අධිපති ප්‍රත්‍ය්‍ය නිර්‍දෙශයට අනතුරුව අනන්තරප්‍රත්‍යය නිර්‍දෙශය වදාළ සේක. (විභාග කරනු)
පදාර්‍ථ:
චක්ඛුවිඤ්ඤාණධාතු, චක්‍ෂුර්විඥානධාතුවද; තංසම්පයුත්තකා, ඒ චක්‍ෂුර්විඥානධාතුව හා සම්ප්‍රයුක්ත වූ; ධම්මාච, සර්‍වචිත්තසාධාරණ චෛතසිකයෝ සත්දෙන ද; මනොධාතුයා, සම්ප්‍රත්‍යේෂණද්වය සඞ්ඛ්‍යාත මනෝ ධාතූවටද; තංසම්පයුත්තකානං, ඒ මනෝධාතුව හා සම්ප්‍රයුත්ත වූ; ධම්මානඤ්ච, ඡන්‍ද, ප්‍රීති, වීර්‍ය්‍ය වර්ජිත අන්‍ය සමාන චෛතසිකයන් දශ දෙනාට ද; අනන්තර පච්චයෙන පච්චයො, මනොධාතු, සම්ප්‍රත්‍යේෂණද්වය සඞ්ඛ්‍යාත මනෝධාතුව ද; තංසම්පයුත්තකා, ඒ මනෝධාතුත්‍රය හා සම්ප්‍රයුක්ත වූ; ධම්මා ච, ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසිකයෝ ද; මනොවිඤ්ඤාණධාතුයා, සන්තීරණත්‍රය සඞ්ඛ්‍යාත මනෝවිඥානධාතුවට ද; තංසම්පයුත්තකානං, ඒ මනෝවිඥාන ධාතුව හා සම්ප්‍රයුක්ත වූ; ධම්මානඤ්ච, ඡන්‍ද වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසික එකොළොසට ද; අනන්තරපච්චයෙන පච්චයො.
පුරිමාපුරිමා, පූර්‍ව පූර්‍ව වූ; කුසලාකුශල වූ; ධම්මා, අන්තිම ජවන වර්ජිත සප්තරස ලෞකික කුශලනාමස්කන්‍ධයෝ; පච්ඡිමානං පච්ඡිමානං, පශ්චිම පශ්චිම වූ; කුසලානං, කුශල වූ; ධම්මානං ප්‍රථමජවන වර්ජිත එක්විසි කුශලනාමස්කන්‍ධයන්ට; අනන්තර පච්චයෙන පච්චයො. පුරිමාපුරිමා, පූර්‍ව පූර්‍ව වූ; කුසලා, කුශල වූ; ධම්මා, සතොළොස් ලෞකික කුශල අන්තිමජවනයෝ ය මාර්‍ග ජවනයෝ ය යන නාමස්කන්‍ධයෝ; පච්ඡිමානංපච්ඡිමානං, පශ්චිම පශ්චිම වූ; අබ්‍යාකතානං, අව්‍යාකෘත වූ; ධම්මානං, සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, මහග්ගතවිපාක නවය ය, ඵලසිත් සතර ය යන නාමස්කන්‍ධයන්ට; අනන්තර පච්චයෙන පච්චයො.
පුරිමාපුරිමා, පූර්‍ව පූර්‍ව වූ; අකුසලා, අකුශල වූ; ධම්මා, අන්තිම ජවන වර්ජිත අකුශල නාමස්කන්‍ධයෝ; පච්ඡිමානංපච්ඡිමානං, පශ්චිම පශ්චිම වූ; අකුසලානං, අකුශල වූ; ධම්මානං, ප්‍රථමජවන වර්ජිත අකුශල නාමස්කන්‍ධයන්ට; අනන්තරපච්චයෙන පච්චයො. පුරිමාපුරිමා අකුසලා ධම්මා, ද්වාදශාකුශල අන්තිමජවන නාමස්කන්‍ධයෝ, පච්ඡිමානංපච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං, සන්තීරණතුනය, මහාවිපාක අට ය, මහද්ගත විපාක නවය ය යන නාමස්කන්‍ධයන්ට; අනන්තර පච්චයෙන පච්චයො.
