ඝටනාවාරය

star_outline

සභාගවාරයට අනතුරුව ඝටනා වාරය වදාළ සේක. එහි මිස්සක ඝටනා ය, පකිණ්ණකඝටනා ය, සහජාතඝටනා යයි ඝටනා තුන් කොටසක් ඇත්තේ ය. එයින් මිස්සකඝටනාවෝ පළමු කොට වදාරන ලදහ. අත්‍ථි අවිගතඝටනාව ය, සනිස්සයඝටනාව ය, සනිස්සය විප්පයුත්ත ඝටනාවය යි මිස්සකඝටනා තුනෙකි.

(1) එයින් අත්‍ථි අවිගත ඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපතිප්‍රත්‍යය ය, ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ඉෂ්ටනිෂ්පන්න රූප අටළොස වූ ආරම්මණාධිපතිප්‍රත්‍යය යන මොවුහු අධිපති ප්‍රත්‍යය ද අස්තිප්‍රත්‍යය ද අවිගත ප්‍රත්‍යය ද වෙති, එබැවින් ඒ ධර්‍මයෝ “අධිපති අත්‍ථි අවිගතන්ති අට්ඨ” යි වදාරන ලදහ. “අට්ඨ” යනු කුසලපදයෙහි වාර තුන ය. අකුසලපදයේ වාර තුන ය, අබ්‍යාකතො අබ්‍යාකතස්ස, අබ්‍යාකතො අකුසලස්ස යන දෙවාරය ය යන මොවුහු ය. පූර්‍වවාර සතෙහි සහජාතාධිපතිය ද අවසානවාරයෙහි ආරම්මණාධිපතිය ද ගත යුතු ය.

(2) සනිස්සය ඝටනාව මෙසේ ය. සකල සහජාතාධිපති ප්‍රත්‍යය, ගරුකොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය ය යන මොවුහු “අධිපති නිස්සය අත්‍ථි අවිගතන්ති අට්ඨ” වාර අට ඉහත කී පරිදි ය. අබ්‍යාකතො අකුසලස්ස යන වාරයෙහි ලෝභමූල මරණාසන්නජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු හෘදයවස්තුව ලැබේ. “වත්‍ථුං ගරුං කත්‍වා රාගො උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති” යි විභඞ්ගය උදුරනු.

(3) සනිස්සය විප්පයුත්ත ඝටනාව මෙසේ ය: සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අධිපතිධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපතිප්‍රත්‍යය, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්නජවනයට -පෙ- හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය ය යන මොවුහු “අධිපති නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති චත්තාරි” වාර සතර කුසලො අබ්‍යාකතස්ස, අකුසලො අබ්‍යාකතස්ස, අබ්‍යාකතො අබ්‍යාකතස්ස, අබ්‍යාකතො අකුසලස්ස යන වාරයෝ ය. අබ්‍යාකතො අකුසලස්ස යන වාරයට ගරු කළ යුතු හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය ගන්නේ ය,

මිශ්‍රකඝටනා නිමි

මිශ්‍රකඝටනාවන්ට අනතුරු ව ප්‍රකීර්‍ණකඝටනා වදාරන ලදහ. ආරම්මණ උපනිස්සය ඝටනාව ය, සපුරේජාත අත්‍ථි අවිගත ඝටනාව ය, සනිස්සය පුරේජාත විප්පයුත්ත අත්‍ති අවිගත ඝටනාව යයි ප්‍රකීර්‍ණක ඝටනා තුනෙකි.

(1) එයින් ආරම්මණ උපනිස්සය ඝටනාව මෙසේ ය: සකලාරම්මණාධිපතිප්‍රත්‍යය ධර්‍මයෝ- “අධිපති ආරම්මණ උපනිස්සයන්ති සත්ත.”

(2) සපුරේජාත අත්‍ථි අවිගත ඝටනාව මෙ සේ ය: ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු නිෂ්පන්නරූප අටළොස - “අධිපති ආරම්මණ උපනිස්සය පුරෙජාත අත්‍ථි අවිගතන්ති එකං.”

