3. අධිපති මිශ්‍රකයේ සන්නය

star_outline

ආරම්මණ මිශ්‍රකවාරයට අනතුරුව අධිපති මිශ්‍රකවාරය වදාළ සේක. එ ද සභාග ඝටනා වසයෙන් දෙවැදෑරුම් වේ. එයින් සභාගවාරය පළමුකොට වදාළ සේක. එහි ද අධිපතිමූලක හේතුසභාගය, ආරම්මණ සභාගය, සහජාතසභාගය අඤ්ඤමඤ්ඤසභාගය, නිස්සයසභාගය, උපනිස්සයසභාගය, පුරෙජාතසභාගය, විපාක සභාගය, ආහාරසභාගය, ඉන්‍ද්‍රියසභාගය, මග්ගසභාගය, සම්පයුත්තසභාගය, විප්පයුත්තසභාගය, අත්‍ථිසභාගය, අවිගතසභාගය යි වාර පසළොසෙකි.

(1) එයින් අධිපතිමූලක හේතුසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය “අධිපතිපච්චයා හෙතුයා චත්තාරි”

(2) අධිපතිමූලක ආරම්මණසභාගයෙහි - සකල ආරම්මණාධිපති ප්‍රත්‍යය “අධිපතිපච්චයා ආරම්මණෙ සත්ත”

(3) සහජාතසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපතිප්‍රත්‍යය “අධිපතිපච්චයාසහජාතෙ සත්ත”

(4) අඤ්ඤමඤ්ඤ සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යය “අධිපතිපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි”

(5) නිස්සයසභාගයෙහි සකල සහජාතාධිපති ප්‍රත්‍යයධර්‍මයෝ ය, ගරුකොට අරමුණු කරන ලෝභමූලමරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් හෘදයවස්තුව වස්ත්‍වාරම්මණප්‍රත්‍යය යන මොවුහු - “අධිපති පච්චයා නිස්සයෙ අට්ඨ”

(6) උපනිස්සය සභාගයෙහි සකලාරම්මණෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ - “අධිපතිපච්චයා උපනිස්සයෙ සත්ත”

(7) පුරේජාතසභාගයෙහි ගරුකොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ඉෂ්ටනිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ධර්‍මයෝ - “අධිපතිපච්චයා පුරේජාතෙ එකං”

(8) විපාකසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි අධිපතිධර්‍ම සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපතිප්‍රත්‍යයධර්‍මයෝ - ‘අධිපතිපච්චයා විපාකෙ එකං”

(9) ආහාරසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතිය - “අධිපතිපච්චයා ආහාරෙ සත්ත”

(10) ඉන්‍ද්‍රියසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චිත්ත විරිය වීමංස යන අධිපතිධර්‍ම තුන අතුරෙන් එක් එක් ධර්‍මයක් වූ අධිපතිප්‍රත්‍යය - අධිපතිපච්චයා ඉන්‍ද්‍රියෙ සත්ත”

(11) මග්ගසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය - “අධිපතිපච්චයා මග්ගෙ සත්ත”

(12) සම්පයුක්තස්කන්‍ධයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ අධිපති ප්‍රත්‍යය “අධිපතිපච්චයා සම්පයුත්තෙ තීණි”

(13) විප්පයුත්ත සභාගයෙහි සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යයවන අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යය ගරුකොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය ය යන මොවුහු - “අධිපතිපච්චයා විප්පයුත්තෙ චත්තාරි” කුසලො අබ්‍යාකතස්ස, අකුසලො අබ්‍යාකතස්ස. අබ්‍යාකතො අබ්‍යාකතස්ස, අබ්‍යාකතො අකුසලස්ස යන වාර සතර ය.

(14) අත්‍ථිසභාගයෙහි සකල සහජාතාධිපතිප්‍රත්‍යය ය, ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යවන ගරු කළ යුතු වූ නිෂ්පන්නරූප අටළොස වූ ආරම්මණාධිපති ප්‍රත්‍යය ය යන මොවුහු “අධිපති පච්චයා අත්‍ථියා අට්ඨ”

(15) අධිපතිපච්චයා අවිගතෙ අට්ඨ -

අනු මාතෘකා
keyboard_arrow_rightඝටනාවාරයstar_outline