පුරිමාපුරිමා අබ්‍යාකතා ධම්මා, අර්‍හන්තච්‍යුති වර්ජිත විපාකසිත් සතිස ය, ක්‍රියාසිත් විස්සය යන නාමස්කන්‍ධයෝ; පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං; අර්‍හනතච්‍යුතිය සහිත වූ විපාකසිත් සතිස ය, ක්‍රියාසිත් විස්සය යන නාමස්කන්‍ධයන්ට; අනන්තරපච්චයෙන පච්චයො. පුරිමාපුරිමා අබ්‍යාකතා ධම්මා, ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්‍ජන නාමස්කන්‍ධයෝ; පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං, මහා කුශලප්‍රථමජවන නාමස්කන්‍ධයන්ට; අනන්තර පච්චයෙන පච්චයො. පුරිමාපුරිමා අබ්‍යාකතා ධම්මා, ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්‍ජන නාමස්කන්‍ධයෝ; පච්ඡිමානංපච්ඡිමානං අකුසලානං ධම්මානං, ද්වාදශාකුශල ප්‍රථමජවන නාමස්කන්‍ධයන්ට; අනන්තරපච්චයෙන පච්චයො.
යෙසංයෙසං ධම්මානං, පූර්‍ව පූර්‍ව වූ අර්‍හන්තච්‍යුති වර්ජිත යම් යම් නාමස්කන්‍ධයන්ගේ; අනන්තරා, අනන්තරයෙහි; යෙයෙ ධම්මා, අර්‍හන්තච්‍යුතිය සහිත වූ යම් යම් පශ්චිමපශ්චිම නාමස්කන්‍ධ කෙනෙක්; උප්පජ්ජන්ති, උපදිත් ද; චිත්තචෙතසිකා, චිත්තචෛතසික වූ; ධම්මා, ධර්‍මයෝ වෙත් ද, තෙතෙ ධම්මා, අර්‍හන්තච්‍යුතිවර්ජිත පූර්‍වපූර්‍ව වූ ඒ ඒ නාමස්කන්‍ධයෝ; තෙසංතෙසං ධම්මානං, අර්‍හනච්‍යුතිය සහිත වූ ඒ ඒ පශ්චිම පශ්චිම නාමස්කන්‍ධයන්ට, අනන්තර පච්චයෙන පච්චයො.
අහිධෙයාර්‍ථ:
එහි අනන්තර පච්චයො - යන පාඨයෙන් නිර්දිශිතව්‍යය දැක් වූ සේක. චක්ඛුවිඤ්ඤාණධාතු -පෙ- පච්චයො යන පාඨයෙන් නිදර්‍ශනාකාරය දැක්වූ සේක.
ඒ නිදර්‍ශනාකාරපාඨයෙහි “චක්ඛුවිඤ්ඤාණධාතු තං සම්පයුත්තකා ච ධම්මා” යන කර්‍තෘපාඨයෙන් චක්‍ෂුර්විඥාන ධාතුව ය හා සර්‍වචිත්ත සාධාරණ චෛතසික සතය යන ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක.
“මනෝධාතුයා තං සම්පයුත්තකානඤ්ච ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් සම්ප්‍රත්‍යේෂණද්වය සඞ්ඛ්‍යාත මනෝධාතුව හා ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසික දශය ද වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය දැක්වූ සේක.
“අනන්තරපච්චයෙන” යන කරණපාඨයෙන් එක් වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් අනන්තර සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම දැක්වූ සේක.
“මනොධාතු තං සම්පයුත්තකා ච ධම්මා” යන කර්‍තෘපාඨයෙන් සම්ප්‍රත්‍යේෂණද්වය සඞ්ඛ්‍යාත මනෝධාතුව ය, ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසික දශය ය යන ප්‍රත්‍යය ධර්‍ම දැක්වූ සේක.
“මනොවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානඤ්ච ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් සන්තීරණත්‍රය සඞ්ඛ්‍යාත මනෝවිඥාන ධාතුව ය ඡන්‍ද වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසික එකොළොස ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක්වූ සේක.
“අනන්තරපච්චයෙන” යන කරණ පාඨයෙන් එක් වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් අනන්තර ශක්තියෙන් උපකාර වීම දැක්වූ සේක.
“පුරිමාපුරිමා කුසලා ධම්මා” යන පාඨයෙන් අන්තිම ජවන වර්ජිත පූර්‍වපූර්‍ව ලෞකික කුසල් සිත් සතොළොස වූ ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක.
“පච්ඡිමානංපච්ඡිමානං කුසලානං ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් ප්‍රථමජවන වර්ජිත පශ්චිමපශ්චිම කුසල් සිත් එක් විස්ස වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක්වූ සේක.
නොහොත් “පුරිමාපුරිමා කුසලා ධම්මා” යන පාඨයෙන් මහා කුශල ද්විතීය ජවනයට ප්‍රත්‍යය වන ප්‍රථමජවනය ය -පෙ- සප්තම ජවනයට ප්‍රත්‍යය වන සවන ජවනය ය, මහද්ගත කුශල සෝමනස්ස සහගත ජවන සතර ය, මාර්‍ග සෝමනස්ස සහගත ජවන සොළොස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ග්‍රෝත්‍රභූ වෝදාන කෘත්‍යවත් වූ මහා කුශල ප්‍රථම චිත්ත ද්වය ය, මහද්ගත කුශල උපේක්‍ෂා සහගත සිත් පසට හා මාර්‍ගෝපේක්‍ෂාසහගත සිත් සතරට ප්‍රත්‍යය වන ග්‍රෝත්‍රභූ වෝදාන කෘත්‍යවත් මහාකුශල තෘතීය චිත්තද්වය ය, සමාපජ්ජන විථීන්හි පශ්චිමපශ්චිම මහද්ගත කුශලයන්ට ප්‍රත්‍යය වන සමාන ජාතික පූර්‍වපූර්‍ව මහද්ගතකුශලයෝ ය යන ප්‍රත්‍යයධර්‍ම දැක්වූ සේක.
“පච්ඡිමානංපච්ඡිමානං කුසලානං ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් ද්විතීයාදි මහාකුශල ජවනයෝ ය, මහද්ගත කුශල ජවනයෝ ය, මාර්‍ගජවනයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක්වූ සේක.
“අනන්තරපච්චයෙන” යන කරණපාඨයෙන් එක්වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසෙවන, නත්‍ථි, විගත යන ප්‍රත්‍යශක්ති සය අතුරෙන් අනන්තර සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාර වීම දැක්වූ සේක.
“පුරිමාපුරිමා කුසලා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් සතොළොස් ලෞකික කුශලජවනයන් ගේ අන්තිම චිත්තයෝ ය මාර්‍ගජවනයෝ ය යන ප්‍රත්‍යය ධර්‍ම දැක්වූ සේක.
“පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, මහද්ගත විපාක නවය ය, ඵලසිත් සතර ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක්වූ සේක.