(3) සනිස්සය පුරේජාත විප්පයුත්ත ඝටනාව මෙසේ ය: ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්නජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපන් ගරු කළ යුතු හෘදය වස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය - අධිපති ආරම්මණ නිස්සය උපනිස්සය පුරෙජාත විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං.”

ප්‍රකීර්‍ණක ඝටනා තුන නිමි.

ප්‍රකීර්‍ණකඝටනාවන්ට අනතුරු ව සහජාතඝටනා වදාළ සේක. ඡන්‍දාධිපතිඝටනා ය, චිත්තාධිපතිඝටනා ය, විරියාධිපතිඝටනා ය, වීමංසාධිපතිඝටනා ය යි සහජාතඝටනා සතර කොටසෙකි. එයින් ඡන්‍දාධිපතිඝටනාවන් පළමු කොට වදාළ සේක. එහි ද අවිපාක සවිපාක වශයෙන් ඝටනා දෙ කොටසකි. එයින් අවිපාකඝටනා පළමු කොට වදාළ සේක. සබ්බට්ඨානිකඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව ය, සවිප්පයුත්තඝටනාව ය යි අවිපාක ඝටනා තුනෙකි.

(1) එයින් සබ්බට්ඨානිකඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඡන්‍දාධිපතිය - “අධිපති සහජාත නිස්සය අත්‍ථි අවිගතන්ති සත්ත.”

(2) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන ඡන්‍දාධිපති - “අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි.”

(3) සවිප්පයුත්ත ඝටනාව මෙසේ ය: සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඡන්‍දාධිපති “අධිපති සහජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි.” අවිපාකඝටනා තුන ය.

අවිපාකඝටනාවන්ට අනතුරු ව සවිපාකඝටනාවන් වදාළ සේක. සබ්බට්ඨානික ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤසම්පයුත්තඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව යයි සවිපාක ඝටනා තුනෙකි.

(4) එයින් සබ්බට්ඨානිකඝටනාව මෙසේ ය, සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි ඡන්‍දාධිපතිය, “අධිපති සහජාත නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං”

(5) සඅඤ්ඤමඤ්ඤඝටනාව මෙ සේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි ඡන්‍දාධිපතිය - “අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(6) සවිප්පයුත්තඝටනාව මෙ සේ ය. සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි ඡන්‍දාධිපතිය - අධිපති සහජාත නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” මේ සවිපාක ඝටනා තුන ය.

ඡන්‍දාධිපති ඝටනා සය නිමි.

ඡන්‍දාධිපතිඝටනාවන්ට අනතුරු ව චිත්තාධිපති ඝටනාවන් වදාළ සේක. එහි ද අවිපාක සවිපාක වශයෙන් ඝටනා දෙකොටසෙකි. එයින් අවිපාක ඝටනාවන් පළමුකොට වදාළ සේක. සබ්බට්ඨානික ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව ය යි අවිපාක ඝටනා තුනෙකි.

(1) එයින් සබ්බට්ඨානික ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතිය - “අධිපති සහජාත නිස්සය ආහාර ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති සත්ත”

(2) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍ය්‍ය වන චිත්තාධිපතිය අධිපතිසහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ආහාර ඉන්‍ද්‍රිය සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

(3) සවිප්පයුත්තඝටනාව මෙසේ ය. සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතිය - “අධිපති සහජාත නිස්සය ආහාර ඉන්‍ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි” මේ අවිපාක ඝටනා තුන ය,

අවිපාක ඝටනාවන්ට අනතුරු ව සවිපාක ඝටනාවන් වදාළ සේක. සබ්බට්ඨානික ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤසම්පයුත්ත ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව ය යි සවිපාක ඝටනා තුනෙකි.

(4) එයින් සබ්බට්ඨානික ඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතර වූ චිත්තාධිපතිය - “අධිපති සහජාත නිස්සය විපාක ආහාර ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති එකං”

(5) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙසේ ය: සම්පයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන ඵලසිත් සතර වූ චිත්තාධිපතිය - “අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර ඉන්‍ද්‍රිය සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(6) සවිප්පයුත්ත ඝටනාව මෙසේ ය. සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතර වූ චිත්තාධිපතිය - අධිපති සහජාත නිස්සය විපාක ආහාර ඉන්‍ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” මේ සවිපාක ඝටනා තුනය.

