අකුසලං ධම්මං පටිච්ච, එක් ව ඉපදීම් වශයෙන් අකුශල ධර්‍මය නිසා: අකුසලො ධම්මො, අකුසල ධර්‍මය: න හෙතුපච්චයා, හේතුප්‍රත්‍යයෙන් අන්‍ය වූ ප්‍රත්‍යයෙන්: උප්පජ්ජති, උපදී: විචිකිච්ඡාසහගතෙ උද්ධච්චසහගතෙ ඛන්‍ධෙ පටිච්ච: එක් ව ඉපදීම් වශයෙන් විචිකිත්සාසහගත ඖද්ධත්‍ය සහගත ස්කන්‍ධයන් නිසා: විචිකිච්ඡාසහගතො, විචිකිත්සාසහගත වූ ද: උද්ධච්චසහගතො, ඖද්ධත්‍යසහගත වූ ද: මොහො, මෝහය: හේතුප්‍රත්‍යයෙන් අන්‍ය ප්‍රත්‍යයෙන් උපදී.
අභිධෙයාර්‍ථ:
එහි “අකුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් විචිකිත්සා සහගත සිත ය, ඖද්ධත්‍යසහගත සිත ය, චෛතසික තුදුස ය යන අවයව වූ ද සමූහවූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ මෝහ ය ලැබේ.
“නහේතුපච්චයා” යන හේතුපාඨයෙන් සුදුසු පරිදි ලැබෙන හේතුප්‍රත්‍යයෙන් අන්‍ය වූ ප්‍රත්‍යයන්ගේ ශක්තීහු ලැබෙත්. නොහොත් නහෙතුපච්චයා යන හේතුපාඨයෙන් විචිකිත්සා සහගත ඖද්ධත්‍යසහගත මෝහයට ප්‍රත්‍යය වන ලෞකික සිත් එක්අසූව ය චෛතසික දෙපනසය රූපඅටවිස්ස ය ප්‍රඥප්තිය ය යන ෂඩාරම්මණධර්‍මයන් ගේ ආරම්මණ ශක්තිය ද, මරණාසන්නකාලයෙහි ච්‍යුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන් හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණය වේ නම් ආරම්මණ, වත්‍වාරම්මණ, ආරම්මණ පුරේජාත, වත්‍ථාරම්මණ විප්පයුත්ත, ආරම්මණ පුරේජාත අත්‍ථි, ආරම්මණ පුරේජාත අවිගත යන ප්‍රත්‍යයශක්ති සය ද, විචිකිත්සාසහගත ඖද්ධත්‍ය සහගත මෝහයට ප්‍රත්‍යය වන සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ගේ සහජාත අඤ්ඤමඤ්ඤ, සහජාතනිස්සය, සම්පයුත්ත සහජාතත්‍ථි, සහජාත අවිගත යන ශක්ති සය ද, විචිකිත්සා සහගත ඖද්ධත්‍යසහගත මෝහයට ප්‍රත්‍යය වන සම්ප්‍රයුත්ත චේතනාවෙහි කම්ම ආහාර දෙක ද සහිත වූ ප්‍රත්‍යය ශක්ති අට ද, විචිකිත්සා සහගත ඖද්ධත්‍ය සහගත මෝහයට ප්‍රත්‍යය වන සම්ප්‍රයුක්ත වූ ජිවිත චිත්ත වේදනා විරිය ඒකග්ගතාවන් ගේ ඉන්‍ද්‍රිය ශක්තිය ද සහිත වූ ප්‍රත්‍යය ශක්ති සය ද, විචිකිත්සාසහගත ඖෂත්‍යසහගත මෝහය හා සම්ප්‍රයුක්ත විතක්ක විචාර වේදනා ඒකග්ගතාවන් ගේ ධ්‍යානශක්තිය සහිත වූ ප්‍රත්‍යය ශක්ති සත ද, ඒ මෝහය හා සම්ප්‍රයුක්ත විතක්ක විරිය ඒකග්ගතා වන්ගේ මාර්‍ග ප්‍රත්‍යය සහිත වූ ප්‍රත්‍යය ශක්ති සතද, විචිකිත්සා සහගත ඖද්ධත්‍යසහගත ප්‍රථමජවනයෙහි මෝහයට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනයන් ගේ අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යයශක්ති පස ද, පශ්චිම පශ්චිම විචිකිත්සාසහගත ඖද්ධත්‍යසහගත මෝහයන්ට ප්‍රත්‍යය වන ප්‍රථමාදි පූර්‍ව පූර්‍ව වූ විචිකිත්සා සහගත ඖද්ධත්‍ය සහසගත ජවනයන්ගේ ආසේවන ශක්තිය සහිත වූ ප්‍රත්‍යය ශක්ති සයද විචිකිත්සා සහගත ඖද්ධත්‍ය සහගත මෝහයට ප්‍රත්‍යය වන බලවත් වූ ලෞකිකසිත් එක් අසූව ය චෛතසික දෙපනස ය රූපඅටවිස්ස ය ප්‍රඥප්තිය ය යන මොවුන් ගේ ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ද ලැබේ. (මෙය ඒ ඒ අවස්ථාවලදී ලැබෙන ලැබෙන පරිදි ප්‍රත්‍යය ශක්ති දැක්වීමකි. අධිපති විපාක ශක්ති දෙක මෙහි නො ලැබේ.)