නොහොත් මහාකුශල ජවනයන්ට අනතුරු ව තදාරම්මණය වීමෙහිදී තදාරම්මණ එකොළොසට ද, නො වන කල්හි භවාඞ්ග එකුන්විස්සට ද ප්‍රත්‍යය වන මහාකුශල අන්තිම ජවනයෝ ය, හෙට්ඨිමඵල සෝමනස්ස සහගත ජවනයන්ට ප්‍රත්‍යය වන අනුලෝම කෘත්‍යවත් මහාකුශල ප්‍රථම චිත්තද්වය ය, හෙට්ඨිමඵල උපේක්‍ෂාසහගත සිත් තුනට ප්‍රත්‍යය වන අනුලෝමකෘත්‍යවත් මහාකුසල තෘතීය චිත්තද්ව ය, පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට ප්‍රත්‍යය වන රූපාවචර කුශල අන්තිම ජවනය ය, පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට හා අකාසානඤ්චායතන භවාඞ්ගයට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුසල අන්තිම ජවනය ය, -පෙ- ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට හා නිරෝධසමාපත්තියෙන් නැඟීමෙහි දී අනාගාමිඵලයට ද ප්‍රත්‍යය වන නෙවසඤ්ඤා නාසඤ්ඤායතන කුසල අන්තිම ජවනය ය, සෝතාපත්ති ඵලයට ප්‍රත්‍යය වන සෝතාපත්තිමග්ග ජවනය ය, -පෙ- අරහත්තඵලජවනයට ප්‍රත්‍යය වන අරහත්තමග්ග ජවනය ය යන ප්‍රත්‍යය ධර්‍මයන් “පුරිමාපුරිමා කුසලා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් දැක්වූ සේක. පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං යන සම්ප්‍රදානපාඨයෙන් සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, මහද්ගත විපාක නවය ය, ඵලසිත් සතර ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක්වූ සේක.
“අනන්තරපච්චයෙන” යන කරණ පාඨයෙන් එක්වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යයශක්ති පස අතුරෙන් අනන්තර ශක්තියෙන් ප්‍රත්‍යය වීම දැක්වූ සේක. ඵලචිත්තයට පූර්‍වයෙහි උපදනා මාර්‍ගචිත්තය වේ නම් කර්‍ම ප්‍රත්‍යය සහිත වූ ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් -පෙ- දැක්වූ සේක.
“පුරිමාපුරිමා අකුසලා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් අන්තිම ජවන වර්ජිත ද්වාදශාකුශලජවන සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක.
“පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් ප්‍රථම ජවන වර්ජිත ද්වාදශාකුශල ජවන සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය දැක්වූ සේක.
නොහොත් “පුරිමාපුරිමා අකුසලා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් දොළොස් අකුසලයන් ගේ ද්විතීය ජවනයට ප්‍රත්‍යය වන ප්‍රථමජවනයය, -පෙ- සත් වන ජවනයට ප්‍රත්‍යය වන සවන ජවනය ය යන ප්‍රත්‍යය ධර්‍ම දැක්වූ සේක. පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ධම්මානං” යන සම්ප්‍රදානපාඨයෙන් ද්විතීයාදි අකුශල ජවන වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක්වූ සේක.
“අනන්තරපච්චයෙන” යන කරණපාඨයෙන් එක්වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසෙවන, නත්‍ථි, විගත යන ශක්ති සය අතුරෙන් අනන්තර සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාර වීම දැක්වූ සේක.
“පුරිමා පුරිමා අකුසලා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් දොළොස් අකුශල ජවනයන් ගේ අන්තිම ජවනයන් වූ ප්‍රත්‍යය ධර්‍මයන් දැක්වූ සේක.
“පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, මහග්ගතවිපාක නවය ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් දැක්වූ සේක.
නොහොත් “පුරිමාපුරිමා අකුසලා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් ලෝභමූල මෝහමූල ජවනයන් කෙරෙන් තදාරම්මණය වන කල්හි තදාරම්මණ එකොළොසට ද, තදාරම්මණය නො වන කල්හි භවාඞ්ග එකුන්විස්සට ද ප්‍රත්‍යය වන ලෝභමූල මෝහමූල අන්තිම ජවනයෝ ය, ද්වේෂමූලජවනය කෙරෙන් තදාරම්මණය වන කල්හි උපේක්‍ෂාතදාරම්මණ සයට ද නො වන කල්හි කාමඋපේක්‍ෂාභවාඞ්ග සයට ද ප්‍රත්‍යය වන ද්වේෂමූල ජවනය ය යන ප්‍රත්‍යයධර්‍මයන් දැක්වූ සේක.