චිත්තාධිපති ඝටනා සය නිමි.

චිත්තාධිපතිඝටනාවන්ට අනතුරු ව විරියාධිපති ඝටනාවන් වදාළ සේක. එහි ද අවිපාක සවිපාක වශයෙන් ඝටනා දෙකොටසෙකි. එයින් අවිපාක ඝටනාවන් පළමු කොට වදාළ සේක. සබ්බට්ඨානික ඝටනාව ය. සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාවය සවිප්පයුත්ත ඝටනාවය යි අවිපාක ඝටනා තුනෙකි.

(1) එයින් සබ්බට්ඨානික ඝටනාව මෙසේ ය. සම්පයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන විරියාධිපතිය “අධිපති සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති සත්ත”

(2) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්තඝටනාව මෙ සේ ය. සම්පයුත්ත ස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන විරියාධිපති - “අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ඉන්‍ද්‍රිය මග්ග සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

(3) සවිප්පයුත්තඝටනාව මෙ සේ ය. සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන විරියාධිපතිය - “අධිපති සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි” මේ අවිපාක ඝටනා තුන ය.

අවිපාකඝටනාවන්ට අනතුරු ව සවිපාක ඝටනාවන් වදාළ සේක. සබ්බට්ඨානිකඝටනාව ය සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාවය, සවිප්පයුත්තඝටනාව ය යි සවිපාකඝටනා තුනෙකි.

(4) එයින් සබ්බට්ඨානිකඝටනාව මෙ සේ ය. සම්පයුක්තස්කන්‍ධ සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි විරියාධිපතිය - “අධිපති සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති එකං”

(5) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්තඝටනාව මෙසේ ය. සම්පයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි විරියාධිපතිය - “අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(6) සවිප්පයුත්තඝටනාව මෙසේ ය. සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි විරියාධිපති ය “අධිපති සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” මේ අවිපාක ඝටනා තුන ය.

විරියාධිපති ඝටනා සය නිමි.

විරියාධිපතිඝටනාවන්ට අනතුරු ව වීමංසාධිපතිඝටනාවන් වදාළ සේක. එයද අවිපාකඝටනා සවිපාකඝටනා වශයෙන් දෙකොටසකි. එයින් අවිපාකඝටනාවන් පළමු කොට වදාළ සේක. සබ්බට්ඨානිකඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව ය සවිප්පයත්ත ඝටනාව යයි අවිපාක ඝටනා තුනෙකි.

(1) එයින් සබ්බට්ඨානික ඝටනාව මෙ සේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය “අධිපති හෙතු සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති චත්තාරි,”

(2) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය - “අධිපති හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ඉන්‍ද්‍රිය මග්ග සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති ද්වෙ”

(3) සවිප්පයුත්තඝටනාව මෙ සේ ය: සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය - “අධිපති හෙතු සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති ද්වෙ” මේ අවිපාක ඝටනා තුනය.

සබ්බට්ඨානිකඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව යයි සවිපාකඝටනා තුනෙකි.

(4) එයින් සබ්බට්ඨානික ඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි වීමංසාධිපතිය - “අධිපති හෙතු සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති එකං”

(5) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්තඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි වීමංසාධිපතිය - “අධිපති හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති එකං”

(6) සවිප්පයුත්තඝටනාව මෙ සේ ය: සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි වීමංසාධිපතිය - “අධිපති හෙතු සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” මේ සවිපාක ඝටනා තුන ය.

වීමංසාධිපති ඝටනා සය නිමි.

මෙහි සභාග පසළොසෙකි. මිශ්‍රකඝටනා තුන ය. ප්‍රකීර්‍ණක ඝටනා තුන ය. සහජාත ඝටනා සූවිස්සය යි ඝටනා තිසෙකි.