ස්කන්‍ධවාර:
ස්කන්‍ධවාර පසළොසෙකි. එහි ඒකකවාර සතරෙකි, තිකවාර සතරෙකි, දුකවාර සයෙකි. චතුෂ්කවාරයෙකි.
“විචිකිච්ඡාසහගතෙ උද්ධච්චසහගතෙ ඛන්‍ධෙ පටිච්ච -පෙ- මොහො” යන අනුවාද පාලියෙහි විචිකිච්ඡා සහගතෙ -පෙ- ඛන්‍ධෙ යනුවෙන් වේදනා ස්කන්‍ධය ගෙන විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො මොහො” යනුවෙන් මෝහය ගන්නා එක්වාරයෙකි, “විචිකිච්ඡා -පෙ- ඛන්‍ධෙ” යනුවෙන් පඤ්ඤාව ගෙන “මොහො” යනුවෙන් මෝහය ගන්නා එක් වාරයෙකි. “ඛන්‍ධෙ” යනුවෙන් සඞ්ඛාරය ගෙන “මොහො” යනුවෙන් මෝහය ගන්නා එක් වාරයෙකි. “ඛන්‍ධෙ” යනුවෙන් විඤ්ඤාණ ගෙන, “මොහො” යනුවෙන් මෝහය ගන්නා එක් වාරයෙකි: මෙසේ ඒකකවාර සතරක් වේ.
“ඛන්‍ධෙ” යනුවෙන් වේදනා සඤ්ඤා සඞ්ඛාරයන් ගෙන ‘මොහො’ යනුවෙන් මෝහය ගන්නා එක් වාරයෙකි. ‘ඛන්‍ධෙ’ යනුවෙන් සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණයන් ගෙන ‘මොහො’ යනුවෙන් මෝහය ගන්නා එක් වාරයෙකි. ‘ඛන්‍ධෙ’ යනුවෙන් සඞ්ඛාර විඤ්ඤාණ වේදනාවන් ගෙන ‘මොහො’ යනුවෙන් මෝහය ගන්නා එක් වාරයෙකි. ‘ඛන්‍ධෙ’ යනුවෙන් විඤ්ඤාණ වේදනා සඤ්ඤාවන් ගෙන, ‘මොහො’ යනුවෙන් මෝහය ගන්නා එක් වාරයෙකි, මෙසේ තිකවාර සතරක් වේ.
“ඛන්‍ධෙ මොහො” යන දෙපදයෙන් පිළිවෙලින් වේදනා සඤ්ඤා දෙක හා මෝහය ද, වේදනා සඞ්ඛාර දෙක හා මෝහය ද, වේදනා විඤ්ඤාණ දෙක හා මෝහය ද, සඤ්ඤා සඞ්ඛාර දෙක හා මෝහය ද සඤ්ඤා විඤ්ඤාණ දෙක හා මෝහය ද සඞ්ඛාර විඤ්ඤාණ දෙක හා මෝහය ද ගැනීමෙන් දුකවාර සයක් වේ.
ඛන්‍ධෙ යනුවෙන් නාමස්කන්‍ධ සතර හා ‘මොහො’ යනුවෙන් මෝහය ගන්නා වාරය චතුෂ්කවාරය ය. මෙසේ ස්කන්‍ධවාර පසළොසක් වේ.
අකුසලපදවාරයට අනතුරු ව අබ්‍යාකතපදවාරය වදාළ සේක. එය අබ්‍යාකත පදාවසාන වශයෙන් එක් වාරයෙකි. එය වීථි අනුවාද වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් වීථිය පළමු කොට වදාළ සේක. “අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න හෙතු පච්චයා” යනුයි. අනතුරුව අනුවාදය වදාළ සේක. “අහේතුකං විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං -පෙ- අහේතුක පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා කටත්තා ච රූපං -පෙ- ද්වෙ ඛන්‍ධා කටත්තා ච රූපං, ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, වත්‍ථුං පටිච්ච ඛන්‍ධා එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තාරූපං, උපාදායරූපං බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං -පෙ- රූපං” යනුයි. පදාර්‍ථ සුගමයි.
අභිධෙයාර්‍ථ:
“අබ්‍යාකතං -පෙ- යා” යන අනුවාද පාලියෙහි ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් අහේතුක සිත් අටළොස ය, ඡන්‍ද වර්ජිත අන්‍යසමාන දොළොස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අහේතුක සිත් අටොළොස ය ඡන්‍ද වර්ජිත අන්‍යසමාන දොළොස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජ රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්.
“නහේතු පච්චයා” යන හේතුපාඨයෙන් ලැබෙන පරිදි වූ හේතු ප්‍රත්‍යයෙන් අන්‍ය ප්‍රත්‍යය ශක්තීහු ලැබෙත්.
නොහොත් ‘නහේතු පච්චයා’ යන පාඨයෙන් චක්‍ෂුර්විඥානද්වයයට ප්‍රත්‍යය වන වර්‍තමාන රූපාරම්මණය ය, -පෙ- කායවිඥාන ද්වයයට ප්‍රත්‍යය වන වර්‍තමාන ස්ප්‍රෂ්ටව්‍යාරම්මණය ය, මනෝධාතුත්‍රයට ප්‍රත්‍යය වන වර්‍තමාන පඤ්චාරම්මණය ය, සන්තීරණහසිතෝත්පාදයන්ට ප්‍රත්‍යය වන කාමසිත් සිවුපනස ය චෛතසික දෙපනස ය රූප අටවිස්ස ය යන ෂඩාරම්මණය ය, මනෝද්වාරාවජ්ජනයට ප්‍රත්‍යය වන සිත් එකුන් අනූව ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය නිවනය ප්‍රඥප්තිය යන ෂඩාරම්මණය යන මේ ආරම්මණ ධර්‍මයන් ගේ ආරම්මණ, වත්‍ථාරම්මණ නිස්සය, ආරම්මණපුරේජාත, වත්‍ථාරම්මණ පුරේජාතාත්‍ථි, වත්‍ථාරම්මණ පුරේජාත අවිගත යන ප්‍රත්‍යය ශක්තීහු ද,
ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන අහේතුක ප්‍රවෘත්තිනාමස්කන්‍ධයන් ගේ සහජාත, අඤ්ඤමඤ්ඤ සහජාතනිස්සය, සහජාතකම්ම, විපාක, සහජාතාහාර, සහජාතින්‍ද්‍රිය, ඣාන, සම්පයුත්ත, විප්පයුත්ත සහජාතතත්‍ථි, සහජාත අවිගත යන ප්‍රත්‍යය ශක්තීහු ද,
අහේතුක ප්‍රථමභාවාඞ්ග නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අහේතුක ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, ද්වීතියාදි පශ්චිම පශ්චිම භවාඞ්ග නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ප්‍රථමාදි පූර්‍වපූර්‍ව භවාඞ්ග නාමස්කන්‍ධයෝ ය, ආවර්ජනද්වයට ප්‍රත්‍යය වන භවාඞ්ගුපච්ඡේද පසළොස ය, මනෝද්වාරාවජ්ජනයට ප්‍රත්‍යය වන අරූපභවාඞ්ගුපච්ඡේද සතර ය, පඤ්චවිඤ්ඤාණයන්ට ප්‍රත්‍යය වන පඤ්චද්වාරාවජ්ජනය ය සම්පටිච්ඡනයන්ට ප්‍රත්‍යය වන පඤ්චවිඤ්ඤාණයෝ ය, සන්තීරණයන්ට ප්‍රත්‍යය වන සම්පටිච්ඡනයෝ ය, වොත්‍ථපනයට ප්‍රත්‍යය වන සන්තීරණයෝ ය, පරිත්තාරම්මණවීථියෙහි දෙවන වොත්‍ථපනයයට ප්‍රත්‍යය වන පළමු වන වොත්‍ථපනය ය, අති මහන්තාරම්මණවිභූතාරම්මණ අවිභූතාරම්මණ වීථීන්හි හසිතෝත්පාද ප්‍රථමජවනයට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනයෝය ද්විතීයජවනයට ප්‍රත්‍යය වන ප්‍රථමජවනය ය, -පෙ- සප්තම ජවනයට ප්‍රත්‍යය වන සවන ජවනනය ය, හසිතෝත්පාද මහාක්‍රියා සෝමනස්ස සහගත ජවනයන් කෙරෙන් තදාරම්මණය වන කල්හි සෝමනස්ස සන්තීරණ තදාරම්මණයට ප්‍රත්‍යය වන හසිතෝත්පාද සෝමනස්ස සහගත මහාක්‍රියා අන්තිම ජවනයෝ ය, මහාක්‍රියා උපේක්‍ෂා සහගත ජවනයන්ට අනතුරු ව තදාරම්මණය වන කල්හි උපේක්‍ෂා සහගත සන්තීරණ තදාරම්මණයට ප්‍රත්‍යය වන මහාක්‍රියා උපේක්‍ෂා සහගත ජවනයෝ ය, උපේක්‍ෂාසහගතසන්තීරණ තදාරම්මණ භවාඞ්ගයන්ට ප්‍රත්‍යය වන ද්වේෂමූල අන්තිමජවනය ය, සන්තීරණ තදාරම්මණ තුනට හා සන්තීරණ භවාඞ්ග තුනට ප්‍රත්‍යය වන ලෝභ මූල මෝහමූල මහාකුශල අන්තිමජවනයෝ ය, දෙවන සන්තීරණ තදාරම්මණයට ප්‍රත්‍යය වන පළමු වන තදාරම්මණය ය, සන්තීරණ භවාඞ්ග දෙකට ප්‍රත්‍යය වන දෙවන තදාරම්මණය ය, මරණාසන්න කාලයෙහි තදාරම්මණයට අනතුරුව ච්‍යුතිය වන කල්හි උපේක්‍ෂාසන්තීරණ ච්‍යුතියට ප්‍රත්‍යය වන සන්තීරණ තදාරම්මණ තුන ය, ජවනයට අනතුරු ව චුතිය වන කල්හි උපේක්‍ෂා සන්තීරණ ච්‍යුතියට ප්‍රත්‍යය වන මහාකුශල අකුශල පඤ්චම ජවනයෝ ය. භවාඞ්ගයට අනතුරු ව ච්‍යුතිය වන කල්හි උපේක්‍ෂා සන්තීරණ චුතියට ප්‍රත්‍යය වන උපේක්‍ෂා සන්තීරණ භවාඞ්ගය ය යන මොවුන් කෙරෙහි සුදුසු පරිදි ලැබෙන අනන්තර, සමනන්තර, අනන්තරූපනිස්සය නත්‍ථි විගත යන ශක්තීහු ද,
ප්‍රථමජවන වර්ජිත පශ්චිම පශ්චිම හසිතෝත්පාදයන්ට ප්‍රත්‍යය වන අන්තිම ජවන වර්ජිත පූර්‍වපූර්‍ව හසිතෝත්පාද ජවනයන් ගේ ආසේවන ශක්තිය සහිත වූ ශක්ති සය ද,
අහේතුක සිත් අටොළොසට ප්‍රත්‍යය වන බලවත් වූ එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය රූප අටවිස්ස ය ප්‍රඥප්තිය ය යන මොවුන් ගේ ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්තිය ද,
අකුශලවිපාක සතට ප්‍රත්‍යය වන බලවත් වූ ද්වාදශාකුශල චේතනා ය අහේතුකකුශලවිපාක අටට ප්‍රත්‍යය වන මහාකුශල චේතනා ය යන මොවුන් ගේ නා නා ක්‍ෂණිකකර්‍ම ප්‍රකෘතෝපනිඃශ්‍රය ශක්ති දෙක ද, දුර්‍වල වූ අකුශල මහාකුශල චේතනාවන් ගේ නානාක්‍ෂණිකකර්‍ම ශක්තිය ද යන මේ ශක්තීහු ලැබෙත්. ස්කන්‍ධවාර දෙසිය දශයෙකි. ප්‍රතිසන්‍ධි වාරයෙහි හා රූපවාරයේ අභිධෙය කියන ලද නය අනුව උදුරනු.
න හේතු විභඞ්ගවාරය නිමි.