“පච්ඡිමානංපච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, මහග්ගත විපාක නවය ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක්වූ සේක.
“අනන්තරපච්චයෙන” යන කරණපාඨයෙන් එක් වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යයශක්ති පස අතුරෙන් අනන්තර සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් උපකාර වීම දැක් වූ සේක.
“පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් අර්‍හන්තච්‍යුති වර්ජිත පූර්‍ව පූර්‍ව වූ විපාකසිත් සතිස ය, ක්‍රියාසිත් විස්ස ය යන ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක.
“පච්ඡිමානංපච්ඡිමානං” යනාදි සම්ප්‍රදානපාඨයෙන් අර්‍හන්ත ච්‍යුතිය සහිත වූ පශ්චිම පශ්චිම වූ විපාකසිත් සතිස ය ක්‍රියාසිත් විස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක් වූ සේක.
නොහොත් කර්‍තෘපාඨයෙන් ප්‍රථමභවාඞ්ග නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ද්විතීයාදී පශ්චිම පශ්චිම භවාඞ්ග නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ප්‍රථම භවාඞ්ගාදි පූර්‍ව පූර්‍ව භවාඞ්ග නාමස්කන්‍ධයෝ ය. ආවර්‍ජනද්වයයට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භවාඞ්ගුපච්ඡෙද පසළොස ය, මනෝද්වාරාවර්‍ජනයට ප්‍රත්‍යය වන අරූපභවාඞ්ගුපච්ඡෙද සතරය, පඤ්චවිඥානයන්ට ප්‍රත්‍යය වන පඤ්චද්වාරාවර්‍ජනය ය, සම්ප්‍රත්‍යේෂණයට ප්‍රත්‍යය වන පඤ්චවිඥානය ය, සන්තීරණයට ප්‍රත්‍යය වන සම්ප්‍රත්‍යේෂණය ය, ව්‍යවස්ථාපනයට ප්‍රත්‍යය වන සන්තීරණය ය, පරිත්තාරම්මණවීථිය වේ නම් ද්විතීය ව්‍යවස්ථාපනයට ප්‍රත්‍යය වන ප්‍රථම ව්‍යවස්ථාපනය ය, පඤ්චවෝකාරභවාඞ්ග පසළොසට ප්‍රත්‍යය වන ද්විතීය ව්‍යවස්ථාපනය ය, අතිමහන්තාරම්මණ මහන්තාරම්මණ විභූතාරම්මණ අවිභූතාරම්මණ වීථීන්හි හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථම ජවනයන්ට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්‍ජනයෝ ය, දෙවන ජවනයට ප්‍රත්‍යය වන පළමු වන ජවනය ය, -පෙ- සත්වන ජවනයට ප්‍රත්‍යය වන සවන ජවනය ය, හසිතෝත්පාද ජවනය කෙරෙන් තදාරම්මණය වන කල්හි සෝමනස්ස තදාරම්මණ පසට ද නො වන කල්හි පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ගනවයට ද ප්‍රත්‍යය වන හසිතෝත්පාද අන්තිම ජවනය ය, මහාක්‍රියා සෝමනස්ස සහගත මහා ක්‍රියා අන්තිම ජවනයෝ ය. මහා ක්‍රියා උපේක්‍ෂා ජවනයන් කෙරෙන් තදාරම්මණය වන කල්හි සෝමනස්සතදාරම්මණ සතරට ද නොවන කල්හි ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට ද ප්‍රත්‍යය වන සෝමනස්ස සහගත මහාක්‍රියා අන්තිම ජවනයෝ ය. මහාක්‍රියා උපේක්‍ෂා සහගත ජවනයන් කෙරෙන් තදාරම්මණය වන කල්හි උපේක්‍ෂාතදාරම්මණ සයට ද නො වන කල්හි ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට ද ප්‍රත්‍යය වන උපේක්‍ෂාසහගත මහාක්‍රියා අන්තිම ජවනයෝ ය, ද්විතීය තදාරම්මණයට ප්‍රත්‍යය වන ප්‍රථම තදාරම්මණය ය, කාමභවාඞ්ග දශයට ප්‍රත්‍යය වන ද්විතීය තදාරම්මණය ය, මහද්ගත ක්‍රියා සෝමනස්ස සහගත සිත් සතරට හා අර්‍හත්ඵල සෝමනස්ස සහගත සිත් සතරට ද ප්‍රත්‍යය වන ගෝත්‍රභූ අනුලෝම කෘත්‍යවත් මහාක්‍රියා