මග්ගමිස්සකයට අනතුරුව සම්පයුත්ත මිස්සකය වදාළ සේක. එද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එහි සම්පයුත්ත මූලක හේතුසභාගය ය, අධිපතිසභාගය ය, සහජාතසභාගය ය, අඤ්ඤමඤ්ඤසභාගය ය, නිස්සයසභාගය ය, කම්මසභාගය ය, විපාකසභාගය ය, ආහාරසභාගය ය, ඉන්‍ද්‍රියසභාගය ය, ඣානසභාගය ය, මග්ගසභාගය ය, අත්‍ථිසභාගය ය, අවිගතසභාගය ය යයි සභාගවාර තෙළෙසකි.
1. එයින් සම්පයුත්තමූලක හේතුසභාගයෙහි සම්ප්‍රයුත්ත ස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන හේතු සය - “සම්පයුත්ත පච්චයා හෙතුයා තීණි”
2. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ අධිපති ප්‍රත්‍යය - “සම්පයුත්ත පච්චයා අධිපතියා තීණි”
3. සහජාත සභාගයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ - “සම්පයුත්තපච්චයා සහජාතෙ තීණි” 4. 5. අඤ්ඤමඤ්ඤ නිස්සය සභාග දෙක ද එසේය.
6. කම්මසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන චේතනාව - “සම්පයුත්තපච්චයා කම්මෙ තීණි” 7. විපාකසභාගයෙහි ඔවුනොවුන්ට ම ප්‍රත්‍යය වන විපාකනාමස්කන්‍ධයෝ “සම්පයුත්තපච්චයා විපාකෙ එකං” 8. ආහාරසභාගයෙහි සම්පයුත්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන නාමාහාර තුන “සම්පයුත්ත පච්චයා ආහාරෙ තීණි” 9. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට - “සම්පයුත්තපච්චයා ඉන්‍ද්‍රියෙ තීණි” 10. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග පස “සම්ප්‍රයුක්ත පච්චයා ඣානෙ තීණි”
11. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ග නවය “සම්පයුත්තපච්චයා මග්ගෙ තීණි” 12. 13. අත්‍ථි අවිගත දෙක සහජාතය මෙනි. “තීණි”
ඝටනා
මග්ගමිස්සකයෙහි අවිපාක සවිපාක වශයෙන් ඝටනා දෙකකි. ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ “සම්පයුත්ත සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්‍ථි අවිගතන්ති තීණි” සවිපාක ඝටනාවෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ “සම්පයුත්ත සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං”