අස්තිප්‍රත්‍යය විභඞ්ගයෙහි අභිධෙය සහජාතයෙහි මෙනි, හේතු පාඨයේ අභිධෙය ද සහජාතාස්තියෙහි සහජාතයෙහි මෙන් ද, පුරේජාතාස්තියෙහි පුරේජාතයෙහි මෙන් ද, ආහාරස්තියෙහි රූපාහාර ප්‍රත්‍යයෙහි මෙන් ද, ඉන්‍ද්‍රියාස්තිය රූපජීවිතේන්‍ද්‍රියයෙහි මෙන් ද ගන්නේ ය. නාස්ති විභඞ්ගයේ අභිධෙය ආරම්මණයෙහි මෙනි, හේතුපාඨයේ අභිධෙය අනන්තරය අනුව ගන්නේ ය, විගත විභඞ්ගය ද එසේ ම ය. අවිගතවිභඞ්ගය නාස්ති විභඞ්ගය මෙනි.
ඉමෙ තෙවීසති පච්චයා සජ්ඣායන්තෙන විත්‍ථාරෙතබ්බා, මේ තෙවිසි ප්‍රත්‍යයන් සජ්ඣායනා කරමින් විස්තර කළ යුතු ය.
විභඞ්ගවාරය නිමි.