ප්‍රථමද්වය ය, උපේක්‍ෂා සහගත මහද්ගත ක්‍රියා සතරට හා අර්‍හත්ඵල උපෙක්‍ෂාසහගත සිතට ද ප්‍රත්‍යය වන ගෝත්‍රභූ අනුලෝම කෘත්‍යවත් මහාක්‍රියා තෘතීය චිත්තද්වය ය, සමාපජ්ජන වීථින්හි පශ්චිමපශ්චිම මහද්ගත ක්‍රියා චිත්තයන්ට ප්‍රත්‍යය වන සමානජාතික පූර්‍ව පූර්‍ව මහද්ගත ක්‍රියා ජවනයෝ ය, පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට ප්‍රත්‍යය වන අන්තිම රූපාවචර ක්‍රියා ජවනයෝය, පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ගනවයට හා ආකාසානඤ්චායතන භවාඞ්ගයට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන ක්‍රියා අන්තිම ජවනය ය, පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට හා ආකාසානඤ්චායතන විඤ්ඤාණඤ්චායතන භවාඞ්ගයන්ට ද ප්‍රත්‍යය වන විඤ්ඤාණඤ්චායතන ක්‍රියා අන්තිම ජවනයය, පඤ්චවෝකාර ත්‍රිහේතුක භවාඞ්ග නවයට හා ආකාසානඤ්චායතන විඤ්ඤාණඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන භවාඞ්ගයන්ටද ප්‍රත්‍යයවන ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා අන්තිම ජවනය ය, ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට හා නිරෝධ සමාපත්තියෙන් නැඟීමේ දී උපදනා අර්‍හත්ඵලයට ද ප්‍රත්‍යය වන නේවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා අන්තිම ජවනය ය, පශ්චිම පශ්චිම ඵලචිත්තයන්ට ප්‍රත්‍යය වන සමානජාතික පූර්‍ව පූර්‍ව ඵල චිත්තයෝ ය, ත්‍රිහේතුක භවාඞ්ග තෙළෙසට ප්‍රත්‍යය වන අන්තිම ලෝකෝත්තර ඵල ජවනයෝ ය, මරණාසන්න කාලයෙහි තදාරම්මණයට අනතුරු ව ච්‍යුතිය වන කල්හි කාමච්‍යුති දශයට ප්‍රත්‍යය වන ද්විතීය තදාරම්මණය ය, ජවනයට අනතුරු ව ච්‍යුතිය වන කල්හි ත්‍රිහේතුක ච්‍යුතිතෙළෙසට ප්‍රත්‍යය වන මහාක්‍රියා පඤ්චම ජවනය ය, භවාඞ්ගයට අනතුරු ව ච්‍යුතිය වන කල්හි ච්‍යුති එකුන්විස්සට ප්‍රත්‍යය වන භවාඞ්ග එකුන්විස්ස ය, කාමප්‍රතිසන්‍ධි දශයට ප්‍රත්‍යය වන දුර්‍ගති අහේතුක ච්‍යුතිය ය, ප්‍රතිසන්‍ධි එකුන්විස්සට ප්‍රත්‍යය වන කාම ත්‍රිහේතුකච්‍යුති සතර ය, සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොසට ප්‍රත්‍යය වන රූපාවචරච්‍යුති පස ය, කාමත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි සතරට හා අරූප ප්‍රතිසන්‍ධි සතරට ද ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන ච්‍යුතිය ය, කාමත්‍රිහේතුකප්‍රතිසන්‍ධි සතරට හා විඤ්ඤාණඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධීන්ට ප්‍රත්‍යය වන විඤ්ඤාණඤ්චායතන චුතිය ය, කාමත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි සතරට හා ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධීන්ට ප්‍රත්‍යය වන ආකිඤ්චඤ්ඤායතන චුතිය ය, ත්‍රිහේතුක කාමප්‍රතිසන්‍ධි සතරට හා නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වන නේවසඤ්ඤානාසඤ්ඤායතන චුතිය ය යන ප්‍රත්‍යය ධර්‍ම දැක්වූ සේක. “පච්ඡිමානං පච්ඡිමානං” යනාදි සම්ප්‍රදානපාඨයෙන් අර්‍හනතච්‍යුතිය සහිත වූ පශ්චිමපශ්චිම විපාකසිත් සතිස ය ක්‍රියා සිත් විස්සය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක්වූ සේක.
“අනන්තරපච්චයෙන” යන කරණපාඨයෙන් පශ්චිමපශ්චිම විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අර්‍හන්තච්‍යුතියෙන් අන්‍ය වූ පූර්‍ව පූර්‍ව විපාක ක්‍රියාවෝ වෙත් නම්, එක්වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යශක්තිය අතුරෙන් අනන්තර සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් ද, පශ්චිම පශ්චිම ක්‍රියාජවන අටොළොසට ප්‍රත්‍යය වන අන්තිමජවන වර්ජිත පූර්‍ව පූර්‍ව අටළොස් ක්‍රියාජවනයෝ වෙත් නම්, ආසේවන ප්‍රත්‍යය ශක්තිය ද සහිත වූ ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් අනන්තර සඞ්ඛ්‍යාත ශක්තිවිශේෂයෙන් ප්‍රත්‍යය වීම ද දැක්වූ සේක.
“පුරිමාපුරිමා අබ්‍යාකතා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජන සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක. “පච්ඡිමානං -පෙ- ධම්මානං” යන සම්ප්‍රදානපාඨයෙන් මහාකුශල ප්‍රථම ජවනය වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය දැක්වූ සේක. “අනන්තර පච්චයෙන” යන කරණ පාඨයෙන් එක්වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් -පෙ- දැක්වූ සේක.
“පුරිමාපුරිමා අබ්‍යාකතා ධම්මා” යන කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජන සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය ධර්‍මය දැක්වූ සේක. “පච්ඡිමානං -පෙ- ධම්මානං” යන සම්ප්‍රදානපාඨයෙන් දොළොස් අකුශලයන් ගේ ප්‍රථම ජවන වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක් වූ සේක. “අනන්තර පච්චයෙන” යන කරණපාඨයෙන් එක්වර ලැබෙන අනන්තර. සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් -පෙ- දැක්වූ සේක.
“යෙසං යෙසං ධම්මානං” යන පාඨයෙන් අර්‍හන්තච්‍යුතියෙන් අන්‍ය වූ පූර්‍වපූර්‍ව වූ එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනසය යන ප්‍රත්‍යයධර්‍ම අනියමින් දැක් වූ සේක. “යෙ යෙ ධම්මා” යන පාඨයෙන් පශ්චිමපශ්චිම වූ එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනසය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම දැක් වූ සේක. “චිත්තචෙතසිකාධම්මා” යන පාඨයෙන් අනන්තර ප්‍රත්‍යයෝත්පන්න නාමස්කන්‍ධයන් ස්වරූප වශයෙන් දැක්වූ සේක. “තෙ තෙ ධම්මා” යන පාඨයෙන් “යෙසංයෙසං ධම්මානං” යන පාඨයෙන් අනියම වශයෙන් දැක්වුණු අර්‍හන්තච්‍යුතියෙන් අන්‍ය වූ පූර්‍වපූර්‍ව වූ එකුන්අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් නියම වශයෙන් දැක්වූ සේක. “තෙසංතෙසං ධම්මානං” යන සම්ප්‍රදාන පාඨයෙන් “යෙයෙ ධම්මා” යන පාඨයෙන් අනියමයෙන් දැක්වුණු අර්‍හනතච්‍යුතිය සහිත වූ පශ්චිමපශ්චිම සිත් එකුන් අනූව ය, චෛතසික දෙපනස ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන් නියම වශයෙන් දැක් වූ සේක.
“අනන්තර පච්චයෙන” යන කරණ පාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසෙවන, කම්ම, නත්‍ථි, විගත යන ශක්ති සත අතුරෙන් අනන්තර සඞ්ඛ්‍යාත ශක්ති විශේෂයෙන් උපකාර වීම දැක්වූ සේක.
නොහොත් “අනන්තරපච්චයෙන” යන කරණපාඨයෙන් අර්‍හන්තච්‍යුතිය සහිත වූ පශ්චිමපශ්චිම නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අර්‍හන්තච්‍යුතියෙන් අන්‍ය වූ පූර්‍වපූර්‍ව නාමස්කන්‍ධයෝ වෙත් නම් අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්තීන් අතුරෙන් -පෙ- ද, ප්‍රථම ජවන ඵල ජවන වර්ජිත පශ්චිම පශ්චිම එක්පනස් ජවනයන්ට ප්‍රත්‍යය වන අන්තිම ජවන වර්ජිත පූර්‍වපූර්‍ව වූ ලෞකික ජවන සත්සාළිස වේ නම් ආසේවන ශක්තිය ද සහිත වූ ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් -පෙ- උපකාර වීම ද, මාර්‍ගාන්තර ඵලයට ප්‍රත්‍යය වන චේතනාව වේ නම් කර්‍මශක්තිය සහිත වූ ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් -පෙ- උපකාර වීම ද, දැක්වූ සේක.
විශේෂ කරුණු:
“චක්ඛුවිඤ්ඤාණධාතු තංසම්පයුත්තකා ච ධම්මා” යනාදි පාඨයෙන් චක්ඛුවිඤ්ඤාණය සම්පටිච්ඡනයට ද සම්පටිච්ඡනය සන්තීරණයට ද ප්‍රත්‍යය වීම දැක්වූ සේක. මෙහි දී සන්තීරණය ව්‍යවස්ථාපනයට ද ව්‍යවස්ථාපනය ජවනයට ද ජවනය තදාරම්මණයට ද තදාරම්මණය භවාඞ්ගයට ද ප්‍රත්‍යය වීම දැක්විය යුතු වුව ද වුක්තනයින් ඒවා දත හැකි හෙයින් දේශනාව සංක්‍ෂේප කරන ලදි. “පුරිමාපුරිමා කුසලා ධම්මා” යනාදි නයෙහි ඒවා සඞ්ගෘහිත වන බැවින් හෝ දේශනාව සංක්‍ෂේප කරන ලදි. “තතො පරං වොට්ඨබ්බන ජවන තදාරම්මණ භවඞ්ග කිච්චා මනොවිඤ්ඤාණ ධාතුයො වත්තබ්බා සියුං, තා අවුත්තා පි ඉමිනා ච නයෙන වෙදිතබ්බාති නයං දස්සෙත්‍වා දෙසන සංඛිත්තා. පුරිමාපුරිමා කුසලා ධම්මා ති ආදිකෙ ඡට්ඨනයෙ තා සඞ්ගහිතා ති පි ඉධ න වුත්තා ති වෙදිතබ්බා” යනු අටුවා යි. සකල අනන්තර ප්‍රත්‍යයා ගේ ම සංක්‍ෂේප ලක්‍ෂණ දැක්වීම සඳහා “යෙසං යෙසං ධම්මානං” යනාදිය වදාරන ලදි. “යෙසංයෙසන්ති ඉදං සබ්බෙසම්පි අනන්තර පච්චය ධම්මානං සඞ්ඛෙප ලක්ඛණං” යනු අටුවා යි.